Nobody (2025) මම බලපු චිත්‍රපටියක් ( youtube link included)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,946
    113
    -~උලක් උඩ-~
    ඔයාලා හරි හමන් ස්ටෝරි එකක් තියන ඇනිමේශන් චිත්‍රපටියක් බලන්න ආසද . මේක චීන මූවි එකක් පලවෙනි සති දෙකේ ඇමරිකන් ඩොලර් මිලියන් 120 ක ආදායමක් තියලා වාර් තා තියපු ලඟදි ආව චිත්‍රපටියක් . චීනෙන් පිට කවුරුවත් මේක ගැන කතා කරන්නෙ නෑ. මේක කවුරු හරි යූටියුබ් එකට අප්ලෝඩ් කරලා. මම ලින්ක් එක දාන්නම්. හැබැ‍යි සින්හල සබ්ටයිටල්ස් හොයාගන්න නෑ. ඉන්ග්‍රීසි තමා .මේක සබ්ටයිටල්ස් නැතුව බැලුවොත් මෙලෝ මලදානයක් තේරෙන්නෙත් නෑ. මේක සන්කීරන කතාවක්. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට බලන්නේ Disney හරි Pixar ලගේ 3D animations නේ. හැබැයි මේක 2D animation එකක්. එහෙම කිව්වාම පරණ පෙනුමක් ඇති කියලා හිතන්න එපා, . Chinese සාම්ප්‍රදායික චිත්‍ර කලාව (ink-wash style) පාවිච්චි කරලා මාරම ලස්සනට, ඇසට ප්‍රිය විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේකෙ ඉන්නේ අපි හැමෝම අහලා තියෙන 'Journey to the West' (වඳුරු රජාගේ කතාවේ) ඉන්නවා වගේ පොඩි සත්ව චරිත හතර දෙනෙක් (ඌරෙක්, ගෙම්බෙක්, වඳුරෙක් සහ මුගටියෙක්). මුන් හතරදෙනා කිසිම බලයක් නැති, සමාජයේ අනිත් අයට යටත්වෙලා ඉන්න සාමාන්‍ය 'nobodies' (කිසිම වටිනාකමක් නැති අය) ටිකක්. එයාලා තමන්ගේ ජීවිතේ ගොඩදාගන්න දරන උත්සාහය සහ ඊටපස්සේ එයාලා ලොකු වීරයෝ වගේ රඟපාන්න ගිහින් වෙන සිද්ධි දාමයක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. මේක නිකන්ම ළමයින්ට හදපු හුරතල් කාටූන් එකක් නෙවෙයි. කතාව ඇතුලේ මාරම ගැඹුරු තේරුමක් තියෙනවා. අපි එදිනෙදා ජීවිතේ විඳින ප්‍රශ්න, ජීවත් වෙන්න කරන struggle එක මේ සත්තු හතරදෙනා හරහා හරිම ලස්සනට, උපහාසාත්මකව මේකෙ පෙන්නනවා. ඒ නිසා මේක කුඩා ළමයින්ට වඩා වැඩිහිටියන්ට මාර විදිහට relate වෙනවා. වෙනස්ම විදිහේ, හිතට වදින ලස්සන කතාවක්.
    trailer

    Movie