මහින්දට හොඳ පෞර්ශවයක් තිබුනට රටේ සාමාන්‍ය ජනතාව මතක නෑ බලය අතට ආවට පස්සේ. කුඩු පප්පල බිස්නස් කාරයෝ, පාගා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි බලයට ආවට පස්සේ ලොකු වෙන්නේ. ඒකයි මහින්ද පැරදුනේ. උද්ගෝෂණ කරපු මිනිස්සුන්ට කොච්චර නං ගස්සුවද බල්ලොන්ට ගහනවා වගේ පොලීසිය දැම්මල. කීයක් මැරුණද පොලීසිය අතින්. මිනීමරුවෝ, කුඩ්ඩො, ස්ත්‍රී දුෂකයෝ කීයක් නං බේරුණද මහින්දගේ කාලේ? හිතවත්තු කොච්චරකට නං රජයේ ලොකු ලෝකු සභාපති තනතුරු දුන්නද OL වත් පාස් ද කියල බලන්නේ නැතිව.
ඒවා එහෙම උනාම විරුද්ධ පක්ෂේ කොච්චර දුෂිත උනත් මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා. ඕක තමා මට නං හිතන්නේ වුනේ. නැත්තන් මහින්ද වැඩ කරන්න දක්ෂයි මයිත්රිට වඩා.