nubada amma keneki...

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    වීසි කරන්නට දරුවන් තනනා ලෝකයක......... නුඹ!

    dog[1].jpg

    දරු ස්‌නේහය යනු මේ මිහිපිට මවකට, පියකුට දැනෙන අතිශය සංවේදී වින්දනයකි. එය මෙවිතර යෑයි කිසිවකුට කිව හැකිද? රතු ලේ සුදු පැහැ වී කිරි බවට පෙරළනු ලබන්නේ ද ඒ අසාමාන්‍ය මව් සෙනෙහස විසින්ම ය. එනිසා මාතෘත්වය උතුම්ම පදවියක්‌ සේ සම්මතය. එහෙත් නූතන සමාජයේ ඒ මව් සෙනෙහස පිළිබඳ වෙනත් කතා ද නැතුවා නොවේ. වැලේ
    ගෙඩි වැලට බර නැතැයි කී මව්වරු අපට එදත් වූහ. අදත් සිටිති. කලාතුරකින් මවකට සිය බිළිඳු පුතු හෝ දියණිය එපා වෙයි. කුමක්‌ හෝ වරදක්‌ නිසා කුසින් වැදූ දරුවකු ගඟට වීසි කරන අම්මා කෙනෙකු ගැන ඇසෙයි. එහෙත් සැබෑ මවට දරුවා යනු ජීවිතය පමණි.

    මේත් අම්මා කෙනෙකි. සිය දරු පැටියා සුරකින්නට දරන තැත. ඉකුත් (10 වැනිදා) රාත්‍රියේ කොළඹට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව මැද මේ මව ද අසරණ වූවාය. කොළඹ වීදි යටකර මහ වැසි ගලද්දී සිය දරු පැටියා මුවින් ඩැහැගත් මේ මවගේ ළය පත්තු වී ගිය අයුරු දුක කියන්නේ කාටද? එහෙත් දිරියෙන් යුතු මවක්‌ සේ ඇය පැටවා මුවින් රැගෙන යන අයුරු. කොළඹ නගරයේ මඩ වගුරු, මර උගුල් මැද පරිස්‌සමින් පිය ඔසවා යන මේ සුනඛ මව දරු සෙනෙහසක තරම දුටු "දිවයින" ඡායාරුප ශිල්පී කමල් වන්නිආරච්චි සිය කැමරාවේ සටහන් කර ගත්තේ අහම්බෙනි.

    වීසි කරන්නට දරුවන් තනනා ලොවකට ඇය කියන්නේ කුමක්‌ විය හැකිද? තිරිසනකු වුවද නුඹ තුළ නැගෙන මාතෘත්වයේ උණුසුම මට විශ්මයකි