නටලින් ඇරලා පටි ගෙන්නලා
දඟ ගෙට දමලා ගොතන රඟේ.....
බෙර ගෙන්නාලා සුරලුත් දාලා
තාල වදින කොට ගසන රඟේ.....
ලී ගෙන්නාලා දෑතට දීලා
පේලිය සැදිලා නටන රඟේ.....
මෙහෙමත් විස්තර බලන්න තිබුනලු
පොරමදලේ ලී කෙළිය වගේ.....
ඉරට ඔබිය ඉර මුදුනේ සිටීයා
සඳට ඔබිය සඳ වට තරු සිටීයා
ලියට ඔබිය සුදු සේලය නෙරීයා
අපට ඔබිය සභ මැද ලී කෙළියා