මැරෙනව නං මැරෙමු මාත් එන්නං උඹට හයියට, හැබැයි ඒකි දවසක් හරි උඹට ආදරය කළා නං.
එහෙම මැරෙන්න ඕන අවස්ථා තියෙනව බන් මිනිස්සුන්ට. අනික ශ්‍රී ලංකාවෙ නීතියෙන සිය දිවි හානි කරගන්න තහනමක් නෑ. 1977 න් පස්සෙද කොහෙද ඒක නීතිගත වුනා. උදව් කරන්න විතරයි තහනම්. අපිට මේ සමාජ ක්‍රම ඇතුලෙදි හම්බෙන මිනිස්සු 99%ක්ම ගත්තම තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් තාවකාලිකව අපිව ආශ්‍රය කරන මිනිස්සු. අපෙන් විය යුතු දෙයක් තියෙනව නම් කර ගන්න ආශ්‍රය කළා. පස්සෙ ආයෙ වැඩක් නෑ. උඹ මේ කියන කෙල්ල වගේ.
හැබැයි මචන්, තමන්ගෙ වැඩ පස්සට දාගෙන, දුක් විඳගෙන, මොකක්දෝ මනුස්සකමක් හිතේ දරාගෙන තව එකෙක්ට කෙලවෙච්ච වෙලාවට ලඟින් ඉන්න 1%කටත් වඩා අඩු මනුස්සයො උඹට හම්බවෙයි. නැත්තන් හම්බවෙලා ඇති. උඹේ දුකේදි උඹ ලඟින්ම ඉන්න. උඹ ගොඩ ගියාම ආයෙ ඒ දේවල් කළේ උඹ කියල නම ගහගන්න එන්නෙ නැති. හරියටම කියනව නං දුයිශෙන් වගේ. අල්තීනායිට උදව් කළා කියල තමන් පොර වෙන්න දැඟලුවෙ නෑ. තමන්ගෙ පාඩුවෙ ගියා. අන්න එහෙම කෙනෙක් හම්බුනොත් - මතක තියාගනින් ඒ ලින්ක් එක නැති කරගන්නෙ නැති වෙන්න. මොකද ඒ තමයි අපේම වරදින් නැති කරගත්තොත් අපි සිය දිවි නහගන්න ඕන සබඳතා... මොකද එහෙම චරිත හම්බවෙන්නෙ ඉතාආආආආම කලාතුරකින්. නැති කරගත්තොතින් ආයෙ හම්බ වෙන්නෙ නෑ. මොකද එහෙම මිනිස්සු පස්ස පාරෙ වැටිල එන්නෙ නෑ. අත හැරියොත් හැරියම තමයි.
ඉතින්, උඹ හිතල බලල කියපන්. උඹ පුක ඉරාගෙන පස්සෙන් ගිහින් තියෙන්නෙ වටිනා 1% වෙනුවෙන්ද, නැත්තන් බාල හැමදාම හම්බෙන, ඕනෑවටත් වඩා රිප්ලේස්මන්ට්ස් තියෙන නිකන්ම නිකන් එන්ටිටියක් පස්සෙන්ද කියල...
මේ වීඩියෝ එකත් බලපන්. තමන්ගෙ හස්බන්ඩ්ට ලෙඩක් හැදුන. ව්‍යාකූල තත්වයක් ඇති වුණා කියල අත අත ඇරල පැත්තකට වෙලා උන්ගෙ වීණාව පිරිමැද මැද ඉන්නෙ නැති සහකාරියොත් මේ ලෝකෙ ඉන්නව. එහෙම හීනයක් හදාගනින්. උඹව සතුටු කරගන්න මාර්ගයක් හදාගනින්. එතකොට දවසක උඹට වටිනාකම්ක් දෙන්න පුළුවන් විදියෙ ලාදුරු නැති කෙල්ලෙක් උඹට හම්බවෙයි.