New Passport?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=137&Itemid=190

    ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු
    ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය
    2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල අංකිත ඡායා රූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායා රූප ශාලා වලින් ලබා ගත හැක. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායා රූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ශාඛා කාර්යාල වලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.


    වැදගත් තොරතුරු
    වයස භේදයකින් තොරව සියළුම ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් පිරිවිය යුත්තේ “K ආ. වි. 35A” අකෘති පත්‍රයයි. (උපදෙස් පත්‍රිකාව)
    අවු 16ට අඩු ළමුන් ඇතුළු සියළුම අයදුම්කරුවන්, අනුමත කරන ලද ඡායාරූප ශාලාවකින් ලබා ගන්නා ලද අංකිත ඡායාරූපයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
    අවු 16ට වැඩි සියළුම අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වලදී ලබා ගනු ඇත.
    විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඇඟිලි සලකුණු සහ ඩිජිටල් ඡායාරූප ලබා නොදී ගමන් බලපත්‍ර ලබා ගත හැක.
    දෙමාපියන්ගේ ගමන් බලපත්‍ර සඳහා දරුවන් ඇතුලත් කිරිම මින් පසු වලංගු නොවන අතර දරුවන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගත යුතුය.
    අවුරුදු 60ට අඩු කිසිම පුද්ගලයෙකුට හදිසි සහතිකයන් නිකුත් නොකරනු ඇත.
    ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය

    අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න.
    ඡයාරූප ශාලාව මගින් ඔබගේ ඡයාරූපය අප දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතිය වෙත යොමු කරන අතර ඔබ වෙත ලදු පතක් නිකුත කරනු ඇත. ගමන් බලපත්‍ර අයදුම්පත සඳහා මුද්‍රිත ඡායාරූප අවශ්‍ය නොවේ.
    දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණ ඡයාරූප ශාලාවෙන් ලබා දෙන ලදු පත, ගමන් බලපත්‍ර අයදුම්පත හා අනෙකුත් අවශ්‍ය ලිපි ලේඛන සමඟ ලබා දිය යුතුය.
    වැඩි විස්තර සඳහා:ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක 011 532 9200 / 001 532 9175

    ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
    ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක.

    ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම
    ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න

    ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව
    දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක.

    වැඩ කරන වේලාවල් මොනවාද?
    අයදුම්පත් භාර ගැනිම,
    සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.1.30 දක්වා.
    හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා.
    සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.
    ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?
    "සුහුරුපාය", බත්තරමුල්ල පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල - විශේෂිත රටවල් / 02 මහල - සියලුම රටවල්) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න.

    ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?
    සියළුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සාමාන්‍ය ගමන් බලපත්‍ර
    රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
    රාජකාරී ගමන් බලපත්‍ර
    ආසියාවේ සහ මැද පෙරදිග නියමිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර.
    ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා හදිසි සහතික.
    විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් නිකුත් කෙරෙන හඳුනාගැනීමේ සහතික සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය නෙහැකි ගමන් බලපත්‍රය, හදිසි තනි ගමන් සඳහා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=142&Itemid=191&lang=si


    application = http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

    ගමන් බලපත්‍ර නිකුත් කිරීම
    1. සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සාමාන්‍ය ගමන් බලපත්‍ර
    සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

    1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
    2. ඡයාරූප ශාලා ලදු පත
    3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
    4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
    5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
    6. ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්.

    cover_ordinary_ppt.jpg
    * M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

    ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
    2. නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
    3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
    5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
    ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
    2. නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට
    3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

    සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
    සාමාන්‍ය පදනම - වැඩකරන දින 14 ක්
    හදිසි පදනම - එදිනම

    සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
    සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3000.00
    හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    photo ganna ona immigration approved studio ekakin. eke invoice eka ona. photo denne na dan issara wage.

    birth certificate eka ona

    passport application eka
    :yes::yes:
    Meka hoda thread ekak machan, okkoma info thiyenawa.
    E thread eketh thiyenawa meka, e thama oya monahari field ekak engineer kenek widiyata work karanawanam (eg:Software Engineer) & e engineering job eka passport ekata danna onenam office eken oya e company eke adala job eka karanawa kiyana letter ekai , Degree Certificate ekai, e dekama geniyanna one.
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    ube job ekak karanawa nan office eken letter ekak designation, salary, employed date and etc. normal service eken within 2 weeks gedarata enawa passport eka.
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    Oyage profession eka danawanm eka prove karanna one.
    example:
    Software Engineer nam Digree Certificate and Job Appoinment
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~