NO ETCA - ඉට්කා හකුලනු !

Revollusion

Member
May 28, 2013
240
14
0
NO ETCA - ඉට්කා හකුලනු !

පසුගියදා කොළඹ පැවති විරෝධතා පාගමන සහ රැළිය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කල අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමයේ නිවේදනය.

යෝජිත ETCA ගිවිසුමට විරෝධය පාමින් වෘත්තිකයින්ගේ එකමුතුව පසුගිය 11 වනදා කොළඹදී සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා පාගමන සහ රැළිය සඳහා සහභාගී වූයේ මුදල් දී කුලියට ගත් පිරිසක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙය බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් වන අතර මුදල් දී කුලියට ගෙන්වා ගත් අය ‍යැයි පැවසීමෙන් එයට සහභාගී වූ වෘත්තිකයින්ටත්,ශිෂ්‍යයන්ටත් සහ සමස්ත වැඩකරන ජනතාවටම සිදු කරන ලද අපහාසයට අපි දැඩි ලෙස විරෝධය දක්වන්නෙමු.

මෙය අපහාසයක් වනවා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පෑමේ අයිතියට නිග්‍රහ කරන අකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශයක්ද වන්නේය.

එම නිසා මෙම ප්‍රකාශය අප දැඩි ලෙස හෙළාදකින අතර මෙබඳු ප්‍රකාශයක් කිරීම සම්බන්ධව සමස්ත වැඩකරන ජනතාවගෙන් අගමැතිවරයා සමාව ගත යුතු බව අපගේ හැඟීමයි.

මුදල් සහ නොයෙකුත් කප්පම්දී ජනතාව රවටා සංවිධානය කිරීම ඔබලාගේ ක්‍රමය මිස අපගේ ක්‍රමය නොවන බව අප ගරු අගමැතිතුමාට මතක් කර සිටිමු.

තමන් ලිච්ඡවී පාලනයක් ගෙන යන්නේ යැයි පවසමින් එදිනවල නිතර නිතර පැවසූ අගමැතිතුමා දැන් ලිච්ඡවී පාලනයට අළුත් අර්ථකතනයක් දෙන බවක් අපට පෙනී යයි.

මෙම ගිවිසුම සම්බන්ධව වඩාත් විවෘත ආකාරයට කටයුතු කරනවා වෙනුවට මෙවැනි මුරණ්ඩු සහ තර්ජනාත්මක ප්‍රකාශ වරින් වර ඉදිරිපත් කිරීමෙන් ඔහු පෙන්නුම් කරනුයේ අන්‍ය මතයන්ට ඇහුම්කන් දීමට ඇති අකමැත්ත දැයි අපට පැහැදිලි නැත.

මෙවැනි තත්වයක් තුළ අපට ගරු අග්‍රමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති විශ්වාසය පලුදු වන අතර අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව මැදිහත්වෙන ලෙසයි.

මන්ද බොහෝ ලාංකිකයින් බලාපොරොත්තු වූ යහපාලනය කෙරෙහි ඇති අචල උනන්දුව එයට මුලපිරූ පුද්ගලයා වශයෙන් ජනාධිපතිතුමා තුළ තවමත් ඇතැයි අප දැඩිව විශ්වාස කරන බැවිනි.



ස්තූතියි.

නිරෝෂණ සපුතන්ත්‍රි.

ලේකම්.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය.


අප හා ඒක්වන්න http://goo.gl/forms/8ZZP9S4FuM
 
Last edited:

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    He was failure in Politics throughout the SRLn history. Sure might have done few great things but that idiot failed to see we can developed this country from within, we have talented, skilled and educated innovative people. I worried this country will face a bigger worst Depressions.