Nuclear Power Plant in SL

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    - න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -

    මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessal)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.

    උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
    (න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    ** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

    ** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

    ** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    ******
    මෙතන තියෙන්නේ මිත්‍යා මත කීපයක් ගැන විතරයි. මේ සියල්ලේම තාක්ෂණික කරුණු වල නිරවද්‍යතාව ගැන මට වගකීමක් තියෙනවා. අනිත්වා ගැන ඉඩ ලැබෙන වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කියන්න ඕනේ මේකයි, කරුණාකරලා නිසි මූලාශ්‍ර සමග හැදෑරීමක් නොකර මේවා ගැන ඔබට හිතෙන, ඔබ අහලා තියෙන මනස්ගාත වලින් අදහස් දැක්වීම කරන්න එපා. ඒකේ වක්‍ර හානිය බරපතලයි. ඔබ නිකරුණේ මිනිසුන් බය කරනවා නම් අර එන්නත් වලට එරෙහිව කොන්ස්පයිරසි තියරි ගේන අයත් ඔබත් අතර වෙනසක් නෑ. ඒකෙන් ඔබ මග අවුරන්නේ මුළු මහත් අනාගත පරම්පරාවකටම බව මතක තියාගන්න.

    ප. ලි. : කොහොම කිව්වත් න්‍යෂ්ටික බලාගාර කියන්නේ 90%කට වැඩි රිලයබිලිටි ෆැක්ටර් එකක් තියෙන ශක්ති ප්‍රභවයකට. ඒක ශූන්‍ය විමෝචකයි. බලශක්ති ඝනත්වය අධිකම ප්‍රභවයයි (1×0.5 cm ප්‍රමාණයේ යුරේනියම් ඉන්ධන කැටයකින් ලැබෙන ශක්තිය ගල් අඟුරු මෙ. ටොන් 1කට සමානයි). ඒක හින්දා ඔබ අකමැති උනත් නැතත්, බලශක්ති ප්‍රභවයක් විදියට ලෝකෙ හැම රටක්ම කවදා හෝ මේ වෙත යොමු වෙනවා ඇති.

    https://www.facebook.com/groups/804276106323782/permalink/1733781323373251/

    :P

    bump
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Kalpana karala balanna meka kochchara awadanamda kiyala punchiammapa :lol::lol::lol:

    f75dc84e-10a4fce8-anura-kumara_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    ඔව් ඔයා ඔතෙන කියලා තියෙන කථාව හරි . හැම ගෙදරකට ම සොලාර් පැනල් දීලා දවල්ට National Grid එක run කරන්න පුළුවන් . ඒත් රෑට ගෙවල් වල ලයිට් ඔක්කොම ON කරාම National Grid එකේ ඉල්ලුමට සැපයුම දෙන්න බැහැ. මොකද solar පැනාල් එකකින් වත් මේ වෙලාවට විදුලිය නිපද වෙන්නේ නැති නිසා.
    අපි නිකං හිතුවොත් රෑට සමස්ත ජාතික විදුලි ඉල්ලුම 120 MW
    කියලා ඒත් National Grid එකෙන් සපුරා ලන්න පුළුවන් 80 MW කියලා . මෙහෙම වෙච්ච ගමන් ඉල්ලුමට සැපයුම දෙන්න බැරිඋනා ගමන් මුළු ලංකාවටම එක පාරටම විදුලිය ඇණහිටිනවා. රටටම ඕන වෙලාවට විදුලිය නැතුව යනවා
    (අපේ National Grid එක කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් Grid එක over load නම් auto විදුලිය විසන්ධි වෙනවා)
    මෙන්න මේක තමා ලොකුම අවාසිය
    දවල්ට සෝලාර් පැනැල් වලින් අපි විදුලිය නිපද එවුවත් රෑට හවස 5 හෙන් පස්සේ න්යෂ්ටික බලාගාර සහ ජල විදුලි බලාගාර , ගල් අගුරු බලාගාරය යන Sorce 3 නෙන් අපිට විදුලිය නිපද වන්න වෙනවා

    සෝලා, සුළං බලාගාර වගේ දේවල් රටක ප්‍රධාන විදුලි සැපයුම (Primary source of power) විදිහට තියා ගන්නේ නෑ. මොකද මේ දෙකම වෙනස් වෙනව නිකමට හිතහන් දවස් 2-3 ඒක දිගට අඳුරු වෙලා තිබ්බොත් ග්‍රිඩ් ඒක අන්ස්ටේබල් වෙනව. ඕවගේ දවල් කරන්ට් ඒක ස්ටො කරලා තියාගන්න ක්‍රම තීනවා සමහරකගේ වතුර ජාලාශයකට පුරවල ඒකෙන් ජලවිදුලි බලාගාරයක් හදනවා හැබැයි මේ ඔක්කොම ප්‍රක්ටිකලි ලේසි නෑ සෝලා සිස්ටම් එකක් අපිට සොලිඩ් විදිහට පෙනුනට මෙවගේත් පැනල් පිහදමිමේ ඉඳන් ලොකු මෙන්ටෙනන්ස් එකක් ඕනා.

    ලෝකෙම න්‍යෂ්ටික බලාගාර 450ක් මේ දැනුත් වැඩ. දැනට අනතුරු වෙලා තින්නේ 3 යි. මේ 3න් කියන්න බෑ මේක හොඳ නෑ කියල.

    ලංකාවේ මීට වඩා භායනක පරිසර හානි වෙන දේවල් වෙනව ඒවා විකිරනවලට වඩා බලපායි මිනිස්සුන්ට (උදාහරනෙකට වකුගඩු රෝග)

    ගොඩක් අය න්‍යෂ්ටික බලාගාර වලට බය ඒවගෙන් නිකන් විකිරණ පිටවෙනවා කියල හිතාගෙන

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ගොඩක් අය න්‍යෂ්ටික බලාගාර වලට බය ඒවගෙන් නිකන් විකිරණ පිටවෙනවා කියල හිතාගෙන

    විකිරණ නෙවේ, මෙහෙ අය හිතන්නේ න්‍යෂ්ටික බලාගාර නිකන් න්‍යෂ්ටික බෝම්බ වගේ පුපුරණවා කියලා. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    මේ කතාව ඇත්ත.
    එකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි.

    එක්කො උඹ Corona හැදිලා මැරෙනවා. ඒකෙන් බේරුනා උනත් radiation වලින් මැරෙනවා.
    කොහෙන් ගියත් end of Sinhalese

    අපිට වඩා බාගයක් සයිස් දුපතක් වෙන තායිවානයේ න්‍යෂ්ටික බලාගාර 4ක් තිනවලු බං

    හැබැයි 4 වෙනි ඒක බාගෙට හදද්දී විරෝදතා නිසා නැවතිලා ලු
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    විකිරණ නෙවේ, මෙහෙ අය හිතන්නේ න්‍යෂ්ටික බලාගාර නිකන් න්‍යෂ්ටික බෝම්බ වගේ පුපුරණවා කියලා. :lol:

    munta itathwada baya thiyenne oka gotage kale hadai kiyala. :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    - න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -

    මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessal)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.

    උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
    (න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    ** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

    ** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

    ** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    ******
    මෙතන තියෙන්නේ මිත්‍යා මත කීපයක් ගැන විතරයි. මේ සියල්ලේම තාක්ෂණික කරුණු වල නිරවද්‍යතාව ගැන මට වගකීමක් තියෙනවා. අනිත්වා ගැන ඉඩ ලැබෙන වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කියන්න ඕනේ මේකයි, කරුණාකරලා නිසි මූලාශ්‍ර සමග හැදෑරීමක් නොකර මේවා ගැන ඔබට හිතෙන, ඔබ අහලා තියෙන මනස්ගාත වලින් අදහස් දැක්වීම කරන්න එපා. ඒකේ වක්‍ර හානිය බරපතලයි. ඔබ නිකරුණේ මිනිසුන් බය කරනවා නම් අර එන්නත් වලට එරෙහිව කොන්ස්පයිරසි තියරි ගේන අයත් ඔබත් අතර වෙනසක් නෑ. ඒකෙන් ඔබ මග අවුරන්නේ මුළු මහත් අනාගත පරම්පරාවකටම බව මතක තියාගන්න.

    ප. ලි. : කොහොම කිව්වත් න්‍යෂ්ටික බලාගාර කියන්නේ 90%කට වැඩි රිලයබිලිටි ෆැක්ටර් එකක් තියෙන ශක්ති ප්‍රභවයකට. ඒක ශූන්‍ය විමෝචකයි. බලශක්ති ඝනත්වය අධිකම ප්‍රභවයයි (1×0.5 cm ප්‍රමාණයේ යුරේනියම් ඉන්ධන කැටයකින් ලැබෙන ශක්තිය ගල් අඟුරු මෙ. ටොන් 1කට සමානයි). ඒක හින්දා ඔබ අකමැති උනත් නැතත්, බලශක්ති ප්‍රභවයක් විදියට ලෝකෙ හැම රටක්ම කවදා හෝ මේ වෙත යොමු වෙනවා ඇති.

    https://www.facebook.com/groups/804276106323782/permalink/1733781323373251/

    :P

    ඕවා දාල වැඩක් නෑ මෙතන ඉන්නේ nobel prize winning nuclear physicist ල :lol:

    කොටින්ම chernobyl වලත් ඇත්ත උන් දන්නවා :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    eka hari bn. owata krama tiyenawa one tharam.
    Dan ape rate generate karanawa ewa ethakota thiyenne ubalage කුස්සියෙ ගබඩා කරලද?

    ලංකාවේ කොහෙද ඕයි electricity store කරන් ඉඳල දෙන්නේ? :eek:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යහපාලනේ තිබ්බ හොඳකම කරපු ආණ්ඩුව නෙවෙයි ඒකට support කරපු මිනිස්සු.

    උන් වැරදි වැඩක් නම් යහපාලනේටත් බැන්න. බැඳුම්කරේ ගැන වැඩිපුරම කතා කරේ යහපාලනේ ගෙන්න දඟලපු උන්මයි

    බයියොන්ගේ අවුල උන් මහින්ද මොන බලු වැඩේ කරත් කරන්න දෙනවා
    ඉඩම් විකුණුවත් හොඳයි වැඩක් නැති වරායවල් හැදුවත් හොඳයි
    උන්ට වහල්ලු කියල නම හැදිලා තියෙන්නේ නිකන් නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    munta itathwada baya thiyenne oka gotage kale hadai kiyala. :lol::lol::lol:

    යහපාලනේ තිබ්බ හොඳකම කරපු ආණ්ඩුව නෙවෙයි ඒකට support කරපු මිනිස්සු.

    උන් වැරදි වැඩක් නම් යහපාලනේටත් බැන්න. බැඳුම්කරේ ගැන වැඩිපුරම කතා කරේ යහපාලනේ ගෙන්න දඟලපු උන්මයි

    බයියොන්ගේ අවුල උන් මහින්ද මොන බලු වැඩේ කරත් කරන්න දෙනවා
    ඉඩම් විකුණුවත් හොඳයි වැඩක් නැති වරායවල් හැදුවත් හොඳයි
    උන්ට වහල්ලු කියල නම හැදිලා තියෙන්නේ නිකන් නෙවෙයි

    අනේ පව් දෙයියනේ මු විලි රුදාවෙන් දගලනව..මහින්දගෙ පාලන කාලය තුල නියශ්ටික බලාගාරය ඉදිඋනාම මුන්ට බඩ යනව ඉරිසියාව හින්දම.. :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    අනේ පව් දෙයියනේ මු විලි රුදාවෙන් දගලනව..මහින්දගෙ පාලන කාලය තුල නියශ්ටික බලාගාරය ඉදිඋනාම මුන්ට බඩ යනව ඉරිසියාව හින්දම.. :lol::lol::lol:

    37mrj7.png

    Gota :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනේ පව් දෙයියනේ මු විලි රුදාවෙන් දගලනව..මහින්දගෙ පාලන කාලය තුල නියශ්ටික බලාගාරය ඉදිඋනාම මුන්ට බඩ යනව ඉරිසියාව හින්දම.. :lol::lol::lol:

    ඔව් බං ඉරිසියාවේ පැලෙනවා කරපු ඒවාට
    හදපු දවසේ ඉඳන් වැඩ කරනවට වඩා කැඩෙන ගල් අඟුරු බලාගාර වලට වැස්ස නැති උන හැටියේ රට දුවන්නේ තෙල් වලින්

    වරායවල් වලට එන නැව් දැකල ඉරිසියයි ප්ලේන් දැක්කම වාවගන්න බෑ ඔයි ඇඩෙනවා :lol:

    ව්කුනපු ඉඩම් ඉතින් ඔය ගානට අච්චර දස්සය කියන රනිල්ට වත් දිගන්න බැරි උනා

    යුද්දෙනේ එකම දේ එකට තමයි උඹල කඩේ යන්නේ වෙන මොකක්වත් හින්ද නෙවෙයි
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    යහපාලනේ තිබ්බ හොඳකම කරපු ආණ්ඩුව නෙවෙයි ඒකට support කරපු මිනිස්සු.

    උන් වැරදි වැඩක් නම් යහපාලනේටත් බැන්න. බැඳුම්කරේ ගැන වැඩිපුරම කතා කරේ යහපාලනේ ගෙන්න දඟලපු උන්මයි

    බයියොන්ගේ අවුල උන් මහින්ද මොන බලු වැඩේ කරත් කරන්න දෙනවා
    ඉඩම් විකුණුවත් හොඳයි වැඩක් නැති වරායවල් හැදුවත් හොඳයි
    උන්ට වහල්ලු කියල නම හැදිලා තියෙන්නේ නිකන් නෙවෙයි

    bannata katha karata monawath une nane yako. anthimata yahapaluwo tika bombath gahala giye :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෝලා, සුළං බලාගාර වගේ දේවල් රටක ප්‍රධාන විදුලි සැපයුම (Primary source of power) විදිහට තියා ගන්නේ නෑ. මොකද මේ දෙකම වෙනස් වෙනව නිකමට හිතහන් දවස් 2-3 ඒක දිගට අඳුරු වෙලා තිබ්බොත් ග්‍රිඩ් ඒක අන්ස්ටේබල් වෙනව. ඕවගේ දවල් කරන්ට් ඒක ස්ටො කරලා තියාගන්න ක්‍රම තීනවා සමහරකගේ වතුර ජාලාශයකට පුරවල ඒකෙන් ජලවිදුලි බලාගාරයක් හදනවා හැබැයි මේ ඔක්කොම ප්‍රක්ටිකලි ලේසි නෑ සෝලා සිස්ටම් එකක් අපිට සොලිඩ් විදිහට පෙනුනට මෙවගේත් පැනල් පිහදමිමේ ඉඳන් ලොකු මෙන්ටෙනන්ස් එකක් ඕනා.

    ලෝකෙම න්‍යෂ්ටික බලාගාර 450ක් මේ දැනුත් වැඩ. දැනට අනතුරු වෙලා තින්නේ 3 යි. මේ 3න් කියන්න බෑ මේක හොඳ නෑ කියල.

    ලංකාවේ මීට වඩා භායනක පරිසර හානි වෙන දේවල් වෙනව ඒවා විකිරනවලට වඩා බලපායි මිනිස්සුන්ට (උදාහරනෙකට වකුගඩු රෝග)

    ගොඩක් අය න්‍යෂ්ටික බලාගාර වලට බය ඒවගෙන් නිකන් විකිරණ පිටවෙනවා කියල හිතාගෙන

    meke meka epa kiyana eun godak hithagana inne nuclear power plant ekak kiyanne atomic bomb ekak kiyala una danne na US aircraft carriers and samhara submarine walth nuclear reactor ekak thiyenne kiyala.

    bari welawath apita nuclear power aircraft carrier ekak hari nuclear power nawak wage thibanam eke minisu marenne yudden hari wena anathuru walin hari newi marenne baya wela.:lol::lol::lol: 3% eun ethanath ringala boru katha pathurawala.:lol::lol::lol:

    manam hithanne na meka mehe hadai kiyala india pons la kamathi na owa hadanawata natham me weddi okak hadala.
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔව් බං ඉරිසියාවේ පැලෙනවා කරපු ඒවාට
    හදපු දවසේ ඉඳන් වැඩ කරනවට වඩා කැඩෙන ගල් අඟුරු බලාගාර වලට වැස්ස නැති උන හැටියේ රට දුවන්නේ තෙල් වලින්

    වරායවල් වලට එන නැව් දැකල ඉරිසියයි ප්ලේන් දැක්කම වාවගන්න බෑ ඔයි ඇඩෙනවා :lol:

    ව්කුනපු ඉඩම් ඉතින් ඔය ගානට අච්චර දස්සය කියන රනිල්ට වත් දිගන්න බැරි උනා

    යුද්දෙනේ එකම දේ එකට තමයි උඹල කඩේ යන්නේ වෙන මොකක්වත් හින්ද නෙවෙයි

    hari hari apo oya andiyawa nawaththa ganin api anura kumarata chande dennam. deela agamathi karannam lapayawa
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Nuclear power station ekak gotage kale haduwoth jeppo ude hawasa prarthana karanne oka pupurapan kiyala :lol::lol::lol: