N A K M U R A ගේ නැයෙක් ගල් කරයි...

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,513
    113
    Colombo
    ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් චීන ජාතිකයෙකු විසින් සොරාගෙන තිබේ.

    එම චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය ඊයේ (13) රාත්‍රියේ සිට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    47 හැවිරිදි ලෙබනන ජාතිකයා සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය සමඟ ඊයේ උදෑසන 07.20ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි - 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

    මෙම ගුවන් යානය රාත්‍රී කාලයේ ගමන් කරමින් තිබී ඇති අතර, ගුවන් යානය තුළ විදුලි පහන් නිවා දමා, ගුවන් මගීන්ට සුවදායක නින්දක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කර තිබී ඇත.

    මෙම අවසරයෙන්, ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ සිටි චීන ජාතිකයා, ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000ක මුදල සොරා ගෙන, ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18ක මිටියක් මුදල් පසුම්බිය තුළට දමා තිබේ.

    මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා, ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණ ඇත්තේ, සිය අමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කර ගැනීමටයි.

    එහි දී තම පසුම්බියේ වූ ඇමෙරිකානු ඩොලර් 14,000ක මුදල අස්ථානගත වී ඇති බව ඔහු දැනගෙන ඇති අතර, ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය සහ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණිලි කිරීමට ද ඔහු කටයුතු කර තිබිණි.

    පොලීසිය විසින් ගුවන් යානා කාර්ය මණ්ඩලය සමඟ සිදු කළ මූලික විමර්ශනවල දී චීන ජාතිකයා මෙම මුදල් තොගය සොරා ගෙන ඇති බව තහවුරු කර ගෙන ඇත.

    ඒ අනුව දැනට අතුරුදන් වී ඇති චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සඳහන් වේ. (අද දෙරණ)
     
    • Wow
    Reactions: Asmodeus