NATION~පුවත්පත~වසා~දමයි!
‘රිවිර මීඩියා කෝපරේෂන්' පුවත්පත් සමාගම විසින් පලකළ ‘Nation' පුවත්පත අද (21) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ප්රකාශනය අත්හිටුවීමට පුවත්පතේ පාලනාධිකාරිය තීරණය කළ බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සමාගමේ මෙම තීරණය පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරී චූලා රත්වත්ත විසින් පුවත්පතේ කතෘ මාලින්ද සෙනෙවිරත්න ඇතුළු පුවත්පතේ සේවය කළ සේවකයින් හට අද දැනුම් දී තිබේ.
‘රිවිර මීඩියා කෝපරේෂන්' සමාගමේ සමාන්‍යාධිකාරී මහින්ද විජේසුන්දර හා මාලින්ද සෙනෙවිරත්න අතර සියලුදෙනා ඉදිරිපිටදී මෙම අවස්ථාවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ. එහිදී මහින්ද විජේසුන්දර හෙවත් පාන්බට්ටා මාලින්දට පවසා ඇත්තේ ‘පත්තරේ කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්ඩ ඕනෙ තමුසෙ. පත්තරේ අරන් ගියෙ අමු ජාතිවාදී ලයින් එකක. තමුසෙ හිතුවෙ ජාතිවාදය විකුණල ගොඩ යන්ඩ. තමුසෙ ඉතිං සූස්ති ගගහ දිවියලෝකෙනෙ ඉන්නෙ. තමුසෙ හිතන් හිටියෙ පත්තරේ පනස් දාහක් විකිණෙනවා කියල. පන්සීයක් විකුණගත්තෙ බොහොම අමාරුවෙන්. තමුසෙගෙ වැඩ නිසා අපි දැන් සේරම මහපාරෙ' කියාය. කතෘ මාලින්ද සෙනෙවිරත්න ඊට කිසිවක් පවසා නැත.
‘රිවිර' පාලනාධිකාරියේ මීළඟ පියවර වන්නේ ‘රිවිර' දිනපතා පුවත්පත ඉදිරි මසක කාලයක් තුලදී වසා දැමීම බව වැඩිදුරටත් අනාවරණය වේ. ඉන්පසු මාස 3 ක කාලයක් තුලදී ‘රිවිර' ඉරිදා පුවත්පතද වසා දැමීමෙන් අනතුරුව දැනට ඉදිරිපත්ව ඇති ගැනුම් කරුවෙකුට පුවත්පත් සියල්ල විකිණීමට නියමිත වේ.

online news balanna purudu wela ban minissu
math online ban balanne.