Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්
නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.
පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් වෙනුවෙන් මෙම සහනය ලබා දිය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් (UNITE) ජනපතිට දන්වා සිටිනවා.
අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්රමවේදයක් සකස් කරන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.
වැඩේ නම් හොඳයි.. හැබැයි මේකේ ගැටළුවක් තියෙනවා
දැනටමත් ටෙලිකොම් එකෙන් රෑට දවල්ට කියල බෙදන්නේ නැතුව දවස පුරා කියල පැකේජ් හඳුන්වා දී තිබෙනවා.. ගැටළුවකට තියෙන්නේ ඒ ඩේටා ප්රමාණයන් මදි වීමයි..
උදා-
1. 45GB ලැබෙනවා රු990ට (දවල්/රෑ කාණ්ඩ වශයෙන්)
2. දවස පුරා භාවිතයට 22GB ලැබෙනවා රු.890ට
ඒක නිසා අපි ඉල්ලන්න ඕනේ සම්පූර්ණ ප්රමාණයම දවස පුරා භාවිතයට ලබා දෙන ලෙසයි..
එහෙම නැතුව දවස පුරා පැකේජ් ඉල්ලුවොත් වෙන්නේ මේ වෙලා තියෙනවා වගේ මාසික ගාස්තුවේ 100/200 එහා මෙහා වෙලා දැනට දවල්/රෑ ලෙස ලැබෙන පැකේජ් එකේ සම්පූර්ණ ඩේටා ප්රමාණයෙන් බාගයක් පමණ අපට ලැබීමයි