No need VISA for US

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අද උදේ සිට ශ්‍රී ලාංකිකයින් අතර පැතිර යන උණුසුම් පුවතක් තමයි ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලාංකිකයින් සඳහා දින 180 කාලයක් වෙනුවෙන් වීසා හිමි වන බවත් ඉතා පහසුවෙන් ඇමරිකාවට යා හැකි බවත්ය. මෙය AP පුවත්සේවය විසින් වාර්තාකොට ඇති බව දැනගන්නට ලැබී ඇත.

මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් වන අතර කිසිසේත්ම ශ්‍රී ලාංකිකයින් සඳහා ඇමරිකාවට වීසා රහිතව ඇතුළුවීමේ වරප්‍රසාදයක් හිමිව නැත. මෙම ව්‍යාජ පුවත මුලින්ම නිර්මාණය කර ඇත්තේ සැබෑ AP පුවත් සේවය නොවන අතර ව්‍යාජ පුවත් මවාන වෙබ් අඩවියකි. ඔවුන්ගේ වෙබ් ලිපිනය හෙවත් ඩොමේන් නාමය news-ap.com ලෙස රෙජිස්ටර් කොට ඇත. මේ මස මැයි පලමු වන දින මොවුන් මේ ආකාරයටම මැලේසියාවට ද මෙසේ විසා රහිතව ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කල හැකි බවටද ව්‍යාජ පුවතක් මවා ඇත. ඒ පිළිබඳව නිල නිවේදනයක් AP පුවත්සේවය මෙසේ නිකුත් කොට තිබුණි. එය පහත වෙබ් ලිපිනයෙන් කියවන්න.

https://www.thestar.com.my/news/tru...visa-waiver-programme-for-malaysia-fake-news/

පිලිබඳ කිසිඳු අවබෝධයක් නැත ප්‍රසිද්ද මාධ්‍ය ආයතන පවා මෙය පුවතක් ලෙසට වාර්තා කොට ඇත.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රියර් අද්මිරාල් සරත් වීරසේකර ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම , අනුරාධා යහම්පත් වගේ සෙට් එකත් ලනුව කාල මාධ්‍ය සාකච්චාවකුත් පවත්වලා. :lol::lol::lol::lol::lol:
 
Last edited: