Must Read: ලක්ෂ තුනක් අතට දීලා ගහන අමුතු ගේම් මේවා

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
Must Read: ලක්ෂ තුනක් අතට දීලා ගහන අමුතු ගේම් මේවා

නියර මිටි තැනින් වතුර යනවා කියන එක සදාතනික සත්‍යයක්. එයට මිනිස් ජීවිතවලට කොයිතරම් සමීපද කියල හිතෙන්නෙ එදා ඉඳල අද දක්වාම සමාජයේ සිදුවෙලා තියෙන, සිදුවෙමින් පවතින එවැනි බොහෝ දේවල් ගැන සොයල බලපුවාම.


අපේ මුතුන් මිත්තන්ගේ කාලෙ ඉඳලම ඒ ප්‍රසතාපිරුළ සමාජ ගත වෙලා තියෙන්නේ අනාදිමත් කාලෙක ඉඳලම ලොකු මිනිස්සු කරපු වැරැදි පොඩි මිනිසුන්ගේ පිටින් යන්න ඇති. නිවැරැදිකාරයෝ, වැරැදිකාරයෝ වෙන්න ඇති. බිලිවෙන්න ඇති. අදටත් මේක සිදුවෙනවා මේ රටේ හැම තැනම එක එක ස්වරූපයෙන්. එක එක විදියට. ඒ හැම බිලි වීමක්ම වෙන්නේ දිළිඳුකම් නිසා.


මේ වන විට පවුල් සංස්ථාවන් අඩපණ කරන විශාල මානසික හා ශාරීරික ප්‍රශ්නයක් ලෙසින් ඇතැම් ගම් පළාත් ගිලගෙන තියෙන දෙයක් තමයි වකුගඩු රෝගී තත්ත්වය. එම රෝගය ගිලගෙන තියෙන්නේත් බහුතරයක් දුප්පත් මිනිසුන්ගේ දිළිඳු ජීවිත. ගමට යන්න හරිහමන් පාරක්, පාලමක් නැතිකමින් සැතපුම් ගණන් පයින් යමින් දුක්විඳින මිනිස්සු. කුඹුරක්, හේනක් ගංවතුරකට අහුවෙලා හරි නියඟයකට හරි පාළුවෙලා ගියාම ඒ වෙනුවෙන් වන්දියක් ගෙවනව නම් ඒක ලබා ගන්න ආණ්ඩුවේ කන්තෝරු ගානේ හත් අට සැරේ ගිහින් නොලැබුණාම ආයෙමත් ඒ නිලධාරීන් ළඟට යන්න ගැමියන් තුළ ඇතිවන ලැජ්ජාව නිසාම ඒ දෙනව කියපු දේවල් සේරම හිතින් අත්ඇරල ආයෙත් කොහොම කොහොම හරි ගැටගහගෙන බතක් බුලතක් කරන්න හදන්නෙත් ඒ දුප්පත් මිනිස්සුමයි.


බොරු කියල, රවට්ටලා තියෙන කෙනෙක් ආවාම ආයෙ මොකක් හරි බොරුවක් කියල යවන්න පුරුදු වෙලා ඉන්න අය ඒ දේ කරන්නේ මොන තරම් අපහසුවකින්ද කියලා තේරුම් අරගෙන තම අභිමානය රැකගෙන අනුන් දෙන වන්දි තව තවත් ගන්න නොගිය දුප්පත් මිනිස්සු ඕන තරම් හිටියා අපේ ගම්වල. ඔවුන්ට තිබුණා පවුල්වල හොඳ බැඳීමක්. අම්මා, තාත්තා, දුව, පුතා, නැන්දා, ලේලි ඔය සේරම අතර තිබුණා හොඳ බැඳීමක්. ඔවුන්ගෙන් එකිනෙකට ලැබුණා හොඳ ආරක්ෂාවක්. මරණයක්, දුකක්, කරදරයක් වුණාම අසල්වාසීන් අතර ලොකු අත්වැල් බැඳ ගැනීමක් තිබුණා.


ඒත් ඒ සියලු දේ මේ කාලවකවානුවේ මහා අවාසනාවන්ත විදියට ශීඝ්‍රයෙන් විනාශ වෙන්න අරගෙන. නියර මිටි තැනින් වතුර යනවා කීවා සේම එක කාලයක් අධික ලාබ ලැබූ මූල්‍ය සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ඔවුන්ගේ ලාභය අඩුවී ගෙන එනකොට එයට පිළියමක් ලෙස ගම්මාන ආක්‍රමණය කරන්න අරගෙන. එදිනෙදා වේල කරදරයක් නැතිව හොයාගෙන කාලා දරුවන්ට උගන්වමින් සිටින පවුල් හොයාගෙන ණය දෙන ආයතනවල නියෝජිතයන් ගම්වල පෝලිම් ගැහිල බලෙන් වගේ ණය දෙන්න අරගෙන.


ගෙදරටම ඇවිල්ල ණය මුදලක් දෙන්න හදනකොට දෙවරක් හිතල ඒක නොගෙන ඉන්නේ බොහොම ටික දෙනෙක්. ඒත් හොඳට දුක් මහන්සිවෙලා දඟලලා දවසට, සතියට කීයක් හරි ජීවත් වෙන්න පුළුවන් මුදලක් උපයපු මිනිස්සු ඒ බලෙන් පැටවූ ණය මුදල් අරගෙන නන්නත්තාර වෙලා. නන්නත්තාර වෙලා කියන්නේ ඇතැම් සැමියන්ට අඹුවන් නැති වෙලා. දරුවන්ට අම්මල නැති වෙලා. පවුල් ආරවුල් ඇති වෙලා. දරුවන්ට උගන්න ගන්න බැරි වෙලා. ඔළුව හොඳින් තියාගෙන කරමින් හිටපු රස්සාව නිදහසේ හරි හැටි කරගෙන යන්න බැරි මානසික තත්ත්වයක් උදාවෙලා. කොටින්ම කියනවා නම් ඒ වාගේ දෙයක් සිදුවෙමින් මෙන්න ගම විනාශ වෙනවා, විනාශ කරනවා කියල රටට හඬගා කියන්න අයෙක්වත් ඒ ගම්වල ඉතිරි වෙලා නැති තරම්. ඒත් මේ වගේ ව්‍යසනයක් ගැන හොයල බලන්න වාර්තා කරන්න එක ගමකට රජයේ පඩි ලබන නිලධාරීන් හතර දෙනකු හිටියත් පන්සල්, පල්ලි, කෝවිල් තුළ පූජ්‍ය, පූජක පක්ෂය කොයිතරම් සිටියත් අද දවසේ මේ විනාශ වෙන්නේ තමන්ට දාන, මාන ටික දෙන එහෙම නැත්නම් තමන්ගෙන් නිති රැකවරණ බලාපොරොත්තුවෙන් වැන්ද, පිදුව මිනිස්සු නේද කියලා හිතලවත් මේ විනාශය නතර කරන්න කට අරින කෙනෙක් නෑ කියලා මේ කරදරයට පත්වෙලා කට ඇරගන්න බැරිව ගෙයි මුල්ලට රිංගගෙන හොරෙන් එළිය දිහා බලාගෙන ඉන්න මිනිස්සු එහෙන් මෙහෙන් කසු කුසු ගානවා. ඒ එහෙන් මෙහෙන් කියන ටික විතරයි මේ එළියට එන්නේ.


ඒ අන්දමට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන එක් පැත්තකින් ගමේ යමක් කමක් කරගෙන නැඟිටීමට උත්සාහ කරමින් හිටපු මිනිසුන් ටික විනාශ කරමින් යන කොට තවත් පිරිසක් ගම්වල සිටින අන්ත අසරණ දුගී බවේ පතුලටම වැටී සිටින පිරිස් සොයා ගම් පීරමින් සිටිනවා තවත් ලොකු පිපාසාවකින්.
ඒ ලේ බොන්නන් කියන විදියට ඔවුන් මේ කරන්න යන්නේ උදව්වක්, උපකාරයක්. ඒ සඳහා ගමේ ඉන්න දුප්පත් දරු පවුල් තෝරා ගන්න ඔවුන් ළඟ ඉන්නවා තැරැව්කාරයෝ, තැරැව්කාරයෝ කියන්නේ ගම ඇතුළේ ඇවිදලා මනිබඩු විකුණන අය. රෙදිමිටිකාරයෝ. එහෙම නැත්නම් පරණ බඩු එකතු කරන අය. ඒ අයගේ මාර්ගයෙන් හොයා ගන්නවා ඔවුන්ගෙන් උදවු උපකාර ලැබිය යුතුම පවුල්.


එහෙම නැත්නම් ඔවුන් සඳහා තවත් මිනුම් දඬු භාවිත කරනවා. ගමේ පාසල ළඟ දවස් දෙක තුනක් හිටපුවාම අසරණ විදියට ඇඳුම් ඇඳගෙන එන දරුවෝ හොයා ගන්න පුළුවන්. එයාලගේ මාර්ගයෙන් ගෙදර හොයාගෙන යනවා. එහෙම නැත්තනම් බාර් එකේ, රා තැබෑරුමේ හරි කසිප්පු තිප්පොළේ හරි ගමේ තියෙන එයින් එක තැනක ඉන්නකොට අර වගේම දවස් දෙක තුනක්, ඕන කරන පවුල හොයා ගන්න එක අපහසු වෙන්නෙ නෑ කියල එයාලට උදව් කරන්න එන අය දන්නවා.
උදේ ඉඳන් කාගේ හරි කෙනකුගේ කුලියක් මලියක් කරලා හම්බකර ගත්තු පනම් හතරටම බීල නැති නාස්ති කරල දාල ගෙවල්, ‍ෙදාරවල්වලට බඩගාගෙන යන මිනිස්සු. ඒ අය ඒ විදියට දවස් දෙක තුනක් දැක්කාම යාළුකමක් ගොඩනඟා ගන්නේ මේ අය අත්දැකීමෙන් දන්නවා ඒ ගෙදර තියෙන අගහිඟකම් කොච්චරද කියන එක.
මේ උදවු කරන්න ගෙදරට එන මනුස්සයා කතා කරන්නේ බොහොම කරුණාවෙන්. මේ දුක්විඳින දරු පවුල ගැන පපුව පුරවා ගත්තු කැකෑරෙන දුකකින්.
ඔයගොල්ලෝ කොයි තරම් දුක් මහන්සි වුණත් ඔය විදියට රස්සාවල් කරලා කවදා මේ කටුමැටි ගේ කපරාදු කරල හදාගන්නද. මේ දරුවෝ දෙතුන්දෙනා කවද හරි ලොකු වෙලා රස්සාවක් කරන කල් ඉතින් මේ පැලේම තමයි. අනෙක් එක මේ දරුවෝ කොච්චර ඉගෙන ගන්න දක්ෂ වුණත් කලට වේලාවට පන්තියකට යවල උගන්වන්න පුළුවන්කමක් තියෙනවද? හරියට පොතක් පතක් අරගෙන දෙන්න තියෙනවද. නෑනේ.


අන්තිමට ඒ දරුවන්ට වෙන්නෙත් ඔයාලා මේ එදා වේල ජීවත් වෙන්න මොකක් හරි රස්සාවක් කරනව වගේ කාගේ හරි කුලීකාරයෙක් හැටියට රස්සාව කරන්න. ඒ දරුවොත් සදාකාලික දුකේ. මේ දුක නැති වෙන්නනම් ස්වීප් එකක් වැටෙන්න ඕන. නැත්තන් මැණිකක් හම්බ වෙන්න ඕන. එව්ව ඉතින් හීන විතරයි. ඒ හින්ද ඒ අය සූදානම් ඔයාලට උදවු කරන්න. මෙහෙම දුක් විඳ විඳ ජීවත් වෙන්න එපා. රට රස්සාවකට ගිහින් සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් සැප විඳින්න. ඒ කියන්නේ මේ නංගි රට යන්න සූදානම් නම් අපි ලෑස්තියි උදවු කරන්න. රට ගියේ නැතිව මෙහෙ හිටියොත් මේ ජීවිත කාලෙටම දියුණු වෙන්න ලැබෙන්නෙ නෑ. ගෙයක් ‍ෙදාරක් හදාගන්ඩ ලැබෙන්නෙ නෑ.
ඔයාලට ශත පහක්වත් වියදම් යන්නෙ නෑ. අපි සේරම කරල දෙන්නම්. ඕන කරන්නේ මේ නංගිගේ කැමැත්ත විතරයි කියල දරුවන්ගේ අම්මව පෙන්වනව නිකම් නෙවේ මෙයා ප්ලේන් එකට ගොඩවුණු ගමන් අපි තාත්තගේ අතට ලක්ෂ තුන හතරක් දෙනවා.
ලක්ෂ තුනහමාරක් අතට දෙනව කියපු ගමන් කිසිම අවධානයකින් තොරව වුවමනාවක් නැතිව ඔහේ කන්දීගෙන හිටපු කෙනකුගේ වුණත් කන යනව ඒ කතාවට. ලක්ෂ තුනහමාරක් එක සැරේ අතට නිකම් දෙනව කියන්නේ කොයි තරම් දෙයක්ද. මේ වගේ අසරණ දිළිඳු පවුලකට කොයි තරම් දේවල් කර ගන්න පුළුවන් මුදලක්ද ඒක.
එහෙම කිව්වත් දරුවෝ ඉන්න සමහර අම්මල ඒ විදියට රට යන්න කැමැති වෙන්නෙ නෑ. ඒත් බේබදු තාත්තල ඉන්න පවුල් මෙයාලගේ ඉලක්කය වෙලා තියෙන හින්දා ඒ තාත්තා කැමැති කර ගන්න එක බොහොම පහසුවෙන් කර ගන්න පුළුවන් කියල දන්න එයාල දරුවන්ගේ අම්මා එක්ක තනියෙන් කතා කර ගන්න අවස්ථාවක් ලබා ගන්නව.


දරුවෝ තනි කරල යන්න අකැමැත්ත නිසා රට යෑමක් ගැන කිසිම දවසක නොහිතන අම්ම කෙනකුගේ වුණත් අදහස් වෙනස් කරවන්න පුළුවන් තරමේ කතාවට දක්ෂයෝ තමයි මේ ඉන්නේ.
විනාඩි දහයක් ඒ අම්ම එක්ක කතා කරනකොට මේ ලෝකේ සුරලොවක් මේ දරු පවුල වෙනුවෙන් මවල පෙන්වනව. ඒ හින්දම දරුවන්ගේ මවගෙන් ඉවත් වෙන කොට ඇය රට යන්න කැමැත්ත දීල ඉවරයි.
ඒ වචනේ ආව ගමන් ඉතිරි වැඩටික දුවල, පැනල කරන්නේ මේ රට යැවීමෙන් උදව් කිරීමට සැදී පැහැදී සිටින පිරිසමයි. කුඩා දරුපැටව් ඉන්නව කියන එක ඔවුන්ගේ ලියකියවිලි හදන්න බාධාවක් නෙවෙයි. මේ යවන්නේ සංචාරක වීසාවලින්. බය වෙන්න දෙයක් නෑ. එහෙ රටට ගියාට පස්සේ බය වෙන්න දෙයක් නෑ. අපි සේරම බලාගන්නම් කියන එක තමයි මෙයාල කියන්නේ.


ඒ පාස්පෝට් හැදීමේ කටයුතු සිදුවෙන අතරතුර දෙතුන් වතාවක්වත් මෙම නිවෙසට එයාම යනව. බොහොම හිතවත් වෙනව. ගෙදර ඒ තාත්තට ටිකක් වැඩිපුරත් එක්ක සලකනවා. ඒ හැම දෙයක්ම කරමින් අවසන් මොහොතේ බෑ කියන දෙයක් ඇති නොවන අන්දමට ඒ දරු පවුලේ අයගේ හිත දිනාගන්නවා. විශේෂයෙන් ඒ රට රැකියාවකට යන්න කැමැතිවෙලා ඉන්න මවගේ.
සති දෙකක කාලයක් ගත වෙන්නෙත් බොහොම කලාතුරකින්. ඒ තරම් ඉක්මනට පාස්පෝට් හදාගෙන වීසා අරගෙන රට රැකියාවට පිටත් වෙන දිනය උදාකර ගන්නවා. ඒ අය මුල ඉඳලම කියන දෙයක් තමයි ගමේ ඉන්න ඥාතීන්, අසල්වාසීන් වගේ අයගෙන් පුළුවන් තරම් මේ රට යන ගමන පිටත් වෙනකම් හංගාගෙන ඉන්න කියන එක.


ඒ විදියටම වුණාම රට යන්න තියෙන දවසට ඉස්සරවෙනිදා ඒ අයම වෑන් එකක් අරගෙන එනවා. අම්මා පමණයි රට යන්නේ, වුණාට තාත්තයි ඉන්න දරුවෝ ටිකයි සේරමත් වෑන් එකට ගොඩකරවාගෙන ගුවන් තොටුපොළට එක්කගෙන යනව.
කියපු විදියට මෙතෙක් කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නෑ. ඇය නැඟි ගුවන් යානය ගුවන් ගත වුණාට පස්සේ කට්ටිය ආපසු ගෙදර ඇවිත් ගෙදරටම ඇරලවන එක සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින්. හුඟක් වෙලාවට වෙන්නේ ළඟම උප නගරයෙන් බස්සවලා කියනවා ත්‍රීවීල් එකක් අරගෙන ගෙදර යන්න කියල. ඒ තත්ත්වයට පත්වෙන්න මූලිකම හේතුව වෙන්නේ උදේ වෑන් එක පිටත් වෙන සන්තෝෂය ඒ දරු පවුල අතර නැතිකම. විශේෂයෙන්ම දරුවන්ගේ තාත්තගේ.
දුප්පත් ඔහුගේ සිතේ තියෙන්නෙම බිරිය ගුවන් යානෙන් පිටත් වූ ගමන්ම අතට දෙනවා කියපු ලක්ෂ තුනහමාර සමහර අය ගුවන් තොටුපොළෙන් එළියට එනකොටම ඒ සල්ලි ඉල්ලනවා. සමහර අය ගේ ළඟට එනකම් දැන් දෙයි දැන් දෙයි කියලා හිතමින් දත කාගෙනම එනවා.
කොහොම වුණත් වෑන් එකෙන් බහින්න පෙර ඒ ගනුදෙනුව පටන් ගන්නව. සමහර තාත්තලාගේ අතට ලැබෙන්නේ රුපියල් තිස්දාහයි, තිස්පන්දාහයි, හතළිස්දාහයි. කොහොම වුණත් පනස්දාහට අඩු ගාණක්.


ඇයි මේ කියල අහනකොට ඔවුන් පෙන්වන්නේ මුදල් වැය කරපු ලිස්ට් එකක්. ඒ කියන්නේ පාස්පෝට් හදන්න ගිය වියදමේ ඉඳලම එක එක අවස්ථාවල ගන්න වෙච්ච හොර සහතික සහ ගමන පිටත් වෙන තැනට වෙනකම් කරපු වියදම් විස්තරය. කොටින්ම කියනවානම් ඇය ගුවන් තොටුපොළට කැඳවාගෙන යෑමට ගෙනා මෙම කුලී වෑන් රථයේ හයර් එකත් ඒකට ඇතුළත් වෙනවා.
'ඔයාට පේනවනේ, මෙච්චර වියදමක් ගියානේ අපිට මෙයාගේ රට යවන වැඩේ කරන්න. එව්ව වියදම් කෙරුවෙ ඔයාට දෙනව කියපු ලක්ෂ තුනහමාරෙන් තමයි' කිව්වාම කොයි තරම් සන්ඩු සරුවල් වුණත් තර්ක කෙරුවත් පළක් නෑ. ඒ මුදල ඇරෙන්න වෙන සතපහක් ලැබෙන්නේ නෑ.
ඊට පස්සේ මේ දරු පවුලේ අය බලාගෙන ඉන්නේ අම්මා මාස්පතා හරි මුදලක් එවයි කියල. ඒත් එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ වෙනුවට ඇතැම් කාන්තාවන් කතා කරල කියන්නේ මේගොල්ලෝ ඒ රටේ අපි එක තැනක තියාගෙන එක එක ගෙවල්වල වැඩට දවස ගානේ අපි යවල ඒ අය එයාලගෙන් සල්ලි ගන්නවා කියන එක. ඒ කියන්නේ මිනිස් වෙළෙ¼දාමක් සිදුවෙනව කියන එක.


කොච්චර වැඩ කෙරුවත් ඒ කාන්තාවගේ අතට වැටුපක් ලැබෙන්නේ නෑ. ඒ වැඩ කරන තැනින් කන්න, බොන්න ටිකක් ලැබෙයි. ඒ හින්දම ඔවුන් දවස පුරා මරවලා පුළුවන් උපරිමයෙන් වැඩ ගන්නවා දවසට ගෙවීම කරන හින්ද.
මේ දුක ගෙවල්වල අසරණ දරු පවුලට දැකගන්න ලැබුණාම ඔවුන් කතා කරන්නේ අර ගෙදරට මුලින්ම ආපු තැරැව්කාරයාට. එයා රැස් පොරොස් දාලා හයියෙන් කතා කරොත් සමහරු නිහඬ වෙනව කිසි දෙයක් කරකියා ගත නොහැකි කමින්. පුළුවන්කම තියෙන සමහරු ඉන් එහාට ටිකක් යනව. රට යවපු ඒජන්සිකරුවා ළඟට යනකල්. දෙතුන් පාරක් බොරු කියල මඟඇරල බැරිම තැන වධයක්, කරදරයක් වගේම එනපොට හොඳ නෑ කියල දැන ගත්තාම ඒ අය කියන්නේ රට යවන්න කලින් දුන්න ලක්ෂ තුනහමාර ආපසු ගෙවන්න කියල.


මේ හේතුව හින්දත් මේ වෙනකොට අන්ත අසරණ දුප්පත් දරු පවුල් කඳුළු ගංගාවල ගිලිල ඉන්නේ. දැන උගත්කම් තියෙන කවුරු හරි කෙනෙක් ඒ පවුල්වල හිටියොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කරල පත්තරවල දාපුවාම එක්කෙනෙක් දෙන්නෙක් ආපසු ලංකාවට එවනව. ඒත් මේ වෙනකොටත් ඒ වහල් වෙළෙ¼දාම වැනි මිනිස් වෙළෙ¼දාමට සුදුසු තරුණ හා මැදිවියේ කාන්තාවන් සොයමින් ගම් නියම්ගම් සැරිසරන කට්ටිය ඉන්නව.


මේ අසාධාරණකම් සොයන්න, බලන්න, සොයා බලල ඒවාට පිළියම් යොදන්න වගකීම් භාර දීල තියෙන රජයෙන් පඩි ලබන නෝනා මහත්තුරු සමහරකගේ සාක්කුත් මේ සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ මිනිස් වෙළෙ¼දාමෙන් උපයා ගන්නා සල්ලිවලින් පිරී යනවා කියන එක සමහර තැන්වලදී ඔප්පුවෙලා තියෙනව.
සංචාරක වීසා උපයෝගී කරගෙන තරුණ මවුවරුන්ගෙ මේ විදියට රැකියාවලට පිටරට යැවීම බොහෝ විට සිදු වුණාත් ඒ අවුරුදු පහට වඩා වයසින් අඩු කුඩා දරුවන් සිටින මවුවරුන්ට රට රැකියාවන් සඳහා යැවීමට අවශ්‍ය සහතික කොයි කොහොම අන්දමින් ලැබෙනවද, ලබා ගන්නවාද යන්න සොයා බැලිය යුතුම දෙයක් වෙලා තියෙන්නේ මේ සඳහා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සමහර නිලධාරීන්ගේ උදවු උපකාරද මෙම වංචනික ක්‍රියාවලියට උපකාර වී ඇතැයි හෙළිවන, කියැවෙන නිසාවෙන්.


කොහොම වුණත් පසුගිය දවසක ගලේවෙල ප්‍රදේශයේ පමණක් මේ විදියට රට රැකියාවලට ගොස් කරදරයට පත්ව සිටින මවුවරුන්ගේ පවුල් 36ක් සිටින බව පුවත්පතක වාර්තාවෙලා තිබුණා. ඒ කවුරු හරි මේ දේ මාධ්‍යයට හා රටට කියන්න ඕනෑ කියලා හිතපු කෙනෙක් කාගේ හෝ වාසනාවට ඒ පවුල් අතර සිට ඇති නිසා.
එහෙත් සත්‍ය තත්ත්වය නම් මෙය රට පුරාම අද මහාපරිමාණ වශයෙන් ක්‍රියාත්මක වන දෙයක්. එකක් අද ඊයේ පටන් ගත් දෙයක් නෙවෙයි. මාස කීපයක සිට කෙරෙන දෙයක්. මිනිස් වෙළෙ¼දාමෙන් සල්ලි උල්පතක් හදාගෙන තිබෙන පාපතරයන් පිරිසකගේ සංවිධානාත්මක වංචාවක්.


එහෙත් පුදුමය කියන්නේ මේ ගම් ගෙවල් ඇතුළේ සිදුවන සාමාන්‍ය ජන ජීවිතය ගැන අවධානය යොමු කිරීම සඳහා රජයෙන් පඩි ලබන නිලධාරීන් 4 දෙනකු බැගින් එක ගමකට පත්කරල තියෙද්දිත් ඔවුන්ගෙන් මේ පිළිබඳ දැනුවත් කිරීම් තම ඉහළ නිලධාරීන්ට නොකෙරුණේද, නැතහොත් වාර්තා කිරීම් කර ඇතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ඉහළ කන්තෝරුවල ඉන්න නෝන මහත්තයලාට ඒ දේවල් තාම කියවන්නට ඉඩ ප්‍රස්තාවක් ලැබී නැති එකද කියල හිතෙන්නේ අහිංසක දරු පවුල් මේ විදියට විනාශ වෙලා දරුපැටවු සහිත පවුලක් අනාථ වෙලා කියලා දිගින් දිගටම අහන්න ලැබෙන කොට.


http://mawbima.lk/56-98691-news-detail.html

අනිත්‍ බලන්න bump එකක් දාගෙන යමු මචන්ලා. අඩුම ගානේ එක්කෙනෙක් වත් මේ බොරුවට අහු නොවෙන්න. පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්නන් හොදයි
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරි . ගෑණු පිටරට වහල් සේවෙට සොච්චමකට යවන එක තහනම් කරන්න ඕනේ .මේකෙන් වෙන්නේ සමාජ විනාසය ලැබෙන්න සොඡ්චාමට වඩා ගොඩක් වැඩියි .

    කොටින්ම බන්ගලිදෙශේ සහ නේපාල වගේ රටවල් මේ ලජ්ජා නැති ගෑණු වහල් සේවේ තහනම් කරලා තියෙන්නේ .
    රේප් +8
     
    • Like
    Reactions: sulakshana99

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;19253973 said:
    උබේ කතාව හරි . ගෑණු පිටරට වහල් සේවෙට සොච්චමකට යවන එක තහනම් කරන්න ඕනේ .මේකෙන් වෙන්නේ සමාජ විනාසය ලැබෙන්න සොඡ්චාමට වඩා ගොඩක් වැඩියි .

    කොටින්ම බන්ගලිදෙශේ සහ නේපාල වගේ රටවල් මේ ලජ්ජා නැති ගෑණු වහල් සේවේ තහනම් කරලා තියෙන්නේ .
    රේප් +8
    :)
    දැන් ඕක ප්‍රායෝගිකව හරි අමාරු ක්‍රියාවක් මල්ලී
    විශේෂයෙන් ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම ගේන වකවානුවක
    අනිවා මෙව්වා නවත්වන්න ඕනි ,,,
    ඒත් ඊට කලින් ඒ අයට ලංකාවේ හරි පඩියක් ලැබෙන රැකියා අවස්ථාවක් ලබාදෙන්න ඕනි
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පැහැදිළිවම ඇත්ත. ලංකාවෙ විදේශ සේවා නියුක්ති කාර්යංශය කියන්නෙ ලංකාවෙන් පිට රටකට රස්සාවකට යන මනුස්සයගෙන් රක්ෂනේටයි ලියාපදිංචියටයි අරකටයි මේකටයි කියල සල්ලි ගන්න එක මිසක් මේ හොරු ගැන හොයල අහිංසක මිනිස්සු බේරගෙන උන්ට දඬුවම් දෙන එක නෙමෙයි.
    මම සයිප්‍රස් ඉඳන් අපේ නංගිට වීස එක එවපු වෙලාවෙ (එහෙන් හැම වියදමක්ම දරල වීසා එකයි ටිකට් එකයි එව්වෙ) මෙහෙ ඒජන්සි කාරය ඒ වීස එක දෙන්න රු.96000ක් ඉල්ලුව. ඔක්කොම වියදම් එක්ක රජයේ අනුමත ගාස්තුව ඩොලර් 300( රු.45000 ක් උපරිම) ඉතින් ඕකට මම විදේශ සේවා එකේ එතකොට හිටිය දෙවෙනියට කථා කරලත් උන් මොකුත් කලේ නෑ. අන්තිමට අපේ වැඩෙත් කෙරෙන්න ඕනි නිසා 65000ක් දීල වීසා එක ගත්තෙ. පිට රටවල් වල අපේ තානාපත් කාර්යාල වලිනුත් ඒජන්සි වලට විතරයි වීස එවන්නෙ. කිසිම ප්‍රශ්නයක් නැතුව විදේශ සේවා එකට එවන්න පුළුවන්. ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාවට එහෙම වෙන්නෙ නෑ.......මේ කියන කථාවෙත් අවසාන හේතුව ඔය නිළධාරීන්ගෙ නිදාගැනිල්ලයි පගා ගැනිල්ලයි.....
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    පැහැදිළිවම ඇත්ත. ලංකාවෙ විදේශ සේවා නියුක්ති කාර්යංශය කියන්නෙ ලංකාවෙන් පිට රටකට රස්සාවකට යන මනුස්සයගෙන් රක්ෂනේටයි ලියාපදිංචියටයි අරකටයි මේකටයි කියල සල්ලි ගන්න එක මිසක් මේ හොරු ගැන හොයල අහිංසක මිනිස්සු බේරගෙන උන්ට දඬුවම් දෙන එක නෙමෙයි.
    මම සයිප්‍රස් ඉඳන් අපේ නංගිට වීස එක එවපු වෙලාවෙ (එහෙන් හැම වියදමක්ම දරල වීසා එකයි ටිකට් එකයි එව්වෙ) මෙහෙ ඒජන්සි කාරය ඒ වීස එක දෙන්න රු.96000ක් ඉල්ලුව. ඔක්කොම වියදම් එක්ක රජයේ අනුමත ගාස්තුව ඩොලර් 300( රු.45000 ක් උපරිම) ඉතින් ඕකට මම විදේශ සේවා එකේ එතකොට හිටිය දෙවෙනියට කථා කරලත් උන් මොකුත් කලේ නෑ. අන්තිමට අපේ වැඩෙත් කෙරෙන්න ඕනි නිසා 65000ක් දීල වීසා එක ගත්තෙ. පිට රටවල් වල අපේ තානාපත් කාර්යාල වලිනුත් ඒජන්සි වලට විතරයි වීස එවන්නෙ. කිසිම ප්‍රශ්නයක් නැතුව විදේශ සේවා එකට එවන්න පුළුවන්. ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාවට එහෙම වෙන්නෙ නෑ.......මේ කියන කථාවෙත් අවසාන හේතුව ඔය නිළධාරීන්ගෙ නිදාගැනිල්ලයි පගා ගැනිල්ලයි.....
    :yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :)
    දැන් ඕක ප්‍රායෝගිකව හරි අමාරු ක්‍රියාවක් මල්ලී
    විශේෂයෙන් ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම ගේන වකවානුවක
    අනිවා මෙව්වා නවත්වන්න ඕනි ,,,
    ඒත් ඊට කලින් ඒ අයට ලංකාවේ හරි පඩියක් ලැබෙන රැකියා අවස්ථාවක් ලබාදෙන්න ඕනි

    බුවා අය්යේ මම කියන්නේ ඔය පවුල් වල මිනිහ ඉන්නවනේ බහුතරේක අතපය තියෙන
    ඉතින් ගනිව රට යවන්නේ නැතිව මිනිහ රට යනවනම් ඔය ප්‍රහ්න වලින් බාගයක් අඩු වෙනවා .එනතත් මේ පිරිමි 90 % බේබද්දෝ එක්කෝ රේස් දාන්න උන් ලැබෙන සල්ලි ඒවාට නාස්ති කරනවා ..

    මේ මිනිස්සු ටික කොහොම හරි තොය්රලා පුනුරුතාපනය කරන්න ඕනේ .
    ඔය පවුල් අසරණ වෙලා තියෙන්නේ පිරිමියාගේ වැරැද්දෙන් .අද මේසන් බාස්ල හොයාගන්න නැ අතුදව් කාරයෝ නැහැ .හරියට දවස් 20 කුලී වැඩ කලොත් ඔෆිස් එකක වැඩ කරන එකෙක්ට වැඩිය හම්බු කරන්න පුළුවන් .

    ප්‍රශ්නේ උන් ඒවා බොන්නයි සුදුවටයි එක්කෝ හොර ගානුන්ටයි නාස්ති කරන එක .:dull:

    මම රට ඉන්න නිසා අත් දැකීමෙන් දන්නවා මෙහෙ ආපු ගෑණු විනාස වෙන විදිහ .අන්තිමට පඩිත් නැතිව දස වැඩ විදලා දුශනේ වෙලා අර පවුලේ තියෙන සේසතම වියදම් කරලා ටිකට් ගෙන්වන් ආපහු හිස් අතින් ගෙදර යන්නේ ..:dull:

    එත් මෙහෙ කුලී වැඩට හරි එන පිරිමි එච්චර නන්නත්තාර වෙන්නේ නැ .