නවතම තාක්ෂණය භාවිත කරමින් ඊයේ මාතර ප්‍රධානතම විද්‍යාලයක සිසුවෙකු උසස්පෙළ විභාගය වංචා කළ සිදුවීමක් වාර්තා වනවා.
ඔහු පාවිච්චි කර තිබුනේ, ජංගම දුරකතනය හා සම්බන්ධ බ්ලුටූත් උපකරණයකි. එය කණේ ගසාගෙන බාහිර ඇමතුමකින් ලැඛෙන උපකාර ඔස්සේ පිළිතුරු ලිවීමේ අපූරු උපායක ඔහු යෙදුනේය.
ඔහුගේ ජංගම දුරකතනය තිබී ඇත්තේ ගමන්මලූ තබන තැනය.
මෙම සිසුවා ගැන සැක සිතී අදාළ ශාලාධිපතිවරයා එම බ්ලුටූත් උපකරණය සිය භාරයට ගෙන ඇති නමුත් නොදැනුවත්කම නිසා එයට ඇමතුමි ආ ජංගම දුරකථනය භාරයට ගෙන නැත.
කෙසේ වෙතත් මෙම සිසුවා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරගෙන යන බව වාර්තා වේ.
බ්ලුටූත් උපකරණයකින් ජංගම දුරකතනයකට දුරක සිට බාහිරව සම්බන්ධ විය හැකි අතර කනේ ගසාගෙන ඇමතුමට පිළිතුරු දිය හැකිය.
Link
+rep


