Next - Yoshitha Raja Fuck Sha

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10563166_823964124338413_2796894417620581003_n.jpg


    රගර් ක්‍රීඩකගේ ඝාතනයට ප්‍රභූ පුතෙක් අත්අඩංගුවට?


    ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ උප නායකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රභූ පවුලක සාමාජිකයකු සහ ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යතියි පොලිස් ආරංචි කියයි.
    වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි ඔහු 2012 මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී ඔහුගේ කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව එකල පොලිසිය කීවේය. 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුල දැවී අඟුරුවී තිබිණි. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ ගැන විමර්ශන කළත් අලුත් දෙයක් සොයා ගත්තේ නැත.
    ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ලැබුණේ පසුගිය පෙබරවාරි මාසයේ ය. එහි ඇති දෑ අනුව මෙය රිය අනතුරකින් වූ මරණයක් ද, මිනී මැරුමක් ද යන්න ගැන සැක කරන බව කී පොලිසිය ඒ ගැන වැඩිදුර විමර්ශන පොලිස්පතිගේ නියමයෙන් රහස් පොලිසියට බාර දුන්නේය.
    පෙම්පලහිලව්වක් දුරදිග ගොස් වසීම්ගේ ඝාතනය සිදුවූ බව කියැවෙන තොරතුරක් ද රහස් පොලිසියට ලැබී තිබිණි. රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ වසීම්ගේ මරණය මිනීමැරුමක් බවයි.
    නාරාහේන්පිට දී රිය අනතුරකට ලක්වූ බව කී වසීම්ගේ මුදල් පසුම්බිය සොයා ගැනුණේ කිරුලපොණ පැත්තෙන් බව පොලිසිය කියයි.
    හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
    2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වූ ඔහු කණ්ඩායමේ උපනායකයා බවට ද පත් විය. 2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහු ලබා ගත්තේය.


    http://www.lankadeepa.lk/index.php/top_story/317630