November සිට පියාබන මාලු ගමේ හෝල් එකේ 21+

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    November සිට පියාබන මාලු ගමේ හෝල් එකේ 21+

    හමුදා ඇදුමින් සෙබලෙක් කෙල්ලක සමග අධිවේගී ලිංගික සංසර්ගයක යෙදීම අනවශ්ය ලෙස උලුප්පා දැක්වීමත්...
    එහි දෙබස්,,අදහස්..ජවනිකා රනවිරුවන් සමස්තයට අනර්ත අවමානයක් වේ යැයිද,,,එම චිත්‍රපටයේ හුවා දක්වනවා මෙන් පොදුවේ හමුදාවේ බහුතරයක් මෙවන් හැසිරීම් නොකරන හෙයින්ද මීට මහින්ද රාජපක්ශ රජය විසින් රට තුල ප්‍රදර්ශනය අත්හිටුවන ලදි

    තවද එවකට වෙනත් ජාතික ආගමිකත්වයක් සමග වාචික සංවාදයක යෙදෙමින් සිටි කාලක් බැවින්,,මේ චිත්‍රපටය මෙහෙ පෙන්නීම නිසා සිංහල බෞද්ධ ප්‍රජාව අර කියන ආගමික ප්‍රජාවේ විවේචක පාර්ශවයන්ගේ අවමානයට ලක්වීමට ඉඩතිබීමත් අත්හිටුවීමට හෙතුවක් බව කියවේ..එමනිසා ඒ සමයේ වඩාත් නිශ්පාදනය හා ප්‍රදර්ශනය වුයේ සිංහල බෞද්ධයන්ගේ අභිමානයට හේතු වන ඓතිහාසික හා ජනප්‍රවාශ චිත්‍රපටයි..එමගින් සිංහල සිනමාව යලි ලිංගිකත්වට බර නිශ්පාදන වෙත ඇදීයාම වලක්වන ලදි

    කෙසේ නමුත් මේ අද දින වෙන විට පියාබන මාලු ප්‍රධාන නිලිය රට තුල ප්‍රසිද්ධ සිනමාහල් හරහා ප්‍රදර්ශනයට අවශ්ය පාර කපාගෙන ඇත,

    මෙතෙක් මෙම චිත්‍රපටය රටේ ප්‍රදර්ශනය නොවුනත් මෙහි ප්‍රදාන නිලියට සිංහල සමාජයෙන් විශාල බලපෑමක් කල අතර තම ජාතියට අවමන් කරන එවැනි රගපෑමක යෙදීම තදින් හෙලාදකින ලදි..ඇයට විරුද්ද ජන මතය කෙතරම්ද යත් පසුගිය පලාත්සබා මැතිවරනයට ඇයට තරග කිරීමට අවස්තාව දෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ජනතා විරෝධය හමුවේ ඒ නාම යොජනාව ඉල්ලා අස්කරගන්න හිටපු ජනාධිපතිවරයට සිදුවිය

    මේවනවිට රටේ සිටින බහුතර සිංහල ප්‍රජාව,දෙමල ප්‍රජාව,මුස්ලිම් ප්‍රජාව අතුරින් රටේ වැඩි අපචාර,අපවාද,දූශන වලට අනික් ජාතින් දෙකම අත් දිගු කරන්නේ සිංහල ප්‍රජාවටයි.."මෙතරම් බණ කියන ,අහන ඔබලාගේ සංස්කෘතිය හැදියාව මේකදැයි "මෑතකදී ඔවුන්ගේ සම්මේලනයකදී ප්‍රශ්න කරතිබුනි.

    කෙසේ හෝ වේවා,,මේ චිත්‍රපටය රටේ ප්‍රදර්ශනය කිරීමට පටන් ගත්විට සිංහල බෞද්ධ සංවිදාන කෙබදු ආකල්පයක් දරයිද
    රටේ විද්වතුන්,මහා හිමිවරු,වැඩිහිටියන් කුමක් කියයිද
    ඔබගේ අදහස් මොනවාද
    2692228Untitled-1-Recovered-Recovered-Recovered-Recovered-Recovered.png

    http://www.gossiplankasinhalanews.com/full_sec_kala.php?id=550
     
    Aug 31, 2011
    399
    43
    0
    මහින්ද ජනාධිපතිතුමා මේක ලංකාවෙ තහනම් කලානම් කොහොමද කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ පාලන කාලෙ එතුමා මේව දාන්න කීයටවත් ඉඩ දේවිද?? මොකද මෛත්‍රීපාල ජනාධිපතිතුමා යහපාලනයක් කරන්න ආවෙ,,ඒකට දේශපාලනය විතරක් නෙවෙනෙ රටේ සංස්කෘතිය සාරධර්මත් යහපාලනයට ඇතුලත් වෙනවනෙ

    පොලොන්නරුවවගෙ ගමකින් ඇවිල්ල ඉන්න මේ ජනාධිපතිතුමා කොහොමවත් මේවගෙ චිත්‍රපටි දාන්න දෙන එකක් නැහැ

    අනික හාමුදුරුවරු,,සිංහල රාවය,,රාවනා බලය වගේ අය මේක දාන්න අවොත් පාරට බහිවි නේද?
    මේතරම් ලමා අපචාර වෙන කාලෙක,,ඒවට විරෝධතා රට පුරා යන කාලෙක මේවා දන්න පුලුවන්ද?
    ආන්ඩුවෙන් මේවගේ කාම චිත්‍රපට අනික යුද්දෙට ගිය රන විරුවන්ට අපහ්ස වෙන්න ඉඩදේද?
    මම හිතන්නෙ ලමා අපචාර වලින් මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාව පැනල ඉන්නෙ,,එකයි රට වටේ උද්ගෝශන කරන්නෙ,,එහෙමනම් මේ වගෙ චිත්‍රපට දැම්මොත් අර ඉංදියාවෙ වගේ මිනිස්සු ඇවිල්ල හෝල් වලට හූ කියාවි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔයා ඉන්නේ ලංකාවේ නෙවේ වගේ :dull:
    :sorry: