ජනවාරි 1 වැනි දින ඔබට අසන්නට ලැබුනු කරුණ නම්, මොරටුව ඉන්ජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් අතර අතිවූ ගැටුමක් නිසා මොරටුව සරසවිය වසා දැමීමට සිදුවු බවයි. එය සිසුන් දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු දෙයක් බවද සමහරු සදහන් කලේය. ඉන්ජිනේරු පීඨයේ සිසුන් NDT සිසුන් කිහිප දෙනකුට පහරදීමකින් පමණක් සිත් සතන් සනසවා ගැනීමට පවා අපොහොසත් වූ ඔවුන්, NDT සිසුන් විසින් කලක සිටින් පවත්වාගෙන ආ අපගේ නිර්මාණ එලි දැක්වීමට තිබූ තෝතැන්න වන ප්‍රභාතය කඩා බිද දැමීය.තවද අප විසින් විශ්ව විද්‍යාලයේ අලoකරනයට නිර්මනය කර තිබූ නිර්මාන සියල්ලද විනාශ කර දැමීය.එවැනි දේ NDT එකට එදත් අදත් ආදරය කරන අප හදවත් සසල කරවීය. එදා ගැටුමෙන් පසු ඔවුන් දියත් කල පෝස්ටර් ව්‍යාපාරය විශ්ව විද්‍යාලයේ අප සහෝදරයන් වන වාස්තු/IT ශිෂ්‍යයන්ගේද අප්‍රසාදයට පත්විය.
කිවයුතු දෙයක් ඇත, මොරටුව විශ්ව විද්යාලයේ මව් පාඨමාලාව වන NDT පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් හට ලැබිය යුතු වරප්‍රසාද බොහොමයක් අද අප හට අහිමි කර ඇත. එහෙත් මෙම සියළු කෙනෙහිලිකම් ඉවසාදරාගෙන සිටි NDT ශිෂ්‍යයන් වන අපත් ඔබ වැනිම කෘතජන පුද්ගලයන් බව අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍යය නැත.
ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට NDT ශිෂ්‍යයන් කුරිරු , අමාණුශික පිරිසක් බව හොවා දැක්වීමට ඉතා පහත් උත්සහයක නිරත වෙමින් සිටින පිරිසක් සිටින බව ඔබටත් අපටත් පැහැදිලිව පෙනෙන කරුනකි. ඔවුන් ඒ සදහා විවිද උපක්‍රම භාවිත කර ඇත.තනි අතකින් අත්පුඩි ගැසීම කල නොහැකි බව බුද්ධ්මත් ඔබත් අපත් දන්නා කරුණකි. කෙසේ වෙතත් අප මෙවන් දේ කිරීමට පෙලබුනේ නැත. එසේ කිරීමෙන් අපට ලබාගත හැකි පහත් වින්දනයක් නොමැත.
තමන් සමග එකට සිටි සගයා දමා පලා යාමට තරම් මානසිකත්වයක් අප සිත්
තුල නම් නොතිබුනේය. එසේ දුවද්දී ලිදවල් වල වැටුනු කිහිප දෙනෙකුද සිටී. "බේරගනියෝ" කියා කෑ ගසද්දී ඔවුන් ගොඩට නොගෙන සිටින්නටද අපට පුලුවන් කම තිබුනි. නමුත් අමාණුශික යයි කියන අපිටම ඔවුන්ව ගොඩට ගැනීමට සිදුවිය.
සමහරුන්ට දිව ගොස් සැගවීමට තිබුනු එකම ස්ථානය ගැහැණු ළමයින්ගේ
නෙවාසිකාගරය විය. එය තුලට රින්ගූ පිරිස එහි සිට ගල් ප්‍රහර එල්ල කිරීමට තරම් වීරයෝ විය. මෙවැනි වීරයන් සිටීම ගැන නම් අප හද තුල අතිවන්නේ කනස්සල්ලකි.
කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට අතුලත් වූ සිසුවකුට සමාජයේ හිමිවන ස්ථානය ඔබත්, ඒ වගේම අපත් හොදින් දන්නා කරුනකි. එය
උපයෝගී කරගනිමින් "ගැහුවත් වීරයෝ... ගුටිකෑවත් වීරයෝ..." ලෙස හැසිරීමට අද ඔවුන් උත්සහ කිරීම පුදුමයට කරුනක් නොවේ.
අවසානයේ කිව යුතු යමක් ඇත. පහත් තැනින් වතුර ගලා බැසීම අපට නතර කල නොහැක්කක් යන්නයි..
NDTඅපි