ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයක් සහිතව නව රියැදුරු බලපත්*රය ළඟදීම එයි
ශී්*ර ලංකාවේ රියැදුරන් සඳහා අලුතින් භාවිත කිරීමට නියමිත නව රියැදුරු බලපත්*රය ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයන් අනූව පිළියෙල වන හෙයින් ඊට ජාත්*යන්තර වශයෙන් වටිනාකමක් එක්වනූ ඇති බව මෝටර් රථ ප්*රවාහන කොමසාරිස් ජනරාල් බී. විජයරත්න මහතා "දිවයින"ට පැවැසීය. විටින් විට අනාවරණය වන පරිදි දැනට රියැදුරු බලපත්*ර ව්*යාජ ලෙස මූද්*රණය කිරීම වැළැක්වීමට මෙම නව බලපත්*රය අති නවීන තාකෂණික ආරකෂක උපක්*රම ද භාවිත කරමින් මූද්*රණය වීම විශේෂත්වයකි.
නව රියැදුරු බලපත්*රය පිළිබඳ ඇතිව තිබූ සැක සංකා ශ්*රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවෙන් දැන් පහව ගොස් ඇති බව පැවැසූ විජයරත්න මහතා ලබන 26 වැනිදා වන විට නව බලපත්*රය ලබා දීමේ මූලික කටයූතු ආරම්භ කරන බවද කීය. මේ සඳහා වේරහැර පිහිටි කාර්යාලය නවීකරණය කිරීමේ කටයූතු දැනටමත් සිදුවෙමින් පවතී.
නව රියැදුරු බලපත්*රයේ අඩංගු සියලු තොරතුරු හා වාහන කාණ්ඩ වර්ගීකරණය ජාත්*යන්තර සම්මත ක්*රමයට අනූව ඇතුළත් වෙයි. රියැදුරන්ට මෙන්ම නීතිය ක්*රියාත්මක කරන නිලධාරීන්ට ද රියැදුරු බලපත්*ර හිමියන්ට නියමිත වාහන කාණ්ඩ පහසූවෙන් හඳුනාගත හැකි පරිදි නව බලපත්*රයේ එක් පැත්තක ජාත්*යන්තර පිළිගත් රූපමය සංකේත ද භාවිත කෙරෙනූ ඇත.
නව රියැදුරු බලපත්*රයේ පිටූපස රියැදුරු බලපත්*රලාභියාට වලංගු වාහන පන්තිය රූපමය සංකේත සඳහන්ව ඇති අයූරු.
නව බලපත්*රය යටතේ ස්වයං යාන්ත්*රික (ඔටෝ) වාහන පැදවීම සඳහා සැහැල්ලු වාහන සඳහා පමණක් බලපත්*ර ලබාගැනීමට "ඔටෝ" වාහන ධාවනය කරන අයට හැකිවන අතර ඒ සඳහා නීතිමය ප්*රතිපාදන ද සලසා තිබේ. එමෙන්ම ලේසර් එන්ග්*රේවින් තාකෂණයෙන් නව රියැදුරු බලපත්*රයේ තොරතුරු මූද්*රණය කෙරෙනූ ඇත. ඊට අමතරව "ස්කෑන්" කළ නොහැකි හොලෝ ග්*රෑම් තාකෂණයෙන් හා පාරජම්බූල මූද්*රණයකින් ද එය සමන්විත වෙයි. එමෙන්ම එහි සියූම් අකෂර (ඵසජරද එැංඑඃ හා ,ටමසකකදජයැි, (මූද්*රණයකින් ද) මූද්*රණය වන අතර කාඩ්පතේ පසූබිම අපේ ඉපැරණි ජාතික අනන්*යතාව හා හෙළ කලාව ප්*රතිමූර්තිමත් කරමින් සඳකඩ පහන පසූබිමින්ද යූක්ත වේ.
දෙපාර්තමේන්තුව පමණක් දන්නා එකිනෙකට වෙනස් රහස්*ය සංකේත ද එහි ඇතුළත් වනූ ඇත.
නව රියැදුරු බලපත්*රය පිළිබඳ අදහස් දැක්වූ මෝටර්රථ වාහන සහකාර කොමසාරිස් සමන්ති සේනානායක මහත්මිය පැවැසූවේ දැනට භාවිත වන රියැදුරු බලපත්*රයේ රියැදුරා පිළිබඳ පෞද්ගලික තොරතුරු වශයෙන් ඡායාරූපය, නම, ලිපිනය හා ජාතික හැඳුනූම්පත් අංකය පමණක් සඳහන් වන නමූත් නව බලපත්*රය තුළ රියදුරාගේ නම, ලිපිනය, ජාතික හැඳුනූම්පත් අංකය, අත්සන, රුධිර වර්ගය, මාරක අනතුරකදී අවයව පිළිබඳ කැමැත්ත, උපන් දිනය රියදුරු පිළිබඳ සීමාවන් (ෘරසඩැර සෘැිඑරසජඑසදබඃ භෞතිකව මූද්*රණය වන අතර ඇඟිලි සලකුණූ හා ඉහත විස්තර නව බලපත්*රයේ ඇති විශේෂ "චීප"යට ද ඇතුළත් වන බවයි.
මහා මාර්ගවලදී නීතිය ක්*රියාත්මක කරනූ ලබන නිලධාරීන්ට සපයනූ ලබන ජංගම කියවීමේ යන්ත්*ර මගින් රියැදුරු බලපත්*රයේ ඉලෙක්ට්*රොනික "චීප"යේ ඇති තොරතුරු හා රියැදුරු ධාවන භාවිතාව පිළිබඳ ලකුණූ පිළිබඳ පරීකෂා කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරම්භයේදී පොලිසියට මේ සඳහා ජංගම කියවීමේ යන්ත්*ර 500 ක් පමණ නිකුත් කිරීමට නියමිතය.
Last edited:


