Need Lyrics!! :)

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරුඑළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යම් ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයායුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවී පාලුවෙන්
පියදසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්