සෝලා පැනල් ගේන්ට පෙර:
ඇයි යකුනේ අපේ දේශපාලුවොන්ට මේවා ගෙන්නගන්න බැරි.
හැත්තෑ හතර වසරක් රට කාපු එකේ ප්‍රතිඵල තමා අපි මේ භුක්ති විඳින්නේ.
අනේ, දැන්වත් ඉන්ජිනේරුවනි! රට ගොඩ දාපල්ලා!
මේ දේශපාලු හැතිකරෙන් රට ගලවපල්ලා!
සෝලා පැනල් ගෙනාවට පස්සේ:
බුදාම්මෝ! මෙන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් එනෝ!
ස්පාඤඤයේ කුණු මෙහෙට අරන් එනෝ!
උන් මේක කරන්නේ මචන්, මෙහෙමයි මචන්,
ලංකාවේ තියෙන භූ දේශපාලනික වැදගත්කම හන්දයි මචන්, හරිද?
කතෝලික පල්ලිය මචන්, හරිද මචන්, මේක පිටිපස්සේ ඉන්නවා, හරිද මචන්!
ඒ හන්දම තමයි මචන්, කතෝලික රටක් මචන්, මේකට සම්බන්ධ වෙන්නේ, හරිද මචන්!
කොටින්ම අපේ වාර්තා අනුව මචන්, හරිද මචන්, මේකෙන් ඇමතිට 25%ක කොමිස් කුට්ටියක් යනවා, මචන්!
අනික මචන්, ඔය ගිවිසුමට අනුව මචන්, හරිද මචන්, උන්ට සල්ලි ගෙවන්නත් ඕනිලු, මචන්!
මොකටද බං, මේවා කුණුකොල්ලෙට දෙන්නේ, අපි මචන් මේවා පිනට ගත්ත නම් ඉවරනේ, මචන්!
කොහොමත් මචන්, අපේ ආණ්ඩුවක් ආවම මචන් අපි දූෂණය සීරෝ කරනවා, හරිද මචන්!
ටිපිකල් ගොන් වේස බයි අනාථ සිංහලු!




