@Hapuwa @Tricle_Buwa
අර whatapp group එකේ බන කියන අමුතු පොතක් දාන swarna bandaara කියන එකා heyleys fentons එකේ එකෙක්. උට ඕනේ පොඩි solar company වලට කෙලවන්න
https://www.linkedin.com/in/swarna-bandara-a3b040295/
@Hapuwa පොඩි solar company වලට බනින එකාට මේක පෙන්නන්න
* DGMලා, AGMලා, ප්‍රධාන ඉංජිනේරුවෝ සහ හිටපු සභාපතිවරු දෙදෙනෙකුත් ඒ අතර
* පිරිසකට සමාගමෙන් මාසිකව පඩිත් ගෙවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරීන් 45 දෙනෙකු විසින් ප්‍රධාන පෙළේ සමාගමකින් අල්ලස් ලෙස සිය නිවෙස්හි පියසි මත සුර්යය පැනල සවි කරගෙන ඇතැයි බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි අනාවරණය වේ.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් ඇතුළුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සහකාර සාමාන්‍යාධිකාරීවරු සහ ජේෂ්ඨ ඉංජිනේරුවෝ ගණනාවක් මෙම පිරිසට අයත් වෙති.
කිලෝ වොට් 10සිට 250 දක්වා පාරාසයක සුර්යය පැනල මේ ආකාරයට අල්ලස් ලෙස එම පිරිස ලබාගෙන ඇත්තේ ගෘහස්ත සහ මහා පරිමාණ සුර්යය බලශක්ති ව්‍යාපාරයේ නියැලෙන සමාගම් කිහිපයකිනි.
මෙම නිලධාරීන් අතරින් බහුතරයක් අදාළ සමාගම මගින් මාසික වේතනයක් ද ලබාගෙන ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි ද පැවසේ.
ටෙන්ඩර් පාටිපාටියේ නියැලෙන මුවාවෙන් අල්ලස් ලබා ගැනීමට කටයුතු කරන මෙම නිලධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස බුද්ධි අංශ, සිය වාර්තාව මගින් දැනුම් දී ඇතැයි ද පැවසේ.
. ටෙන්ඩර් පාටිපාටිය සදහා අදාළ සමාගම් යොමුකර, අනෙකුත් සමාගම් පටිපාටියෙන් බැහැර කර, අල්ලස් ලබාගෙන ටෙන්ඩර් ප්‍රදානය, බැලූ බැල්මට නීත්‍යානුකූලභාවයක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබදව නෛතිකවිරෝධයක් ද දැක්විය නොහැකි ආකාරයට මෙම නිලධාරීන් අදාළ සමාගම් කිහිපය සදහා සිය සේවය ලබාදී තිබේ.
රජයේ බලධාරීන් වෙත ලැබී ඇති විස්වාසනීය තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී රාජ්‍ය බුද්ධි අංශ මේ බව ආනාවරණය කර ගැනීමට සමත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් ළගදීම මෙම නිලධාරින් අත්අඩංගුවට ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියි.
-
https://www.theleader.lk/featured/red-alert/30579-45