Never Celebrate Too Early

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    කොරෝනා හමාරයි කිව් අය නිසා පී සී ආර් වැඩි කරගන්න බැරිවුණා


    තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණික යන්ත්‍ර ලබා දුන්නේ නම් දිනකට පී.සී.ආර් පරික්ෂණ 50,000ක පමණ ධාරිතාවක් සම්පුර්ණ කළ හැකිව තිබූ බවත් කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ රෝගය සම්පුර්ණයෙන් අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරින් නිසා පී.සි.ආර් ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාව අහිමිවූ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.


    නිවැරදි තාක්ෂණය ලබාදුන්නේ නම් පැයකදී පී.සී.ආර් පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවද එම සංගමයේ


    සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.


    විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටලු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතළ අර්බුදයකට ලක් වෙමින් තිබෙන බව ද එහි සඳහන්ය. මේ වන විටත් මෙරට සියලුම රසායනාගාර පී.සී.ආර් පරික්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, ඒ හේතුවෙන් එක පරික්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා සිටීමට තම වෘත්තිකයින්ට සිදු වී ඇති බවත් ඔහු එම ලිපියෙහි දක්වා ඇත.

    මෙම උපකරණ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබියදීත් ඇතැම් නිලධාරින් කොවිඩ් අවසන් බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව ද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොමු කළ ලිපියේ දැක්වේ.


    මීට අමතරව රසායනාගාර සඳහා සැපයුම් පද්ධතිය අබඩව පවත්වා නොගැනීම, නව වෛද්‍ය රසායනාගාර විද්‍යා නිලධාරීන් 113 දෙනකු පත් කිරීම ප්‍රමාද කිරිම, රසායනාගාර විද්‍යාඥ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස පත් කිරීමට නොහැකි වීම, දිනකට පී.සී.ආර් පරික්ෂණ 4000ක් පමණ සිදුකළ හැකි ක්ෂය හා ළය රෝග මර්දන ව්‍යාපාරය යටතේ ඇති සෞඛ්‍ය ආයතන 36ක පවතින පී.සී. ආර් යන්ත්‍ර සඳහා දීර්ග කාලයක් තිස්සේ ප්‍රතික්‍රියක ලබා නොදීම, නිස්සාරක යන්ත්‍ර සඳහා ගෙන්වා තිබූ ප්‍රතික්‍රියක කට්ටල ගුවන් තොටුපළ ගබඩාවලින් නිදහස් කර ගැනීම පමා වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව ද එම ලිපියේ දැක්වේ.


    https://www.gossiplankanews.com/2020/11/covid19-srilanka.html



    never_celebrate_too_early_02.gif

    never_celebrate_too_early_08.gif
     

    Attachments

    • 1604329544134.png
      1604329544134.png
      63.4 KB · Views: 76

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඔන්න නියම ප්‍රශ්ණ ටික සහ මේ ඈති වෙලා තියෙන තත්වයට බලපාපු ඈත්ත හේතුව එලියට ඈවිල්ලා. කොරොනා ඉවරයි කියලා ගොන් ආතල් ගත්ත එක
     
    • Like
    Reactions: dilann and Nelza

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    "මෙම උපකරණ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබියදීත් ඇතැම් නිලධාරින් කොවිඩ් අවසන් බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව ද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොමු කළ ලිපියේ දැක්වේ."

    දැන් හරිනේ
    දීපල්ලකෝ සල්ලි
     
    • Like
    Reactions: Nelza

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    ඔය යුනියන් එකෙන් කියලා තමා කලින් හිටිය ආනන්ද ජයලාල්ව අයින් කලේ
    දැන් ඒ වෙනුවට දාලා ඉන්න එකාටත් බකට් එක දානවා
    මුලින්ම PCR කරපු ජපුරේ උන්ව PCR නතර කරන තැනට වැඩ සැලැසුවේ
    කැම්පස් වල PCR කරන නවත්තන්න ලියුම් ලිවුවෙත් උන්
    මුලින් යුනියන් ප්‍රශ්න විසඳගත්තනම් හරි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    ඔය යුනියන් එකෙන් කියලා තමා කලින් හිටිය ආනන්ද ජයලාල්ව අයින් කලේ
    දැන් ඒ වෙනුවට දාලා ඉන්න එකාටත් බකට් එක දානවා
    මුලින්ම PCR කරපු ජපුරේ උන්ව PCR නතර කරන තැනට වැඩ සැලැසුවේ
    කැම්පස් වල PCR කරන නවත්තන්න ලියුම් ලිවුවෙත් උන්
    මුලින් යුනියන් ප්‍රශ්න විසඳගත්තනම් හරි
    :oops: :oops:
     
    • Wow
    Reactions: Nelza

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දවසකට 50,000 කරන්න පුළුවන් නං දිස්ත්‍රික්කයක් වහල හැම ගෙදරකින්ම එකා ගානේ දවස් දහයෙන් ටෙස්ට් කරන්න පුළුවන් නෙ :baffled:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මේ සෙම් එකේ අපිටත් pcr කරන හැටි ප්‍රැක්ටිකල් වලට තියනවා කරන්න...ලැබ් වල මැශින් තියෙනවා.ටෙක්නීශියන්ලා ඉන්නවා,මහාචාර්යවරු ඉන්නවා කරන්න දෙන්නේ නෑ..අපි තමයි කෙරුමෝ අනිත් වුන් කබ්බෝ කියලා පෙන්න ගන්නනේ ඕනි.කැම්පස් වලට දෙන්න කැමති නෑ...පාස්කු ප්‍රහරෙදිත් ඒකනේ හොයාගත්ත කෙනා අනිත් කෙනාට කියන්නේ නෑ..අපි කෙරුමෝ කියලා හිතන් ඉන්නවා.
     
    • Like
    • Wow
    Reactions: Mad Weera and Nelza

    Similar threads