NGO නඩ / ඩොලර් කාක්කෝ යලිත් කරලියට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ජනාධිපතිතුමනි,

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව

    ඔබතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සහ ඒ මගින් රාජ්‍ය තුල පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ යුත බවට මහජනයා අතර බලවත් අපේක්ෂාවක් ජනිත කරන ලදි. ඔබතුමාගේ අධිෂ්ඨානය ජනතාව විසින් දෙවරක්ම ඉතා ඉහළින්ම අනුමත කරන ලද්දේ ඒ නිසාය. ඔබතුමා, එදා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මෙන්, ඉතිහාසය විසින් යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් සඳහා නිර් මාණය කරන ලද චරිතයක් හෙවත් භූමිකාවකි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මගින් ව්‍යවස්ථා විප්ලවයක් සිදු කිරීම සඳහා මීට වඩා මනරම් අවස්ථාවක් ඉතිහාසය විසින් නිර් මාණය කරනු ඇතැයි සිතිය නොහැක.

    අප රටේ අද සිටින සියලු විපක්ෂ බලවේග වලට මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඩුවම් ලබා දෙන්නේ ඔවුන් විසින් සිදු කළ මහා ඓතිහාසික පාවාදීම් වලට එරෙහිව අවසන් ප්‍රතිචාරයක් ලෙස යැයි අපි සිතමු. ඒ නිසා ඔබතුමාට ඉතිහාසයේ අන් කවර පාලකයෙකුටත් වඩා සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට සිදු වේ. ඔබතුමා විසින් ඉටු කළ යුතු සහ ඉතිහාසය විසින් ඉල්ලා සිටින ජාතික වගකීම් ඉටු කිරීමේදී මානසික බාධක පනවාගත යුතු බවක් ඉන් අදහස් නොවේ. ඔබතුමාට ජනතාව විසින් මහා ජනවරමක් ලබා දෙන විට අප රටේ දීර් ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රය වෙනස් කිරීමක් සිදු වූයේ නැත. ඒ සඳහා ජනවරමේ ගුණය සහ එබතුමාගේ ගුණය එක්කළ දීර් ඝ කාලීන ප්‍රතිකාරයක් අවශ්‍ය වනු ඇත. එතෙක් ඔබතුමාට ගමන යාමට සිදුවන්නේ ඔවුන් විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කපන ලද බොරු වලවල් මඟ හරිමිනි. ඒ නිසා අප විසින් අවධාරණය කරනු ලබන්නේ ජනතා අපේක්ෂාවන්ට ඉතා තීරණාත්මක ලෙස බලපාන ජාතික වැදගත්කමක් සහිත තීන්දු පිළිබඳව දෙවරක් සිතා බලන ලෙස පමණි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉතා බලවත් වන්නේ එම තත්වය නිසාය. එසේම නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් ඔබතුමාට කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස තීන්දු තීරණ ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අප පිළිගනිමු.

    එහිදී ජනතාව විසින් පරාජයට පත් කළ බලවේග විසින් සිදු කළ වැරදි කිසිවක් ඔබ විසින් නොකළයුතු බවට විවාදයක් නැත. ඔබතුමාට ඉතිහාසය විසින් පවරා ඇති භූමිකාව වන්නේ ඔවුන් විසින් සිදු කළ යහපත් දෙයක් ඇත්නම් එය ආරක්ෂා කරන අතර ඔවන් විසින් සිදු නොකළ සහ ඔබ අපේක්ෂා කරන යහපත් දේ සිදු කිරීම යැයි අපි විශ්වාස කරමු. එම අර් ථයෙන් අප ඔබතුමාට පහත සඳහන් කරුණු අවධාරණය කරන්නෙමු. ඊට අමතරව නව ව්‍යවස්ථාවක් හෝ ප්‍රතිපත්තියක් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමේදී එහි අන්තර් ගතය තරමටම එම අන්තර් ගතයට ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයද ඉතා වැදගත් වන බවද සදහන් කරන්නෙමු.

    1. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස්කොට සියලු දේශපාලන පක්ෂ සහ බලවේග වලට දේශපාලන හැංගිමුත්තන් කෙලීමට ඉඩ නොදී ඔවුන්ගේ යෝජනා විවෘතව ඉදිරිපත් කිරීමට බල කෙරෙන ක්‍රමවේදයක් හදුන්වාදීම.
    2. නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන තෙක් වෙනත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීම. එහිදී පළාත්සභා මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව සිදු කිරීම වැදගත් වන්නේ ඉන් පසුව රටේ ජනතාවට අලුතෙන් සිතන්නට සිදුවීම නිසා මෙන්ම නව ව්‍යවස්ථාවේ නව ප්‍රතිපාදන අනුව එම බල ව්‍යුහයන් වෙනස් වීමට ඉඩ ඇති බැවිනි. ( පසුගිය වසර තුනකට අධික කාලයක් තිස්සේ පළාත්සභා රැස් නොවීම පිළිබඳව උතුරේ හෝ දකුණේ කිසිදු විරෝධයක් පැන නැඟුනේ නැත.)
    3. 20 වැනි සංශෝධනයට අදාලව පහත සදහන් තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කිරීම. ඊට අමතරව කෙටුම්පත පිළිබඳව ලිඛිතව අදහස් දැක්වීමට අමාත්‍ය මණ්ඩලයට ඉඩ ලබා දීමද වැදගත්වේ. එම කොන්දේසි සැපිරීමෙන් පසුව කෙටුම්පත නැවත සංශෝධනය කොට නව කෙටුම්පතක් ලෙස ගැසට් කිරීමද වැදගත්වේ. ඊට හේතුව එම සංශෝධන පසුව කාරකසභා අවස්ථාවේදී ඇතුල් කිරීමට උත්සාහ කළහොත් 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී සිදුවූ ආකාරයට කෙටුම්පතේ නොමැති අහිතකර සංශෝධන පවා යෝජනා වීමට ඉඩ තිබීමය.
      • නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදයට ලක්කිරීම සඳහා ලබාදී තිබූ දින 14 ක කාලය දින 7 ක් දක්වා අඩු කිරීමේ වරද නිවැරදි කිරීම.
      • මහජන සංවාදයට ඉඩ අහුරමින් ‘ හදිසි පනත් ’ සම්මත කිරීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදනය නැවත ඉවත් කිරීම.
      • 53 වන වගන්තිය සංශෝධනය කිරීමේදී 7 වැනි උපලේඛනය ඉවත්වීම මගින් නිර් මාණය වී ඇති බෙදුම්වාදයට පක්ෂපාතී ප්‍රතිපාදනය නිවැරදි කිරීම.
      • ද්විත්ව පරවැසියන් විසින් පාර් ලිමේන්තු මන්ත්‍රීධූර දැරීම වැලැක්වීම සඳහා පනවා තිබූ බාධකය මහබැංකු අධිපති, නීතිපති,පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලත් වන ලෙස නැවත පැනවීම.
      • විගණන කොමිසම අහෝසි කිරීමේ වරද සහ යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීමේ වරද නිවැරදි කිරීම.
    ඔබතුමාට තෙරුවන් සරණයි

    සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
    කැඳවුම්කරු,
    ජාතික සංවිධාන එකමුතුව.
    ද්විත්ව පුරවැසියන්ට තනතුරු එපා.. විඝණන කොමිසම අහෝසිය එපා..- අමරසේකර



    මුන්ට පිටරට වලින් හම්බෙන ඩොලර් වලට අපේ රටේ මිනිස්සුන්ගේ 66% ක චන්ද බලයක් ලැබුන ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ වල පටන් ගැන්ම තමා මේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dollar walinma gewanawa kianna ba, Yuan walinuth gewanawa kiala thamai aranchiya :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විමල් වීරවංශත් විපක්ෂෙ ඉද්දි කීවා දිවිත්ව පුරවැසිභාවය තියන කෙනෙකුට මහබැංකු අධිපතිකම දුන්න එක වැරදියි කියලා, ඌත් NGO ද?
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ගුණදාස අමරසේකර , නලින් ද සිල්වා කියන්නෙ සිංහල ජාතිකවාදී මතය ලංකාවේ හදපු අය දැන් ඒ අයත් NGO වෙලාද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ගුණදාස අමරසේකර , නලින් ද සිල්වා කියන්නෙ සිංහල ජාතිකවාදී මතය ලංකාවේ හදපු අය දැන් ඒ අයත් NGO වෙලාද
    🤪 🤪