නෙත් FM හලාල් වුණාද?
ජාතියේ නාලිකාවත් පල්ලියට විකිණුනාද?
ජාතියේ නාලිකාව නමින් හදුන්වාගන්නා නෙත් එෆ් එම් නාලිකාව 2013.01.15 වන දින 'Copy Paste විචාරකයන් සමග හලාල් ගැන කතා කරමු !!" මාතෘකාව යටතේ විකාශය කරන ලද බැලුම්ගල වැඩසටහන හරහා මුලුමහත් රට ඉදිරියේ සමස්ථ ජාතියම නිර්වස්ත්‍ර කරන්නට දැරූ පහත් උත්සහාය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ගෞරවාදරය දිනාගෙන තිබූ විශිෂ්ඨ වැඩසටහනක් බව අපි අමතක නොකරමු. මේ රටේ අහිංසක ජනතාව රවටමින් රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන හා හොර තැරැව්කරුවන්ගේ වංචා දූෂණ නොබියව හෙළිදරව් කරමින් ඔවුන් කළ අනගි මෙහෙය යළි යළිත් අගය කරමු. එහෙත් නෙත් බැලුම්ගල පිළිබද වූ ප්‍රේක්ෂක විශ්වාසය තරමක් ඈත් මෑත් වන ආකාරයේ සිදුවීම් කිහිපයක් දිගින් දිගටම පෙළ ගැසෙමින් පවතින බව බැලුම්ගල සමග මුල සිටම රැදී සිටි සිංහල බෞද්ධ ප්‍රේක්ෂකයන්ට තේරුම් යමින් පැවතුනා යැයි කීවොත් එය අසත්‍යක් නොවේ. බුද්ධ ශාසනය රැක ගැනීමේ අරමුණින් හෝ. භික්ෂූන් වහන්සේලාට (ඇතැම් අය කියන පරිද) එලව එලවා පහරදෙන බැලුම්ගල කණ්ඩායම, මුස්ලිම් ජාතිකයන් විසින් සිදු කරන බරපතල වංචා දූෂණ පිළිබදව මුනිවත රකින්නේ මන්දැයි මැදහත් ශ්‍රාවක සිත් තුළ පැවතියේ සැකයකි. මෙසේ මුස්ලිම් ජාතියකන් සුදනන් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දුදනන් කරන්නේ බැලුම්ගල වැඩසටහනට ප්‍රධාන මූල්‍ය අනුග්‍රය සපයන ඇල්ලි ෆුඩ් ප්‍රඩක්ට්ස් ආයතනය මුස්ලිම් ව්‍යපාරයක් වීම නිසාදැයි මේ රටේ සිංහල බෞද්ධ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරයි.
බැලුම්ගල වැඩසටහන පිළිබද සිංහල බෞද්ධයන්ගේ සිත් තුළ පැවති සැකය වැරදී නොමැති බවට තහවුරු කළේ ඔවුන් විසින් ඊයේ 2013.01.15 දින විකාශය කරන ලද මෙතෙක් ප්‍රචාරය වූ නින්දාසහගතම හා අසාර්ථකම බැලුම්ගල වැඩසටහනයි. එම වැඩසටහන හරහා මේ රටේ 70% කට වඩා සිටින බෞද්ධයන්ට හීන් නුලෙන් පහර ගසා 9 - 15 % ත් අතර සිටින මුස්ලිම් ජාතිකයන්ට මුවා වී මුස්ලිම් අන්තවාදය සාධාරණිය කිරිමට මහත් වෙහෙසක් ගත් බව එම වැඩසටහන ඇසු ඕනෑම අයෙකුට සක් සුදක් සේ පැහැදිලි වනු ඇත. හලාල් ගැන කතා කරමින් ආරම්භ වූ වැඩසටහනේ කතා නොකල එකම දෙයද හලාල් පිළිබද සත්‍ය යතාර්ථයයි. මාතෘකාව හලාල්, වුවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට හලාල් පිළිබදව ඇති තතු ප්‍රසිද්ධියේ කතා කළ නොහැක්කේ ශ්‍රාවකයන් තණ කොල කන ගවයින් නොවන හෙයිනි. ඒ තරමටම අන්තවාදී ආගමික න්‍යායක් මත පදනම්ව ක්‍රියාත්මක වන 'හලාල්' මගඩියේ ඇති තතු වස්ත්‍රයක් ඇදගෙන සිංහලයෙකුටනම් හෘද සාක්ෂියට එකගව සාධාරනීකරණය කළ නොහැකිය. ඒ වෙනුවට ඔවුන් කළේ හලාල් පිටුපස ඇති වංචනික කුමන්ත්‍රණය හෙලි කළ සමස්ථ ජාතික සංවිධන ක්‍රියාවලියටම එලව එලවා පහර දීමයි. හලාල් පිළිබදව සිංහල ජනතාවට ඇති තතු හෙළිදරව් කරමින් අදහස් පල කල සිංහල බෞද්ධයින් අන්තවාදීන්, නිවටයන් ලෙස හංවඩු ගැසීමයි.
බැලුම්ගල, හලාල් කුමන්ත්‍රණයේ සැබෑ තතු සගවාගනිමින් සිංහලයන්ට පහර දී හලාල් සාධාරණීකරණය කරන්නට උත්සහා ගත්තේ කාගේ උවමනාවටද? පැහැදිලිවම මුස්ලිම් අන්තවාදී සංවිධානවල උවමනාව මත බව අපි චෝදනා කරමු. facebook මාධ්‍ය හරහා සිදු කෙරෙමින් පවතින දැනුවත් කිරීම සුළුපටු එකක් නොවන අතර ඒ හරහාම හලාල් විරෝධී මතවාදය ප්‍රබලව සමාජ ගත වී ඇති බව තහවුරු කරන්නේ දිනෙන් දිනම හලාල් ප්‍රෝඩාව ගැන දැනුවත් වෙමින් පවතින සිංහල සමාජය සහ ව්‍යාපාරිකයින් එය ප්‍රතික්ෂේප කිරීමට පෙළඹී තිබීම නිසාය. මේ හමුවේ වියරු වැටී සිටින අනත්වාදී මුස්ලිම් සංවිධාන හා අවාසනාවකට ඔවුන්ගේ ඉත්තන් ලෙස භාවිතා වන නෙත් FM වැනි ජාතික ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය හරහා පෙන්නුම් කරන්නේ ෆේස්බුක් ප්‍රචාරක ජාලය මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට අභියෝගයක් වී ඇති බව නොවේද? ඒ නිසා බැලුම්ගල නිවේදක තැන විසින් මුස්ලිම් අන්තවාදී සංවිධානයකින් ලියා දෙන ලද පිටපතක් කියවමින් සිංහල ජාතියටම නිග්‍රහ කළා හැරෙන්නට මේ වැඩසටහන හරහා අන් යමක් නොකළ බව අපේ හැගීමයි.
අනෙත් අතට මුස්ලිම් අන්තවාදය පිළීබදව සයිබර් අවකාශයේ කතා කරන සිංහල බෞද්ධයන් 'ඉන්ටර්නෙට් බෞද්ධයින්' ලෙස සමච්චල් කරන, මහා ප්‍රාඥයින් ලෙස තමන්ව හුවා දක්වන මේ මාධ්‍ය ඔස්තාර්ලා අනෙක් පසට හැරී හලාල් වැනි ලාංඡන තිබිය හැකිනම් එවාට එරෙහිව බෞද්ධ ලාංඡයක් නිර්මාණය කිරිම පිළිබදව නුගත් මතවාදයක් ද ඉදිරිපත් කරයි. අප දැඩිව අසන්නේ අපිත් ලාංඡන නිර්මාණය කරන්නේ මුස්ලිම් අන්තවාදයට බයේද ? සුලුතර මුස්ලිම් ප්‍රතිශතයකගේ අවශ්‍යතාවය මත බහුතර සිංහලයන් තමන්ට කිසිසේත්ම අදාල නොවන, කිසිම ප්‍රමිතියකට යටත් නොවන, නීත්‍යානුකූල භාවයක් නැති. අන්‍යගමික මතවාදයක් බලෙන් කරපින්නා ගත යුතුද? එසෙත් නැතිනම් විවිධ අන්තවාදී පිරිස් වලට අවැසි ලෙස ඔවුන්ගේ අන්තවාදී මතවාද මුළු මහත් සමාජය පිට පටවන්නට ඉඩ දී බලා සිටිය යුතුද? එනිසා එකට එක කරන මෙවැනි බුද්ධිමත් හා ප්‍රායෝගික නොවන යෝජනා ඉදිරිපත් කරමින් සැබෑ අනතුර වසන් කිරීමට යත්න දැරීම අතිශයින්ම විසුලු සහතය.
එමෙන්ම උක්ත වැඩසටහන හරහා ජාතියේ ඉදිරි පැවැත්මට බලපාන අතීශයින්ම සංවේදි කරුණක් පිළිබදව සිංහල ජන මනස නොමග යවන්නට දැරූ සාහසික උත්සාහයට පිළිබද නෙත් මාධ්‍යවේදීන් පිළිබදව අපි අතීශයින්ම කම්පාට පත් වෙමු. සිංහල ජාතිය වදව යෑමේ බිහිසුණු ඉරණමකට මුහුණ පා ඇති බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සහ විද්වත් පාර්ශව වලින් පවා අනතුරු හගවා තිබිද්දී, ඒ පිළිබදව පුළුල් ලෙස කතාබහ සිදුවෙමින් පවතිද්දී බැලුම්ගල වැඩසටහන හරහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිරවද්‍ය නොවන වාර්ථා උපුටා දක්වමින් එවැනි අනතුරක සේයාවක්වත් නොමැති බව පවසමින් සිංහලයන් නොගම යැවීමට උත්සහා දැරුවේ ඇයි. ජාතියේ ඉරණම ගැන කතා කරන සිංහල බෞද්ධයන් අන්තවාදීන් ලෙස හංවඩු ගැසුවේ ඇයි. බැලුම්ගලට අනුව මහානායක හිමිවරුත් අන්තවාදීන්ද? සිංහලයාගේ නෙත් වසා මීනී වලට දක්ක රුදුරු මෙහෙයුමට නෙත් වැනි ජාතික ආයතනයක් පහසුකම් සැපයීම අතිශයින්ම කණගාටුදායකය.
කරුණු කාරණා එසේ වෙත්දී ඔබ ආයතනය සැබෑ ලෙස සද්භාවයෙන් කටයුතු කරන මධ්‍යස්ථ ආයතනයක්නම් (චෝදනා එල්ල වන පරිදි මුස්ලිම් අන්තවාදයට කඩේ නොයන ආයතනයක් නම්) පහත අභියෝගයන් වලට පිළිතුරු දී ඔබේ සද්භාවය ඔප්පු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
► ලංකාවේ පවතින නීතියට අනුව උලමා සංවිධානයට හලාල් නමින් සහතිකයක් නිකුත් කිරීමේ නීතිමය හැකියාවක් තිබේද? පාරිභෝගික අමාත්‍යාංශයේ, පාරිභෝගික අධිකිරියේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය රහිතව යම් සංවිධානයකට සමස්ථ පාරිභෝගික ප්‍රජාවම අවරණය කරමින් ප්‍රමිත සකස් කළ හැකිද, ඒවා නීත්‍යානුකූල වන්නේ කෙසේද? හලාල් සහතිකය අනුමත කරන විද්‍යාත්මක ක්‍රමවේදය කුමක්ද? SLS, ISO තත්ත්ව සහතික තිබියදී තවත් අමතර ප්‍රමිති සහතික කුමටද? හලාල් ඉස්ලාම් ආගම මත පදනම් වූවක් පමණක්ද? එසේ නම් ඉස්ලාම් ආගමේ මූලධර්ම ඉස්ලාම් නොවන්නන් හා සිංහල බෞද්ධයනුත් පිළිගත යුතුද? එය කොතෙක් දුරට සාධාරණද? සදාචාරාත්මකද? හලාල් සහතිකය සහිත භාන්ඩ ඉල්ලා සිටීමට ඉස්ලාමිකයන්ට අයිතියක් තිබෙනවා සේම හලාල් නොමැති භාන්ඩ ඉල්ලුම් කිරීමට ඉස්ලාම් නොවන්නන්ට අයිතියක් තිබෙනවා නේද? ඉස්ලාමය අනුව දෙවියන්ට කැප කළ යන අරුත් ගැන්වෙන හලාල් භාණ්ඩ බුද්ධ පූජාව සදහා යොදා ගැනීම සුදුසුද? හලාල් සහතිකය මගින් උපයා ගන්න මුදල් ප්‍රමාණය කෙතෙක්ද? ඒ මුදල් වලට සිදුවන්නේ කුමක්ද? හලාල් යනු මිලේච්ඡ ශරීයා නීතියේ මූලික අවස්ථාව බව ඔබ පිළිගන්නවාද? මෑතදී මුස්ලිම්කරණය වූ රටවල්වල සම්පූර්ණයෙන්ම මුස්ලිම්කරණය වීමට පෙර හලාල් සමාජගත කළ ආකාරය හා ඒ හරහා මුස්ලිම්කරණයට පදනම දැමූ ආකාරය ඔබට පැහැදිළි කළ හැකිද? ධනවත් හා දියුණු රටවල් හලාල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබද සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ හැකිද? මෙවැනි වැදගත් ගැටළු සම්බන්දයෙන් කිසිදු හෙළිදරව්වක් නොකර හලාල් පිළිබද වැඩසටහනින් බලාපොරොත්තු වුයේ කුමක්ද?
► කූරගල , මුහුදු මහ විහාරය, දීඝවාපිය වැනි අති පුජනීය බෞද්ධ සිද්ධස්ථානයන් ආක්‍රමණය කර ඓතිහාසික පුරාවස්තු විනාශ කරන මුස්ලිම් ජාතිකයන් එරෙහිව ඔබලා හඩ නොනගන්නේ ඇයි ? මුස්ලිම් ජනපද බිහි වී සිංහල දායකයන්ගෙන් හුදකලා වී ඇති වෙහෙර විහාර වල තනීවී සිටින භික්ෂූන් වහන්සේලා බිය වද්දමින් පලවාහරින්නට උත්සහා කරන ආකාරය පිළිබද යමක් කිව හැකිද?
► සූක්ෂම ලෙස රට වටා සිංහලයන් සතු ගම් නගර ආක්‍රමණය කරමින් විවිධ බලපෑම් හරහා ඉතිරි වී සිටින සිංහලයිනුත් පලවා හැරීම සාධාරනීකරණය කිරීමට ඔබට හැකිද? බෞද්ධ වෙහෙර විහාර ආසන්නයේම පල්ලි ඉදිකර පසුව අසල පිහිටි විහාරස්ථානවල කටයුතු වලට බාධා කිරීම (පිරිත් දේශනා විකාශය) ගැන ඔබ දක්වන අදහස කුමක්ද? (රට පුරා සිදු වෙමින් පවතින්නේ මෙයයි)
► මුස්ලිම් ජාතිකයන් ප්‍රධානත්වය දරන ආයතනවල සිංහලයන්ට දෙවෙනි තැන ලා සලකන්නේ ඇයිදැයි පැහැදිළි කළ හැකිද?
මෙකී නොකී දෑ තවත් බොහෝ තිබේ. එහෙත් මේවාට සද්භාවයෙන් යුතුව පිළිතුරු දීමට වත්මන් නෙත් FM බැලුම්ගලට හැකි වේදැයි අපි නොදනිමු. ඒ ඔවුණුත් හලාල්කරණය වී ඇති බව අපට හැගෙන නිසායි. කෙසේ වෙතත් ඕනෑම සමාජයක වේවා. සංවිධානයක වේවා අන්තවාදීන් නැතුවා නොවේ. එහෙත් වගකිවයුතු පිළිගත් මාධ්‍ය ආයතනයක් වශයෙන්, ඊටත් වඩා සිංහල බෞද්ධයන් වශයෙන්, ඔබ කළ යුතුව තිබුණේ ජාතික ව්‍යාපාරය තුළ අන්තවාදීන් සිටිනවානම් වැරදි නිවැරදි කර ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කරනවා මිස සමස්ථ ක්‍රියාවලියම නිර්දය ලෙස විවේචනය කරමින් ශ්‍රාවකයින් නොමග යවා ඔවුන්ගේ බුද්ධියට නිගා කිරීම නොවේ. ඔබ වැනි වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීනුත් පටු පරමාර්ථයන් උදෙසා සත්‍ය වසන් කර මාධ්‍ය සදාචාරය අනාචාරයේ යොදවනවානම් මාධ්‍ය සදාචාරයක් ගැන දැනීමක් නොමැතිවුණ්ගේ ක්‍රියාවන් විවේචනය කරන්නට ඔබට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
කළ මෙහෙය අගයමු, පාවා දීම හෙළා දකිමු.
Sorce:- sory.com