කසුන් කල්හාරගේ සංගීතයට නයි නල`ගන මියුසික් වීඩියෝවක නටලා
පහුගිය කාලයේ මාධ්‍ය වලින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නල`ගන ඔසවා තැබුනේ ඇය නිළියකටත් නොදෙවෙනි තැනක රඳවමිනි. දැන් ඇය zමාර්කට්Z වී ඇති තරම කෙතෙක්ද යත් නයි නල`ගන දැන් මියුසික් වීඩියෝ වලට සිය නර්තනයන් ඉදිරිපත් කරන්නට දායකවී තිඛෙනවා. කසුන් කල්හාරගේ සංගීතයට හරේන්ද්‍ර හා මාධව නමැති නව පරපුරේ ගායකයින්
ගයන නාඳුනන දෑසින් නමැති පිටවන්නට නියමිත ගීතයේ මියුසික් වීඩියෝවට නයි නල`ගන සිය නර්තනයන් ඉදිරිපත් කරන බව වාර්තා වනවා.
කාලයක් තිස්සේ මෙම ගීත නිර්මාණය සකස් කරන්නට වෙහෙස දරමින් සිටියදී එහි රංගනය සඳහා නයිට් ක්ලබ් ඩාන්ස් කරන තරුණියක සොයමින් සිටි බවත් ඒ සඳහා වඩාත් ගැලපෙන කෙනෙකු ලෙස නයි නල`ගන තෝරාගෙන ඇයව සම්බන්ධ කරගත් බවත් නිර්මාණකරුවන් පවසනවා. මෙම ගීතයේ වීඩියෝව තව නොබෝ දිනකින්ම නිකුත් කරන්නට යන අතර එහි ඡායාරූප දෙකතුනක් පමණක් අපට සොයාගන්නට ලැබුණා. මේ සමග පළව ඇත්තේ ඒවාය.
මෙම රංගනයට දායකවූ නයි නල`ගන පවසා ඇත්තේ ඇය මියුසික් වීඩියෝවෙන් නතර නොවන බවත් ඉදිරියේදී නිරූපිකාවක් වන්නටත් රූපවාහිනී නිවේදිකාවක් වන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
Trailer :-


Source:
Last edited:



