Nickelring.. App about you and your family

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මචන්ලා අද ත්‍රෙඩ් එක දාන්නෙ පොඩි ඇප් එකක් ගැන කියන්න. මේක මමයි, තව මගෙ යාලුවො කීප දෙනෙකුයි එකතු වෙලා කරගෙන යන එකක්. තාම හදාගෙන යනව.

    ඇප් එකේ නම Nickelring. ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් App Store එකෙන් වගේම Google Play එකෙන්. ලින්ක් දෙක

    https://itunes.apple.com/sg/app/nickelring/id1063687267
    https://play.google.com/store/apps/details?id=com.nickelring.nickelringapp

    ඩේට තියෙනව නම් බලන්න මේ වීඩියෝ එක. ලොකු එකක් නෙමෙ ඒත් ඇප් එකෙන් කරනන් පුලුවන් දේ ගැන මේකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්





    පොඩි විස්තරයක් කරන්නම් ඇප් එක ගැන. ඇප් එකේ භාවිත කීපයක්ම තියෙනවා.

    පලවෙනි එක තමා ඉන්න තැන අනුව තියෙන අනතුරුදායක දෙයක් හරි, පාවිච්චි කරන Wearable වලින් අපිට අදුරගන්න පුලුවන් සෞඛ්‍යමය ගැටලුවක් හරි ගැන user ට දැනුවත් කරන එක සහ user ගෙ පවුලේ අය හරි ලගම යාලුවන් හරි දැනුවත් කරන එක. උදාහරනයක් විදියට, පාවිච්චි කරන කෙනාගෙ හාට් රේට් එක එක දිගට ගොඩක් වෙලා වැඩි වෙලා තියෙනව නම් අපි මුලින්ම අදාල කෙනාට නොටිෆිකේශන් එකක් යවනවා. Acknowledge එකක් එන්නෙ නැත්නම් මේ කෙනාගෙ හාට් රේට් එකේ වැඩි වීමක් තියෙනව කියල පවුලේ අය හරි ලගම යාලුවන්ට හරි දැනුම් දෙනව. අනිත් පැත්තෙන් ගත්තොත්, ඉන්න තැන UV කිරන වැඩි නම් හරි ඒ වගේ කාලගුනය පැත්තෙන් අවදානමක් තියෙනව නම් ඒකත් userට දැනුම් දෙනව. මේ දවස්වල මම අරගෙන යනව සුනාමි සහ භූමි කම්පා වලටත් දැනුම් දීමක් කරන්න. ලගදිම ඒක රිලීස් කරන්න පුලුවන් වේයි.
    ඊලග එක තමා කෙනෙක්ට තමන් ඉන්න තැන අනතුරක් තියෙනව නම් හරි, ඇගට අමාරුවක් හරි අසනීප ගතියක් හරි තියෙනව නම් අපේ ඇප් එකේ භාශාවෙන් කියනව න්ම "Splash" එකක් යවන්න පුලුවන්. userට කලින් සෙට් කරන්න පුලුවන් නොටිෆිකේශන් යවන්න පුලුවන් ලෙවෙල් 3ක්. පවුලේ අය, ලගම යාලුවො සහ යාලුවො. අපි එක එක ලෙවෙල් එකට යවල බලනව නොටිෆිකේශන් එක කෙනෙක් හෙල්ප් කරයිද කියල. මුලින්ම ෆැමිලි එකට ඊලගට හොදම යාලුවන්ට විදියට. අන්තිමට කවුරුවත් නැතිනම් අදාල කෙනා ලග අහල පහල ඉන්න ඇප් එක යූස් කරන අයට නොටිෆිකෙශන් එක යවනවා මෙහෙම කෙනෙක් ඉන්නව උදව්වක් කරන්න පුලුවන් නම් කියල. මේකෙ අදහස තමා හදිසියකදි දන්න කෙනෙක්ගෙන් හරි, ලග අහල පහල කෙනෙක්ගෙන් හරි උදව්වක් අරගන්න එක


    තුන්වෙනි එක තමා userට පුලුවන් තමන්ගෙ ලගම අය ඉන්න තැන, එතනට අදාල කාලගුන සම්බන්ද තොරතුරු, ඒ කෙනා Wearable සම්බන්ද කරල තියෙනව නම් එයාගෙ සෞඛ්‍ය තොරතුරු බලගන්න. මේක ගොඩක්ම වටින්න අම්මල තාත්තල වයස නම් එයාලගෙ දේවල් බලගන්න. අසනීපයක් තියෙන කෙනෙක් නම් ඉන්න තැන බලාගන්න වගේ දේවල් වලට. හැබැයි ඒ විස්තර බලාගන්න අනිත් userගෙ අවසරය තියෙන්න ඕන. නැත්නම් පෞද්ගලික දේවල් බලාගන්න පුලුවන් නෙ ඉන්න තැන එහෙම. කෙල්ල ඉන්න තැන බලගන්න නෙමේ මේක හැදුව ඒත් ඒක උනත් කරගන්න පුලුවන්. අපි මේ දවස් වල කරගෙන යනව බලාගන්න පුලුවන් විස්තර වලට ලෙවල් හදන්න. එතකොට පුලුවන් මොන දෙවල්ට පවුලේ අයට දැන ගන්න ඉඩ දෙන්නෙ කියල. ඒක අවුට් කරාම අප්ඩේට් එකක් දාන්නම් මෙතන.
    ඔය තමා මේ ඇප් එකේ ප්‍රදානම කොටස් තුන. තව දේවල් මේ දවස් වල කරගෙන යනව. ත්‍රෙඩ් එකට අප්ඩේට් එකක් දාන්නම් එන එන විදියට. පහල තියෙනව වීඩියෝ එකක් ඇප් එක ගැන පොඩි රිවීව් එකක් වගේ එකක් පාවිච්චි කරන විදිය. මේක නම් කඩ්ඩේන් තියෙන්නෙ සිංහල එක කරගෙන යනව මේ දවස් වල. එකත් අවුට් උනාම දාන්නම්.





    පුලුවන් නම් ඇප් එක දාගන්න. පාවිච්චි කරන්න. බග් තියෙන්න පුලුවන් තාම. කමේන්ට් එකක් දාන්න. පුලුවන් ඉක්මනට හදන්න බලන්නම්.
    ගූගල් ෆිට් හරි, ඇපල් වොච් හරි පාවිච්චි කරන අය ඉන්නව නම් ඇඩෝන් පේජ් එකට ගිහින් රෙජිස්ටර් කරගන්න. හාට් රේට් එක මොනිට කරල අවුලක් තියෙනව නම් වැඩි නම් නොටිෆිකේශන් එකක් එවනවා. iHealth labs පාවිච්චි කරන අය ඉන්නව නම් අපිට එයාලගෙ Blood pressure එක මොනිට කරන්න පුලුවන්.
    කෙනෙක්ට උදව්වක් වෙන්න පුලුවන් නම් ඒක තමා අපේ අරමුන. මේකට අලුතෙන් තව දෙයක් එකතු වෙන්න ඕන කියල හිතනව නම් අපිට කියන්න. කරන්න බලන්නම්.


    අන්තිමට අපිත් එක්ක වැඩ කරන්න කැමති නම් මට pm එකක් දාන්න. තාම පඩි ගෙවන්න නම් බෑ. අපිත් ෆුල් ටයිම් නෙමේ. ඒත් මෙක ෆුල් ටයිම් ගිය දවසට ජොබ් එකටම සෙට් වෙන්න පුලුවන් වෙයි. දැනටමත් කිරියෙ ඉන්න අයම තුන් දෙනෙක් අපිත් එක්ක ඉන්නව. මොබයිල් පැත්තෙන් වැඩ කරනන් පුලුවන් අය තමා මේ වෙලාවෙ ඕන වෙන්නෙ අපිට.




    ඔන්න මචන්ල කීව වගේම සින්හල වීඩියෝ එකත් කරා. ගිහින් බලන්න පුලුවන් නම්.



    කලින් කීව වගේම ඇප් එක දාගෙන බලන්න.
     
    Last edited by a moderator:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,764
    28,692
    113
    Thanks for the feedback machan. IOS or Android? keyboard eken overlay wenawada nathnam pennema nadda? if possible phone model eka kiyanna. we can test with that screen size.

    Sent msg ...didn't know you were in Singapore..:P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....