යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව
සාමාන්‍යයෙන් දරුවෙක්
ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය
රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට
පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය
කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්
වැටෙනවා උළුවස්සේ පතුලට . නැවත බුද්ධත්වයෙන්
පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා
. කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්
) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ නොපෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා . භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න
. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල
වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ?
දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්. යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය
වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන
නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල
දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්
.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. ''මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ'' මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා. පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී
සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. (උපුටා ගැනීමකි) නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...
යශෝදරා මාතා වන්දනාව යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභිනි සා ආසවා පරික්ඛිණා - වීතරාගා මහිද්ධිකා තං මහා පුඤ්ඤවංතිං පරිනිබ්බුතිං - වන්දාමි රාහුලමාතා යශෝදරා ති ඉතා මනහර රූ ඇති - දැකුම්කලු වූ පෙනුමැති යම් තෙරණියක් භික්ෂුණි - සඟරුවන හොබනී ද කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධිය ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ රාහුලමාතා යශෝධරා - සාදරයෙන් වඳිමි මම
