Nishantha මුතුහෙට්ටිගම ඇප මත මුදා හරී
නිශාන්ත මුතුහෙට්ටිගම ඇප මත මුදා හරී 
දකුණු පළාත් සභාවේ සභා ගර්භය තුළ වු පොදු දේපළ වලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි නිශාන්ත මුතුහෙටිටිගම මහතා ඊයේ (20) ඇප මත මුදා හැරුණි.
මෙවැනි සිද්ධියකට නැවත අධිකරණය හමුවට පැමිණවුවහොත් ඇප නිකුත් නොකරන බවට දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට තරයේ අවවාද කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රතාත් චාමර තෙන්නකෝන් මහතා රුපියල් 25, 000 ක මුදල් ඇප සහ ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක්ද, ඉන් එක් ඇපයක් තැබිය යුත්තේ සමීපතම ඥාතියකු විසින් යයිද නියම කළේය. සෑම මාසයකම අවසන් ඉරිදා පෙරවරුවේ 9 - 12 අතර පෝද්දල පොලිසියේ පෙනී සිටීමටද ඇප කොන්දේසියක් ලෙස මුතුහෙට්ටිගම මහතාට නියම විය.
ගාල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ පළාත් සභාවේ පොදු දේපළ වලට සිදු කළ හානිය රුපියල් 120, 000 ක් පමණ වෙතැයි සඳහන් කොට තිබුණද පෝද්දල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට වාර්තා කළේ එම හානිය රු. 23, 000 ක් පමණ වන බවය.
සිද්ධියට අදාළ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුයේ දකුණු පළාත් සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සිදුවු අවස්ථාවේදීය. සභාපතිධුරය මුතුහෙට්ටිගම මහතාගේ නම ද යෝජනා වු නමුත් ඔහු නීත්‍යනුකූලව දිව්රුම් දී නැතැයි ද එබැවින් ඔහුට සභා රැුස්වීමට සහභාගී වීමට අයිතියක් නැතැයිද ප්‍රකාශ කිරීම හේතු කොට ගෙන මෙම කලබලකාරී තත්ත්වය පැන නැගුණි.
Source :- http://wp.me/pI5Gy-3R