අරක්කුයි කසිප්පුයි දෙකම එකයි, කසිප්පු ටිකක් ගඳයි එච්චරයි - මහින්ද පතිරණ
හොර මත්පැන් ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා පියවර ගැනීම හේතුවෙන්, සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුවක් ලැබිණි. ඔහුගේ ස්ථාන මාරුව පිටුපස සිටින්නේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම පුවතත් සමග නැවතත් නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇති අතර අරුන්දික ප්‍රනාන්දු මහතා, සුළුපරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවට ප්‍රකාශ කරන හඬපටයක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ කසිප්පුවලට විරුද්ධ වන කිසිවෙකුත් අරක්කුවලට විරුද්ධ නොවන බවයි. අරක්කු සහ කසිප්පු අතර කිසිදු වෙනසක් නොමැති බවත් තිබෙන එකම වෙනස අරක්කුවලට වඩා කසිප්පු වඩා දුර්ගන්ධයෙන් යුක්ත වීම බවත් ඔහු පවසනවා.
කසිප්පු, අරක්කු මෙන් පොෂ් නොමැති නිසා බොහෝදෙනා කසිප්පුවලට පමණක් විරුද්ධ බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.
UN
@nicjosh83