Namal's 210 million black money purchase

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රු. ලක්ෂ 41 ක් හිමි නාමල් රාජපක්ෂ කෝටි 12 හමාරකට සමාගමක් මිලදී ගත්තේ කෙසේද? නාමල් ඇතුළු 8 කට නඩු පවරයි

    කළු සල්ලි ලැබුනේ කෙසේදැයි හෙලි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID ය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
    නාමල් රාජපක්ෂ විසින් රුපියල් කෝටි දොළහ හමාරක් යොදවා එයාර් ලංකා ආයතනයට සේවා සපයන ගවර්ස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මිලට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරනු ලැබුවේ මුදල් විශුද්ධි කරන පණත යටතේ ය.
    බැංකු හා මූල්‍ය ආයතන කිහිපයක ඇති එම සමාගමට අයත් ගිණුම් 04 ක් අත්හිටුවීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නාමල් රාජපක්ෂට හැර අනෙක් 7 දෙනාට රටින් පිටව යෑම තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කෙළේය.
    පසුගියදා රාජපක්ෂ පවුලේ නිල ආදායම කොතෙක්දැයි හෙලි කළ ආචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ කිසිදු වෙනත් ව්‍යාපාරයක් නොකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාස 61 ක් වැටුප් ලබාගෙන තිබෙන බවත් ඒ කාලයේදී ඔහු ලැබූ වැටුප්වල ආදායම රුපියල් හතලිස් එක් ලක්ෂ හාර දහස් තුන්සිය අසූ පහක් පමණක් බවයි. (41,04385/-) එවැනි ආදායමක් හිමි නාමල් රාජපක්ෂ කෝටි 12 හමාරකට සමාගමක් මිලදී ගත්තේ කෙසේද?