ලංකාටෲත් පුවත සනාථයි - එමිල් සමඟ ඡායාරූප ගත් බව නාමල් පිළිගනි
ප්‍රධාන පුවත 2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 21:23
මේ දිනවල කාගේත් කතාබහට ලක්ව ඇති කරුණක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් තාරුණ්‍යට හෙටත් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවූ බව අද පිළිගත්තේය. ඔහු එසේ පිළීගත්තේ අද (16) උඩුගම්පොළ පැවැති මැතිවරණ රැලියකට සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ තාරුණ්‍යට හෙටත් සභාපති නාමල් රාජපක්ෂ මහතා "පිංතූරයක් ඉදිරිපත් කරල මට ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තියනව කියල. මේ එංගලන්තේදී ගත්ත පිංතූරයක්. කවුද ගත්තෙ පින්තූරෙ. මගේ ලේකම්තුමා. ඒකෙ ඉන්නෙ මමයි, රුක්ෂාන් කියල තව යාළුවෙකුයි, තව දෙමළ යාළුවෙක් හිටිය.
තව පිටිපස්සේ ඉන්නව දෙමළ ළමයෙක්. මම එහෙම කවුද කියල අඳුනන්නේ නැහැ. එයා ඇවිත් කිව්වා නාමල් පිංතූරයක් ගමුද කියල. ඉතින් සහෝදරවරුනි මට පිංතූරයක් ගන්න කියල කවුරු හරි ආරාධනා කළොත් ඒ මනුස්සයගෙ වාසගම අහල, ඒ මනුස්සයගෙ අම්ම-තාත්ත කවුද කියල අහල, ජාතිය, කුලය-මලය සියලුදේ අහල, පිංතූරෙ ගන්න පුළුවන්ද මට.
මට එහෙම වැඩකුත් නැහැ. මේ මාතෘභූමිය තුළ ජීවත් වන සියලු දෙනාම මට එකයි. මට ජාතිය, ආගම, කියල භේදයක් නැහැ. මොකද මම 21 වන සියවසේ ජීවත්වන තරුණයෙක්. ඒ නිසා මම කියනව එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, මට ඇඟිල්ල දික්කරන්න කලින් ඔය පිංතූරෙ දීපු මනුස්සයට ඇඟිල්ල දික්කරල අහගන්න මොකටද නාමල්ව මෙතෙන්ට එක්කන් ගියෙ කියල" යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත් මෙම ඡායාරූපය පළ කිරීමත් සමඟම ආණ්ඩු පාර්ශවයේ සියලුදෙනා මෙම ඡායාරූපය අසත්‍ය හා නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පැවසීය. එමෙන්ම අන්තර්ජාලය හරහා මෙම ඡායාරූපයේ එමිල්ගේ රූපයට වෙනත් අයෙකුගේ රූපයක් යොදා මෙය අසත්‍ය, නිර්මාණය කරන ලද ඡායාරූපයක් ලෙස හුවා දැක්වීමට උත්සහයක යෙදිණි.
නමුත් අද දින නාමල් රාජපක්ෂ මහතාම මෙම ඡායාරූපය තමන් පෙනී සිටි එකක් බවත්, එම ඡායාරූපයේදී තමන්ට ඇමතූ පුද්ගලයා තමන් නොහඳුන බවත් ප්‍රකාශ කළේය. මෙයින් මෙම ඡායාරූපය අසත්‍ය නොවන නිර්මාණය කරන ලද හෝ විකෘති කරන ලද්දක් නොවන බව තහවුරු විය.
01. "තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා
02. එමිල් කාන්තන්ගේ පුවත ප්‍රචාරය නොකරන ලෙස නාමල්ගෙන් මාධ්‍යයට තර්ජන