Gary McKinnon 2001 පෙබරවාරි මාසයක NASA එකට අයත් පරිගණක පද්ධතියක් හැක් කරනවා. මොහුගේ මූලිකම අරමුණ තමයි NASA එක UFO එහෙප්මත් නැති නම් හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන මොනවද දන්නේ කියලා හොයාගන්න එක. ඔහු බලාපොරොත්තු වුනා වගේම එක් පරිගණකයක් තුල තිබිලා ඔහුට ෆොටෝ එකක් හම්බ වෙනවා. මේ ෆොටෝ එකේ තිබිලා තියෙන්නේ සිගරැට්ටුවක් හැඩයේ යානයක් එක්තරා ග්රහලෝකයකට උඩින් පිහිටා තිබෙනවා දැක්වෙන ඡායාරූපයක්. ඔහු කියන විදිහට එය මිනිසා විසින් නිපදවපු යානයක් කියලා කොහෙත්ම කියන්න බෑ. මේ ඡායාරූපයට අමතරව ඔහුට "Non-terrestial officers" ලෙස සෙබලුන්ගේ නම් සටහන් වුණ sheet එකක්ද හමු වී තිබෙනවා. ඔහු කියන විදිහට නාසා ආයතනය සැටලයිට් මගින් ලබා ගන්නා ඡායාරූප airbrush කරලා සමහර දේවල් හංගලා තමයිපු මීඩියා වලට දෙන්නේ. කොහොම හරි Gary NASA එකේ පද්ධතිය තුල ඉන්නකොට ඔහු එයට අනවසරෙන් ඇතූලු වෙලා කියලා එහි සේවකයෙක් දැනගන්නවා. එදා ඉඳන් මේ වෙනකල්ම Gary ට නඩු ගනනාවකට මුහුණ දෙන්න වෙනවා. Gary කියන්නේ එංගලන්ත ජාතිකයෙක් නිසා ඔහුට ඇමරිකානු නීතියට අනුව දඩුවම් දෙන්න ඇමරිකාව මේ ලඟක් වෙනකල්ම් Gary ව ඇමරිකාවට පිටුවහල් කරන්න උත්සහ කළා.
https://www.wired.com/2006/06/ufo-hacker-tells-what-he-found/
https://www.wired.com/2006/06/ufo-hacker-tells-what-he-found/