Nipah වෛරසය ගැන ඇත්ත කතාව
(සමාජ මාධ්‍ය යනු මිනිසුන් ආකර්ශනය කරගැනීමට කුමන දෙයක් හෝ වැපිරීම සඳහා ඇති ගඳ ගහන මඩ ගොහොරුවකි. නිපා සමඟ "භීති අලෙවිකරණය" නැවත පටන් ගෙන ඇත.
මෙම මඩ ගොහොරුවේ ඕනෑම දෙයක් ,ඕනෑම කෙනෙකුට ඕනෑම ලෙසක වැපිරීම කළ හැක.නමුත් සෞඛ්‍ය සම්බන්ධ දෑ වැපිරීමේ දී වාරණ පැනවිය යුතු සහ යම් සදාචාරයක් වගකීමක් තිබිය යුතුමය.)
කතාව එය නොවේ.සමාජ මාධ්‍ය හරහා ගලා ගෙන යන නිපා වෛරසය පිළිබඳව දැනට පවතින සත්‍ය තත්වය දැනුම් දීම සඳහා ලියමි.
මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට මැලේසියාවේ ඌරු ගොවිපළවක ඌරන්ගෙන් මිනිසුන්ට බෝවී තිබෙනවා.
අලුත්ම nipah ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම නිසා වැළඳී තිබෙනවා.
විද්‍යාත්මක දත්ත අනුව මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන අතර. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් රෝගියා සමග සමීපයෙන් කටයුතු කරන කෙනෙකුට අනාරක්ෂිත බව නිසා වැලදිය හැකි.
රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම,
සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) දක්වා විසල් පරාසයක රෝග ලක්ෂණ විහිදෙනවා.
එසේම වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ සමහරුන්ට ඇති වෙනවා.
මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් පුළුවන්.
එන්නතක් දැනට නැහැ.
- ලංකාවට මේ වෛරසය තාම ඇවිල්ලා නෑ.ෆෘට් වවුලන් කියන කණ්ඩායමෙන් තමයි හැදෙන්නේ.එහෙම වවුලො ලංකාවේ ඉන්නවද දන්නෙත් නෑ.කොයිකටත් පොඩ්ඩන්ට පලතුරු දෙද්දී හොඳට සෝදලා දෙන්න සත්තු කට ගහපුව් වදින්න එපා.
- ඌරු කොටු තියෙන අය ඌරො ලෙඩ වෙලා නම් සැලකිලිමත් වෙන්න.ඌරු මස් කොහොමත් ටික කාලෙකට නොකා ඉන්න වෙයිද දන්නෙත් නෑ.
- කොහොමටත් ආහාර ගැනීමේදී ආහාර සහ ජලයේ සුරක්ෂිතතාව ගැන වෙනදටත් වඩා හිතන්න.ඒක පුරුද්දක් කරගන්න.
...එච්චරයි...
ශාමලී පතිරගේ
- සෞඛ්‍ය මාධ්‍ය උපදේශිකා -