ශුවර් නැති තැන් වලින් ගන්න එපා බන්
මම දන්න එකෙක් ඔහොම අඩුවට එකක් අරගෙන, සීල් පැක් අරන් තිවුනෙ අරන් මාස 2ක් වගේ වෙන එකක්
ඇපල් කෙයා චෙක් කරාම හරි, අරගෙන මාස දෙකක් වගේ වෙන්නෙ, විකුනපු එකා වොරන්ටි ඌ වොරන්ටි දෙන්නෙ නැහැ ඒත් ඇපල් කෙයා තියන නිසා බය නැතිව අරගෙන
ටික දවසක් යනකොට ටච් එකේ අවුලක් ඇවිත් ලංකාවෙ ඇපල් Authorized තැනකින් චෙක් කරා
උන් කිවුවා ඒ ෆෝන් එකේ තියෙන්නෙ ඔරිජිනල් ඇපල් ඩිස්ප්ලේ එක නෙමයි කියලා ඒක නිසා වොරන්ටි දුන්නෙ නැහැ (Apple Authorized තැනකින් ඇපල් කෙයා වොරන්ටි ගනිද්දි උන් චෙක් කරනවා ෆෝන් එකේ මදර්බෝඩ් එකයි, චැසි එකයි, ඩිස්ප්ලේ එකයි ඔරිජිනල් ෆෝන් එකට ආපුවද තියෙන්නෙ කියලා, උන් ලග ඒ සේරම රෙකෝඩ් තියනවා. Apple Authorized තැනකින් ඕව රීප්ලේස් කරනවා නම් උන් ඒ රෙකෝඩ් හරියට අප්ඩේට් කරනවා එතකොට ආපහු වොරන්ටි ගනිද්දි අවුලක් නැහැ)
ඒක නිසා වොරන්ටි තිබිලත් අරූට අතින් වියදම් කරලා හදාගන්න වෙලා, ඕක සේරම උනාට පස්සෙ තමය මට කිවුවෙ එතකොට ඉතින් එහෙම තැනකින් ගන්න එපා කියලා වැඩක් නැහැනේ අරගත්තට පස්සෙ
ගන්නවා නම් හරි තැනකින් ගනින්
තව ටකස් එකෙන් එහෙම ගනිපු iPhone වල එමි එක TRCSL එකේ රෙජිස්ටර් වෙලා නැහැ, ඒ කියන්නෙ උන් මොකක් හරි ගේමක් දීලා (හෑන්ඩ් කැරි කරලා වගේ) තමයි ලංකාවට ගෙනත් තියෙන්නෙ
එහෙම ෆෝන් එකක් බැරිවෙලා හරි Apple Care තිබිලා, ලංකාවෙ Apple Authorized තැනකින් වොරන්ටි ක්ලේම් කරනවා නම් TRCSL එකෙන් ඒ ෆෝන් එකට Export License එකක් ගන්න ඕන එහෙම නැතුව Apple Authorized එවුන් වොරන්ටි දෙන්නෙ නැහැ (ඒ කියන්නෙ ලංකාවෙදි රෙපෙයාර් කරන්න උනත් Export License එක ඉල්ලනවා, මොකද ලංකාවෙදි හදන්න බැරි උනොත් උන් Apple එකට ඩිවයිස් එක යවන නිසා උන්ට එක්ස්පෝට් ලයිසන් එක ඕන)
අනික මේ එක්ස්පෝට් ලයිසන් එක ගන්න අපේ නමට එමි එක දාල දීපු බිලක් එහෙමත් තියෙන්න ඕන එහෙම නැත්නම් TRCSL එකෙන් ඒක දෙන්නෙ නැහැ, එහෙම උනොත් සර්විස් ප්‍රොවයිඩර් ගෙන් ඒ ෆෝන් එක අපේ නමට තියන සිම් එකක යූස් කරා කියලා ඔප්පු කරන්න එමි එකත් එක්ක කෝල් රෙකෝඩ් තියන ඩීටේල් බිලක් ගන්න ඕන(මේකට 2500ක්ද කොහෙද යනවා දවස් 7ක් විතරත් යනවා), පොලිස් රිපෝට් එකකුත් ඕන
අනික් එක ඇපල් කෙයා තියනවා කියලා විකුන්නට ලංකාවෙ ඒජන්ට්ලාට වොරන්ටි දෙන්න පුලුවන් වෙන්න, මේ ලංකාව ඉන්දියාව සිංගප්පූරුව වගේ රටවල් අයිතිවෙන රීජන් එකට හදපු ෆෝන් එකක් නම් විතරයි, එහෙම නැති උනොත් උන්ට වොරන්ටි දෙන්න බැහැ
ඔන්න ඔය ජල්තර් කේස් නිසා ඉක්මන් එකෙන් ගන්න එපා
ඒජන්ට් නෙමෙයි නම් ලංකාවෙ සීල් පැක් කියන්නෙ සත පහකට ශුවර් නැති දෙයක්, මේක නම් ගොඩක් අය දන්න ප්‍රසිද්ද රහසක්, වොරන්ටි ආපුවා හදලා ආපහු සීල් පැක් මෙහෙ ගහලා විකුනනවා
ටකස් එකත් iPhone වලට ශුවර් නැහැ (TRCSL Approval තියන එකක් නම් අවුලක් නැතිවෙයි ඒත් හරියටම කියන්න බැහැ)
පොඩි ගානෙ වෙනස බලන්නෙ නැතිව ඒජන්ට්ගෙන් ගනින් ඇපල් කෙයා එක්ක, එතකොට අවුලක් ආවොත් ,ඩිස්ප්ලේ ස්පීකර්, බැටරි වගේ නම් පාට් එක රීප්ලේස් කරලා දෙනවා, වෙන අවුලක් නම් කෙලින්ම අලුත් ෆෝන් එකක් දෙනවා