ඕක මෙහෙමයි...ඔය කියන දේ වෙන්නේ නෑ කියනවනම් ඌ පිස්සෙක් අනිවා...ඒත් ඕකට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා...
අවුරුදු 5කින් ඕක වෙයිද?? මම හිතන්නේ නෑ..ඒත් ගොඩක් දුරට ගොඩක් උන් හැලෙයි...හැබැයි දැන් කවුද ඕකට අවශ්‍ය prompts දීලා ඔය ටික අමුනලා කරලා වැඩේ කරන්නේ?? ඒක තමයි ඇතිවෙන රැකියා අවස්ථාව...
ඉස්සර කම්පියුටරේ හදුන්වලා දුන්නමත් කියන්න ඇති ක්ලාක් ජොබ් කෙල වෙනවා..පියුන් ගේ ජොබට කෙල වෙනවා කියලා එහෙම...ඒ කාලෙත් හිතන්න ඇති ඕක කොහොමද වෙන්නේ, කොම්පියුටරේ කොහොමද ලියුම ගෙනියලා දෙන්නේ...ටයිප් කරත් ඕක ගෙනිහින් දෙන්නෙපැයි කියලා...කිව්වත් වගේ දැන් නොහිතන දේ වෙලානේ...ඒ වගේ මේකත් වෙන්න පුලුවන්..
හැබැයි එහෙම කියලා දැන් ඔය ඕවා කරන් යන උන් ඕවා නතර කරන එක මෝඩයි...ඉගෙනගන්න එක නවත්තලා හරියන්නේ නෑ...