NEWATHA WATHAWAK SRI LANKAWA LOKAYA IDIRIYE BABALE

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු විසින් ප්‍රංශයේ පැරිස් නුවරදී තම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

    ප්‍රංශ පුවත් වාර්තා සඳහන් කළේ එම සිදුවීම පවුල් ආරවුලක් මත සිදුකර ඇති බවය.

    එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

    මෙම සිදුවීම සිදු වී ඇත්තේ සෙනසුරාදාය (03).

    මිය ගිය අය අතර ළමුන් සිව්දෙනෙකු සහ එක් වැඩිහිටි පුද්ගලයෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් වාර්තා වේ.

    ප්‍රංශ පුවත් වාර්තා සඳහන් කළේ එම පුද්ගලයා ආසන්නයේ තිබී පිහියක් සහ මිටියක් ද හමු වු බවය.
     

    Similar threads