Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන

01. මුහුදු පතුලේ ඇති ක්‍රිස්තු ප්‍රතිමාව - ඉතාලිය

e0afrTH.jpg


මෙම ප්‍රතිමාව මධ්‍යධරණී මුහුදේ මීටර් 17ක් පමණ ගැඹුරින් පිහිටා ඇත.

02. කොල්මන්ස්කොප් - නැම්බියාව

EwPl96N.jpg


කොල්මන්ස්කොප් කියන්නේ නැම්බියාවේ තිබෙන ඉතාම කුඩා ප්‍රදේශයක්. 1900 ගණන් වල මුල් කාලයේ ජර්මානු ජාතිකයෝ මෙහි දියමන්ති සොයා පැමිණ තිබෙනවා.
නමුත් අද වන විට අත්හැර දමා ඇති මෙම ප්‍රදේශයේ හොල්මන් තිබෙන බවටයි විශ්වාසය.

03. පාවෙන වනාන්තරය - සිඩ්නි, ඕස්ට්‍රේලියාව

fYzZBNJ.jpg


වසර 102ක් පමණ පැරණි මෙම විශාල නෞකාව දක්නට ලැබෙන්න සිඩ්නි නගරයේ. දෙවන ලෝක යුද්ධය අතරතුර පැසිෆික් කලාපයේ සිටි ඇමරිකානු භටයන්ට සැපයුම්
ප්‍රවාහනය කරන්න තමයි මෙම නැව භාවිතා කරලා තියෙන්නේ.

04. ගිලුණු නැව - ඇන්ටාක්ටිකාව

9ZQiY2Z.jpg


බියජනක විදියට ගිලි තිබෙන මෙම නෞකාව හඳුන්වන්නේ Mar Sem Fim කියලා. මෙය වාර්තා චිත්‍රපටයක් රූපගත කරන්න බ්‍රසීලයේ සිට පැමිණි කණ්ඩායමකට තමයි
අයිති වෙලා තියෙන්නේ. අයහපත් කාලගුණය නිසා ඔවුන් සැලසුම් කල විදියට කිසිම දෙයක් කරගන්න නොහැකි වෙලා තියෙනවා. නැව මේ විදියට ගිලිලා තිබුනත්
කාර්යය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකු පීඩාවට පත් වී නොමැති බව තමයි කියවෙන්නේ.

05. අත්හැර දමා ඇති ගම්මානය - ඉතාලිය

Vhzcsjs.jpg


මෙම ගම්මානය අත්හැර දමා තිබෙන්නේ 1964 දී. වරින් වර ඇතිවූ භූමිකම්පා හේතුවෙන් මිනිසුන් තම නිවාස අත්හැර දමා ගොස් තිබෙනවා.
මෙම අභිරහස් ස්ථානයේ වටිනා වස්තූන් සැඟව තිබෙන බව සඳහන්.

06. හොල්මන් දූපත - ජපානය

Zc2OCjc.jpg


ජපානයේ තිබෙන මෙම හෂිමා දුපත විවිධ නම් වලින් හඳුන්වනවා. හොල්මන් දූපත, බැටල්ශිප් දිවයින ඉන් කීපයක්. 1900 ගණන් වල මුල් කාලය වෙනතෙක්
මිනිසුන් මෙහි ජීවත්වුණේ අවට තිබෙන ගල් අඟුරු වල වල් වෙත මෙහි සිට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන් නිසයි. නමුත් පසුව ජපානය ගල් අඟුරු අත්හැර
වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වූ නිසා සේවකයන් මෙය අත්හැර යාමෙන් පසුව දූපත හුදකලා ස්ථානයක් බවට පත්විය.

07. ඛේදජනක ඉතිහාසයක් සහිත ස්ථානය, ප්‍රිපියට් - යුක්රේනය

ImuafNA.jpg


ලෝකයේ පළමු න්‍යෂ්ටික නගර අතරට ප්‍රිපියට් අයිති වෙනවා. විදුලි බලාගාරයේ සේවකයන් මෙහි පදිංචිව සිට තිබෙනවා.
1986 දී සිදුවූ බිහිසුනු චර්නොබිල් ව්යසනය නිසා විදුලි බලාගාර අළු බවට පත්ව තිබෙන අතර දැන් එය ජන ශුන්‍ය හොල්මන් නගරයක් බවට පත්වෙලා තිබෙනවා.

08. නාරා ඩ්‍රීම්ලැන්ඩ් - ජපානය

knLTEV2.jpg


නාරා ඩ්රීම්ලන්ඩ් 1961 දී විවෘත කරන ලද අතර සංචාරකයින් දශ ලක්ෂ ගණනක් එයට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් අදායම අඩු වීම නිසා 2006 දී
එය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ වන විට වල් බිහිවී ඇති එම ප්‍රදේශයට කිසිවෙකුත් පැමිණ නැත.

09. වධක බලකොටුව - ඩෙන්මාර්කය

67Hlc8Z.jpg


1215 දී ඉදිකරන ලද මෙම බලකොටුව බන්ධනාගාරයක් ලෙස භාවිතා කෙරිණි. එය පෘථිවිය මත පිහිටා ඇති වඩාත්ම ප්‍රකෝපිත බලකොටුව ලෙසින් කියනු ලැබේ.
දැන් අත්හැර දමා තිබෙන මෙම බලකොටුවෙහි වධකයන්ට ලක්වූ අයගේ හොල්මන් තිබෙන බවයි කියවෙන්නේ.

10. දිය යට තිබෙන නගරය ශිවෙන් - චීනය

EAYptPx.jpg


අවුරුදු 1341ක් පමණ පැරණි මෙම නගරය චීනයේ නැගෙනහිර කොටසේ ජලයෙන් යට තමයි පිහිටා තිබෙන්නේ. 1959 දී ශින්ගන් නදියේ බලාගාරය ඉදිකරන විට
මෙම පුරාවිද්‍යා නගරය ජලයෙන් යටවෙලා තිබෙනවා. තවමත් මෙම නගරය නොනැසී පවතින එක අභිරහසක්.