එනම් මේ ඔබ දකින්නේ පෘථිවිය මත ඩයිනසෝරයින් ජීවත් වූ ත්‍රියාසික යුගයේදී මෙම NGC 6956 පැවති ආකාරයයි. වෙනත් විදියකට කිව්වොත් දැන් මේ මොහොතේ NGC 6956 චක්‍රාවාටයේ සිට පෘථිවිය බලන පිටසක්වල ආකාශ නිරීක්ෂකයෙකුට පෘථිවිය තුළ සැරිසරන ඩයිනසෝරයින් පෙනෙනු ඇත. ( එවැනි බලවත් දුරේක්ෂයක් නිපදවීම කොතරම් ප්‍රායෝගික ද යන්න වෙනම කරුණකි)
මෙය තුළ පිහිටි සෙපීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) භාවිතා කර මෙම මන්දාකිණියට ඇති දුර ගණනය කර ඇත. මෙම වර්ගයේ තාරකා වල විශේෂත්වය නම් ඒවායේ දීප්තිය නිශ්චිත කාලයක් තුළ (ආවර්තීයව/ periodically ) ක්‍රමවත්ව අඩු වැඩි වීමයි( විචලනය වීම). මේවා විචලනය වන කාලය ඒවායේ දීප්තිය මත රඳා පවතී. එබැවින් එම තරු විචලනය වන කාලය අධ්‍යයනය කිරීමෙන් එම තාරකා වල සැබෑ දීප්තිය හඳුනාගත හැක. මෙම සැබෑ දීප්තිය සහ අපට පෙනෙන දීප්තිය අතර වෙනස අධ්‍යයනය කිරීමෙන් අදාල තාරකාවට පෘථිවියේ සිට ඇති දුර සොයාගත හැක.
මෙම මන්දාකිණියේ විශේෂත්වය වන්නේ සෙෆීඩ් තාරකා වලට අමතරව පැහැදිලිව දැක ගත හැකි සුපර්නෝවක් ද තිබීමයි. මෙය සුපර්නෝවා වේ දීප්තිය අනුවද මන්දාකිණියට දුර ගණනය කළ හැක. මෙම නිසා මෙම මන්දාකිණියට ඇති දුර වඩාත් නිවැරදි ලෙස ගණනය කළ හැක.
මෙසේ ඉතාමත්ම නිවැරදි ලෙස ගණනය කළ දුරවල් සහිත මන්දාකිණි යොදාගෙන විශ්වය ප්‍රසාරණය වන වේගය සහ ඒ සම්බන්ධ නියතයක් වන හබල් නියතය (hubble constant) ගණනය කිරීමට ද හැක.
ඡායාරූපය photo credit
Astro by Wathsala