මචන් ඔය වගේ private තැන් වල නෙට්වර්ක් කෝස් කරනවට වඩා රජයේ තැනක මොනවා හරි කෝස් එකක් කරනවා නං හොඳයි. හිතපන් උඹ network+, MCTS, MCITP, cisco වගේ කලා කියලා. හරි online exam එකත් පාස් කියමු. ඒත් Interview එකකට ගියොත් සමහර වෙලාවට interview board එකේ ඉන්න එවුන් ඕවා අහලා වත් නෑ. මට MCTS (Microsoft Certified Technology Specialist ) තියෙනවා කිව්වම උන් උඩබිම බලනවා. NIBM වගේ එකක අවුරුද්දකවත් Diploma එකක් කරපන්. වැඩි අමාරුවක් නැතුව ජොබ් එකකට පනින්න පුළුවන්. උඹට network වලට ආසනං NIBM එකේ අවුරුද්දේ networking diploma එක කරපන්. fee එක නං 110,000/- ක් වෙනවා. අනික අවුරුද්ද ඉවර වෙලා උන් ජොබ් traning එකකට දානවා. NIBM එක විතරක් නෙවේ තව තැන් තියෙනවා.
මොකද මමත් අවුරුදු 2 ක් certificate කෝස් පස්සේ පැන්නුවා. MCSA, Cisco වගේ. අපරාදේ කාලේයි සල්ලියි. ඉන්ටර්වීව් වලට ගියාම HR එකේ ඉන්න වුන් ඒවා දන්නේ නෑ. තාමත් මට හොඳ ජොබ් එකක් නෑ. මම කියන්නේ නෑ microsoft, cisco වගේ කෝස් වලින් දැනුම්ක් එන්නේ නෑ කියලා. උනන්දුවෙන් කලොත් හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒත් ඒක විතරක් මදි. අනිවා min 1year diploma එකක් හෝ degree එකක් ඕනේමයි. පිළිගන්න එක නොගන්න එක උඹේ වැඩක්. කරනදෙයක් හොඳට හිතලා අතදැකීමක් තියෙන කෙනෙක්ගෙන් අහලා කරපන්. නැත්නං පසුතැවෙන්න වෙයි. ඒ දවස් වල මට කවුරුත් මේවා තේරුං කරන්න හිටියේ නැති නිසා මං අමාරුවේ වැටුනා. උඹ නොවැටෙන්නයි කිව්වෙ. ජය වේවා !