National Sustainability Discourse - ජාතික තිරසර කතිකාව
රටක සංවර්ධනයට ප්‍රතිපත්ති හා සැලසුම් වැදගත් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් රජය විසින් ඉදිරිපත් කරනු ලබන සැලසුම් කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් වේ. මේවා අතුරින් කෙටි කාලීන හා මාධ්‍ය කාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සිදුවූවත් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක නොවීමේ තත්වයක් දක්නට ලැබේ.
රාජ්‍ය නායකයන් හා ආණ්ඩු වෙනස් වන අවස්ථා වලදී රටේ දීර්ඝ කාලීන ප්‍රතිපත්තීන් වෙනස් වීම හේතුවෙන් සැලසුම් වෙනස් වීමද නිතර සිදුවේ. ඒ හේතුවෙන් නිසි සංවර්ධන ඉලක්ක හදුනා ගැනීමත්, සංවර්ධන ඉලක්ක කරා ලගා වීමත් අපහසු වේ.
මේ ගැටළුවට ස්ථිරසාර පිළිතුරක් ලබා දීම වෙනුවෙන්, වර්ෂ 2030 දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන තිරසර දැක්මක් සහිත දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කරනු ලබයි. ඒ අනුව විශ්ව විද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු, වෘත්තිකයින්, පුද්ගලික අංශයේ බුද්ධිමතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ශ්‍රී ලංකාවේ පිළිගත් විශේෂඥයින් 42 කින් සැදුම් ලත් ජනාධිපති කමිටුවක පුරා වසරක උත්සාහයෙන් ‘තිරසර ශ්‍රී ලංකාව සඳහා දැක්ම සහ ක්‍රමෝපායික මාවත’ පළමු කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
දැන් ශ්‍රී ලාංකීය ජනතාවගේ අවස්ථාවයි.
මෙම සැලසුමට දායක වීමට අවස්ථාව 2018 ඔක්තෝම්බර් 31 දක්වා ඔබට හිමිවේ. සැලසුමට අදහස් ඇතුලත් කිරීමට, වෙනස් කිරීමට මෙන්ම දැන් ඇති අදහස් ඉවත් කිරීමටත් ඔබට හැකියාව තිබේ. මේ සඳහා ජනතාව සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකාව පුරා රැස්වීම්, විවාද, සංසද මෙන්ම රුපවාහිනි වැඩසටහන් ගණනාවක්ද රජය විසින් ඉදිරි මාස කිහිපය තුල සිදු කරනු ඇති.
අන්තර්ජාලය හරහා සම්බන්ධ වන ඔබට අපගේ නිල වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර වඩාත් පහසුවෙන් ඔබේ අදහස් එක් කල හැකි වනු ඇත.
www.nsd.lk
පළමු පිටපත ප්‍රධානව අංශයන්, පර්ෂදයන් හා හරස් කැපුම් තේමාවන් වශයෙන් කොටස් කර ඇති අතර සම්පුර්ණ කොටස් 17 කින් සැදුම් ලද්දකි. වෙබ් අඩවියේ මෙනුවෙන් ‘ලේඛණය‘ තෝරා ගැනීමෙන් මෙම කොටස් කරා පිවිසිය හැකි අතර ඔබේ අදහස් දැක්වීමට සෑම ලේඛනයක අවසානයේ අවස්ථාව ලබා දී තිබේ.
ඔබේ අදහස් විමසීමෙන් අනතුරුව එම අදහස්ද ඇතුලත් කරමින් ලේඛනයේ දෙවන කෙටුම්පත සකස් වනු ඇති.
හරවත් කතිකාවකට සම්බන්ධ වන මෙන් ඔබ සැමට ආරාධනා.