Need Photoshop Designers

Baabu

Member
Jul 1, 2016
98
31
0
:DLogo Design වැඩ වගයකට කට්ටියක් ඕන කරලා තියෙනවා. මම කලින් Thread එකකුත් දැම්මා. ඒත් ඒවට ආපු ප්‍රතිචාර හරියට Manage කරගන්න බැරිවුන එක ගැන සමාවෙන්න ඕන. ඒකයි ආයේ එකක් දැම්මේ. වැඩි බයිලා ඕනේ නෑ. කෙලින්ම කියන්නම්.

මෙහෙමයි වෙන්නේ. මම අවුරුදු ගානක ඉඳන් පිටරට Logo Design Firm එකකට මගේ Designs යවනවා. යම් ආදායමක් ලබාගත්තා.මම දැන් පොඩි ඩිග්‍රියක් කරන නිසා ඒ වැඩේට වෙලාවක් නෑ ඇත්තටම. ඒත් ඒකෙන්උන් එක්ක හැදුන Contact Base එක මට වටිනවා. මොකද පෞද්ගලිකව මට Orders දීපු නිසා.

ඩිග්‍රිය එක්ක මේ වැඩේ කලොත් මට ඩිග්‍රිය කෙලවෙන නිසා උඹලාව වැඩේට සෙට් කරගන්න හැදුවේ. Photoshop වල කාපර් ලා වෙන්න ඕන නෑ. මමත් photoshop වලට බැස්සේ මෙලෝ දැනුමක් නැතිව.
වැඩේට කැමති අය මට mail එකක් දාන්න.

උඹලට ලක්ශ ගණන් හොයන්න නම් බැරිවෙයි. ඒත් මාසේ Data ටික Phone Bill එක කවර් කරගන්න තරම් ආදායමක් නම් ගන්න පුලුවන් වෙයි. මම Design Contest වලට යවන Designs හැමදාම එයාලා තෝරගත්තෙ නෑ. එයාලා හොඳ නම් විතරයි තෝරගත්තෙ. ඒත් උඹලව මේ වැඩේට එකතු කරගන්න ඕන නිසාම මම දාන හැම Order එකටම එවන හොඳම Design එකට මගේ ගානේ රුපියල් 300-1000 අතර ගෙවිමක් කරනවා. එහෙම දෙන්නේ මෙතුවක් කාලයක් මම මහන්සියෙන් හොයපුවා. Contest එකකින් දිනුවොත් අනිවා ඒ Designerට රුපියල් 4000ට වඩා ගාණක් මම දෙනවා. ඒක 10000ක් වුනත් වෙන්න පුලුවන්.

මුදල් රීලෝඩ් විදියට හරි බැංකු ගිණුමට හරි එවනවා.

සමහර අයට බොරු කියලා හිතෙන්න පුලුවන්. උඹලා නොදන්නවා වුනාට fiverr, freelancer, odesk වගෙ emoney jobs කරලා මාසේට ලක්ශ ගණන් හම්බකරලා තමන්ගෙම ප්‍රාඩෝ වලින් ගමන බිමන යන අයියලත් අපේ රටේ ඉන්නවා.

photoshop වලින් වැඩක් ගන්න. එතකොට උබ දවසින් දවස photoshp වල වැඩ්ඩෙක් වගේම මාසේට ගාණක් හොයාගන්න ව්‍යවසායකයෙක් වෙයි. නිකම් කන කාලේ වැඩක් කරපල්ලා. නිකම් ලැබෙනකම් ඉන්නේ නැතිව. fiverr වැඩ කරන හැටිත් කියලා දෙන්නම්.

Mail Address : [email protected]

තව විස්තර ඕන නම් Mail කරන්න.
 
Last edited:
  • Like
Reactions: lk-maare