Night එකේ total හැත්තෑ ම අට දෙනයි
වාට්ටුවේ හිටියේම මිසීලම පස් දෙනයි
කැශුවල්ටි නිසා එන ලෙඩ්ඩු නම් පෝලිමයි
වාට්ටුවේ හැමෝටම IV ම අපමණයි
ඇදන් යට ඇදන් උඩ සිටි ලෙඩ්ඩු හොය හොයා
ඩෙංගු critical චාට් පැයෙන් පැය පුරවලා
MI ලෙඩ්ඩු ගැන මොනිටරෙන් බල බලා
කතරගම දෙයියන්ට වැඩිය අපි වැඩ කලා
අදත් අපි විදපු එක බෙහෙතක්ම විස වෙලා
Arrest වෙන්නට ගියපු ලෙඩා ලඟ වටවෙලා
දොස්තරලා මිසීලා හානි හනික වෙහෙසිලා
ලෙඩා ගොඩ ගන්නකොට පාන්දර පහුවෙලා
ඊයේ රෑ කෑවේ නැති බත් තාම මෙසේ උඩ
නොපියවුණු ඇස් තවම මොනිටරේ තිරේ මත
කැමරාව උස්සගෙන ආවනම් මොහොතකට
වෙනස් තිර පිටපතක් ලියන්නට තිබුණා අද
₹ජී ₹
Jeevani Kuruppuarachchi
වාට්ටුවේ හිටියේම මිසීලම පස් දෙනයි
කැශුවල්ටි නිසා එන ලෙඩ්ඩු නම් පෝලිමයි
වාට්ටුවේ හැමෝටම IV ම අපමණයි
ඇදන් යට ඇදන් උඩ සිටි ලෙඩ්ඩු හොය හොයා
ඩෙංගු critical චාට් පැයෙන් පැය පුරවලා
MI ලෙඩ්ඩු ගැන මොනිටරෙන් බල බලා
කතරගම දෙයියන්ට වැඩිය අපි වැඩ කලා
අදත් අපි විදපු එක බෙහෙතක්ම විස වෙලා
Arrest වෙන්නට ගියපු ලෙඩා ලඟ වටවෙලා
දොස්තරලා මිසීලා හානි හනික වෙහෙසිලා
ලෙඩා ගොඩ ගන්නකොට පාන්දර පහුවෙලා
ඊයේ රෑ කෑවේ නැති බත් තාම මෙසේ උඩ
නොපියවුණු ඇස් තවම මොනිටරේ තිරේ මත
කැමරාව උස්සගෙන ආවනම් මොහොතකට
වෙනස් තිර පිටපතක් ලියන්නට තිබුණා අද
₹ජී ₹
Jeevani Kuruppuarachchi