රටේ ජීවත් වන පුද්ගලයන්ගේ හිරි ඔතප් නොමැති වීම, අපරාධ වැඩිවීමට හේතු වී ඇති බව මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
හිරි-ඔතප් හෙවත් ලැජ්ජාව-භය ආරක්ෂා කරන්නේ නම් මෙතරම් අපරාධ වැඩි නොවන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
යම් අපරාධයක් සිදු වූ පසු ඉතා ඉක්මනින් පරීක්ෂණ කටයුතු පවත්වා, කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීම හරහා සමාජයේ සෙසු පුද්ගලයන් අපරාධවලින් වළක්වා ගත හැකි බවද ඇමතිවරයා පවසන අතර අපරාධකරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම හරහා අපරාධකරුවන් ලැජ්ජාවට පත් කිරීම සිදුකළ යුතු බවත් ඒ හරහා එම අපරාධකරුවන් මෙන්ම සමාජයේ අනෙක් පුද්ගලයන්ද බියට පත් කිරීමට හැකි බවත් සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා.