NPP ආණ්ඩුව අද ශතකය ගහලා 😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    මරාදානේ වෙඩි තබයි.. වසරේ වෙඩි තැබීම් ශතකය කරා…

    5O53QWTXKROPDL2FEK454LJCDQ.jpg


    මරදාන පොලිස් වසමේ පංචිකාවත්තප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට ලද තොරතුරක් මත මරදාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    තුවාලකරු වයස අවුරුදු 44 ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    මෙම වෙඩි තැබීම්ද සමග මෙම වසරේ වෙඩි තැබීම් ගණන 92 දක්වා ඉහල යයි.

    කාටද ඉතින් ආඩම්බර 😬😬
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    වළදැම්මම ඔව්ව දිය වෙන්නෙ නැද්ද?
    කන්තකොළම්බන් අයිස්ක්‍රීමුත් කොළඹ ගේද්දි දියවෙනව.
    අයිස් වල දාලා තියාගන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද බං
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    In the past underworld gangsters were formally employed. Now they are unemployed with nothing to do but shoot each other

    පොදුජන පෙරමුණේ හිටපු "මනම්පේරි මැම්බර්" උපාසක මහත්තයෙක් නම් නොවේ........

    කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් නිෂ්පාදනය සඳහා ⁣මෙරටට ගෙන්වන ලදැයි සඳහන් කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන පියල් විරාජ් මනම්පේරි නම් තැනැත්තකු මේ වන විට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම රසායන ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග අත් අඩංගුවට ගත් ⁣බැකෝ සමන් නැමැත්තා බවද වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් පියල් විරාජ් මනම්පේරිගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාද අත් අඩංගුවට ගැනීමට නියමිතය.

    මේ වන විට අත් අඩංගුවට පත්ව සිටින පියල් වි⁣රාජ් ⁣මනම්පේරි 2006 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ඇල්විටිගල මා⁣වතේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී ඝාතනය කෙරුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි.
    පියල් විරාජ් මනම්පේරි ඒ වන විට ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අාරක්ෂක අංශයේ සේවය කරමින් සිටියේය.ඔහු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ වීමට පෙර කරුණා අම්මාන් ගේ ආරක්ෂක අංශයට සම්බන්ධ වී සිට ඇත.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රවිරාජ් ඝාතනයට පෙර ඔහු ගුවන් හමුදා නිළධාරියකු වූ නිශාන්ත ගජනායක නැමැත්තා සමග කොළඹ සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට චෝදනා ලබා සිටියේය.මේ ව්‍යාපාරිකයා කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා නම් විය.ඒ වන වන විට සීනි පොල්තෙල් පරිප්පු ඇතුළු පාරිභෝගික භාණ්ඩ අානයනය කිරිමේ ඒකාධිකාරය මෙම ව්‍යාපාරිකයා විසින් අත් කර ගෙන සිටියේය.ඔහු ඝාතනය කිරීමෙන් පසු කෝටි 3000ක් පමණ වූ ඔහුගේ දේපල කොල්ල කෑ බවට අනාවරණය වේ.ඒ අතරේ ප්‍රබල දේශපාලඥයන් හා ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක නිළධාරීන්ද සිටී.කෙසේ වෙතත් ඔහු ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ව්‍යාපාරික ජාලය සතුව පැවති වෙළඳ ඒකාධිකාරය අත් කර ගත්තේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු බව පැවසෙන පිරමීඩ් විල්මා ආයතනයේ සජාන් මවුසාත්ය.ඒ සජාන් මවුසාත් ගේ පෙර පිණ නිසා සිදුවූවක්ද අහඹුවක්ද එසේත් නැතිනම් තුරුම්බු වාසියක්ද යන්න කියවන අයගේ වැටහීම අනුව සිතාගැනීමට බාධාවක් නැත.

    පියල් විරාජ් මනම්පේරි හට ඒ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල අපරාධ නඩු තිබූ බවද වාර්තා වේ.එහෙත් ඔහු හට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට ඒ අපරාධ නඩු බාධාවක් නොවීමද ප්‍රශ්නකාරීය.ජාතික බුද්ධි සේවාවේ පසුබිම් වාර්තා වලට අනුව එවැනි අපරාධකාරී ක්‍රියා කළාපයක් ඇති තැනැත්තෙකු⁣ට ජනපති ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට අවස්ථාවක් හිමි නොවෙි.
    එහෙත් මෙහිදී පියල් විරාජ් මනම්පේරි හ⁣ට රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පැවැති බව සිතා ගත හැකිය.එය වඩාත් තහවුරු වන්නේ ඔහුට පොලිස් සේවාවෙන් ඉවත්වීමෙන් පසුව පොදු ජන පෙරමුණේ දේශපාලනයේ නිරත වීමටද අවස්ථාව උදා වී අැති නිසාය.

    කෙසේ වෙතත් පොලීසිය මේ සැකකරුගේ
    පැටිකිරිය දැනුවත්ව සිටිනවා වන්නට පුළුවන.ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූයේ ඡ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී ශානි අබේසේකර නිසාය.

    Copied