"ඔබ යන්න ..ඇවිත් යන්න එන්න".....
රසික මල්ලියා ඔබ වසර ගනනාවක සිට මුතු ඇටයෙන් ඇටය හරි පරිස්සමට අමුණා ගෙත්තම් කල කවි මුතු මාලය ඔබ අප සියල්ලන්ගේ කරවල්වල පැලැන්ඳූවේ මහත් ආදරයෙනි, ලෙන්ගතුකමිනි....අකලංක සෙනෙහසිනි..
අප එය කිසිදා කරෙන් නොගලවා දිනෙන් දින පිරිමදිමින් හා සුරකිමින් පැළැඳ සිටියේ මහත් වූ ආඩම්බරයකිනි.. ඔබ ගැන වූ හද පිරි සහෝදර භක්තියකිනි...
ඒත් අද කෝ ඒ මුතු මාලයේ දිස්නය..කොහාට අතුරුදහන් වූවාද නැත්නම් කවුරුන් හෝ විසින් ඒ දිස්නය අතුරුදහන් කරන්නට සිත් රිදවීමක් කලාද.. වුනාද??
කෙසේ වෙතත් අවසන් පිලිතුර ඔබ ගොස් හමාරය...
මෙයින් එක දෙයක් අප සියල්ලන්ම සිත්හී ධාරණය කර ගත යුතු වෙමු..
ජීවිතය කෙටි උනත් කාලය පැමිණි විට යායුතු බව කීවත් අපි කිසි දිනක කිසි විටක මොනම අභියෝගයකදීවත් ඒ යා යුතු කාලය ඉක්මනින් පමණුවා ගැනීම කල යුතු දෙයක් නොවන බවයි....
කල යුත්තේ අමාරුවෙන් හෝ තමන් ගැන නොසිතා අනුන් වෙනුවෙන්ම සිතා කාලය දික් කරගැනීමකි...
සොයුර ඔබ මෙතෙක් ජනතාව වෙනුවෙන් කැප කල දෑ හා කල ජනතා සේවය මිල කල නොහැකිය...
එය තවත් මිල කල නොහැකි අපූර්ව තලයට පත් කල හැක්කේ ඔබටම පමණි..ඒ ඔබ ඔබේ තීරණය ගැන නැවත සලකා බැලීම තුලින්ය...
ඔබේ සියලු කටයුතු එලෙසම ඉටුවී සැමදා නිරෝගී දිවියකට මගෙන් ප්‍රාර්ථනා..
ඔබ අප සිත්හී සැමදා වැජඹේ......