New Model Maleeka

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    Got frm FB

    246814_212630082108535_149226071782270_593357_4843424_n.jpg

    247814_212630102108533_149226071782270_593358_4918970_n.jpg

    260104_212630148775195_149226071782270_593360_4660635_n.jpg

    254969_212630208775189_149226071782270_593362_4147951_n.jpg

    264289_212630245441852_149226071782270_593363_6603908_n.jpg
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    Check this
    http://www.divaina.com/2011/06/19/cineart01.html

    ඔව් ඉතින් ...
    එහෙම යෝජනා එනවා ඒත් මොනවා කරන්නද
    සුපර් සික්‌ස්‌ තුළින් සිනමාවට එන මලීකා

    සම්පූර්ණ නම - මලීකා සිරිසේනගේ
    ගම - දෙහිවල
    පාසල - ප්‍රෙස්‌බිටීරියන් කාන්තා විදුහල, දෙහිවල.
    උපන් දිනය - 1984 නොවැම්බර් 16

    හැඩකාර මලීකා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌. මේ අලුත් මුහුණ ගැන අද දවසේ කලා ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස්‌ කතා බහට ලක්‌කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නුදුරේදීම තිරගතවීමට නියමිත සුපර් සික්‌ස්‌ චිත්‍රපටය හේතුවෙන්. ගුවනේ පියාඹන මලීකා සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද කියල වගේම ඇගේ පුද්ගලික විස්‌තර ටිකකුත් අපි ඔබට කියන්න අදහස්‌ කළා.

    මලීකා කොහොමද ගුවන් සේවිකාවක්‌ වුණේ ?

    පොඩි කාලේ ඉඳන්ම ආසාවක්‌ තිබුණා ගුවන් සේවිකාවක්‌ වෙන්න. ලොකු වෙලා කොහොම හරි ඒ ආසාව ඉටු කරගත්තා.

    ගුවන් සේවිකාවක වීම සිහිනය සැබෑ වීමක්‌ කිව්වොත් ?

    ඔව්. එයට සම්බන්ධ වෙන්න පෙර මම විදෙස්‌ගත වුණා වැඩිදුර අධ්‍යාපනයට. එහිදී කාලය ගත කරන්න අපහසු නිසා නැවත ලංකාවට ආවා. ඊට පසුව තමයි ගුවන් සේවිකාවක්‌ වුණේ.

    ගුවන් සේවිකාවක්‌ වෙලා කොච්චර කල්ද?

    අවුරුදු හයක්‌ විතර වෙනවා.

    ගුවන් ගමන් අතරතුර සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේද?

    අපේ රටේ යුද්ධය ජයග්‍රහණය කරලා කියලා ආරංචිය ලැබෙන කොට අපි හිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජෝර්දානයේ. යුද්ධය ජයග්‍රහණය කළා කියලා ආරංචිය ලැබුණේ එහෙ ඉන්දෙද්දී. ඒ ආරංචියත් සමග අපි නැවත ලංකාවට ආවා. ඒ ගුවන් ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාගෙ ඉඳලා හැමෝම හිටියෙ පුදුමාකාර සතුටකින්.

    මතුපිටින් දකින අය මේ ගුවන් සේවිකා රැකියාව ගැන විවිධ දේ කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?

    එහෙම බොරු කතා කියන්නේ මේ අංශයට සම්බන්ධ වෙන්න බැරි අය. ගුවන් සේවිකාවක්‌ වෙන්න ලස්‌සන විතරක්‌ නෙවෙයි, හැම දෙයක්‌ම බලනවා. සමහර අයට සම්බන්ධ වෙන්න බැරි වුණහම එවැනි කතා කියනවා. මම තරුණියක්‌ විදිහට ඕනෑම තරුණියකට කියනවා තමන් දන්නවා නම් කොහෙද යන්නේ, මොනවාද කරන්නේ කියලා ගුවන් සේවිකාවක්‌ වෙන්න කියලා. ඒ වගේම ලංකාවේ තරුණියකට හොඳම රැකියාව තමයි ගුවන් සේවිකා වෘත්තිය.

    සුපර් සික්‌ස්‌ චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා ලැබුණේ කොහොමද?

    ඒ ආරාධනාව නම් ලැබුණේ මගේ පෙම්වතා මාර්ගයෙන්. එයාගෙ හොඳම යාළුවා තමයි සදෙෂ් කුමාර්. චිත්‍රපටයට කට්‌ටිය තෝරනවා බලන්න මමත් ගියා. එතැනදී මාව දැකල ඒ ගොල්ලො මගෙන් ඇහැව්වා කැමතිද රඟපාන්න කියලා. ඊට පස්‌සේ තමයි මම සම්බන්ධ වුණේ.

    මුලින්ම රංගනයට එන්නේ සිනමාවෙන්. ඉතිං බය හිතුණේ නැතිද ?

    ගොඩක්‌ බය හිතුණා. හැබැයි මට රොෂාන්, සාරංග, පබෝධා, අරුණි, හේමාල් වගේම හැමෝම උදව් කළා. ඇත්තටම මම රංගනය ගැන කිසිම දෙයක්‌ දැනගෙන හිටියේ නැහැ. ඒ සම්බන්ධව හදාරලත් නැහැ. මම ක්‍රීඩා අංශයට තමයි දක්‍ෂ.

    මේ සමග රංගනයට නැවත ආරාධනා ලැබුණාද?

    ආරාධනා නම් ලැබෙනවා. ඒත් භාරගන්න සූදානමක්‌ නැහැ.

    රංගන ශිල්පිණියක්‌ වෙන්න කැමති නැතිද?

    අපි කරන රස්‌සාවත් සමග රඟපාන්න අමාරුයි. රස්‌සාව කරන්නේ නැති කාලෙක රඟපාන්න බලමු.

    මේ දේවල් ලැබීමට ඔබේ රූපය හේතුවුණා කියලා හිතනවද?

    අනේ මන්දා. ඔවුන් බලපු විදිහ මම දන්නේ නැහැ. අධ්‍යක්‍ෂතුමාත්, නිෂ්පාදකතුමාත් මාව මේ චරිතයට තෝරාගත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

    මලීකා ගුවන් සේවිකාවක්‌ නිසා සිරුර ගැනත් හිතන්න වෙනවා නේද?

    පැහැදිලිවම. මොකද අපේ බර ප්‍රශ්නය හරියට එනවා. ඒ වගේම උසත් බලපානවා. කොහොම වුණත් බර පිළිබඳ විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන්න වෙනවා.

    රට රටවල යන නිසා කෑම පාලනය කරන්න අමාරු නැද්ද?

    එහෙම නම් නැහැ. මම නම් තවම නෙට්‌බෝල්, බාස්‌කට්‌ බෝල් ක්‍රීඩා කරනවා. ඒ නිසා මම ඒ ගැන වැඩිපුර බලන්නේ නැහැ. හොඳට කන එක නම් කරනවා.

    යුවතියක්‌ මොන විදිහේ චරිතයක්‌ විය යුතුයි කියලද හිතන්නේ ?

    ලංකාවේ කාන්තාවක්‌ මොන විදිහට ජීවත් වුණත් මිනිස්‌සු කියන දේවල් නවත්වන්න බැහැ. තමන් හරිනම් කාටවත් බයවෙන්න වුවමනා නැහැ.

    පවුලේ විස්‌තර කිව්වොත් ?

    අම්මයි, තාත්තයි, අක්‌කයි. අක්‌කා විවාහකයි.

    මලීකා ආදරය ගැන හිතන්නේ කොහොමද?

    ආදරය හරිම සුන්දරයි. මටත් පෙම්වතෙක්‌ ඉන්නවා. ලබන අවුරුද්දේ විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එයා මාව ගොඩක්‌ විශ්වාස කරනවා. නැතිනම් රඟපාන්න ලැබෙන්නේ නැහැනේ.

    එය පළමු ආදරය කියලත් ආරංචියි?

    ඔව්. උසස්‌ පෙළ කළාට පසුව තමයි ආදරය කරන්න පටන්ගත්තේ. නමුත් පොඩි කාලේ පටන් මම ඔහුව දන්නවා. කොහොම වුණත් අපේ ආදරයට අවුරුදු දහයක්‌ විතර වෙනවා.

    ගෙදර අය මේ ගැන දන්නවාද?

    අපොයි ඔව්.

    ඒ වුණාට විවාහ යෝජනාත් එනවා ඇති නේ ?

    ඔව්. ඉතිං එහෙම යෝජනා එනවා. මොනවා කරන්නද. එයත් එක්‌ක යද්දිත් එවැනි යෝජනා එනවා. ඒවා ඉතිං නවත්වන්න බැහැනේ.

    දිනේෂ් විතාන
    ඡායා - නදුන් බදුගේ

    maleeka.jpg
     
    Sampath17

    Member
    Sep 20, 2006
    263
    7
    0
    41
    Bedok, Singapore

    mama kiuwe emirates eke weda kiyala! hahaha