Number Portability සේවාව පිළිබඳව යළි කතාබහට ලක් වීම නිසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ සේවාව ලබා දීම සඳහා ගනු ලැබු පියවරයන්වල මේ වන විට ප්‍රගතිය පිළිබඳව දක්වමින් සටහනක් ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ගෙන ඇති පියවරයන් පහත වනවා.
Source: www.trc.gov.lk
https://androidwedakarayo.com/sri-lanka-number-portability-from-2025
ඒ අනුව ඔවුන් විසින් Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ගෙන ඇති පියවරයන් පහත වනවා.
- මූලික වශයෙන් කොමිෂන් සභාව විසින් ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා පවත්වා NP සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් සාදනු ලැබීය.
- 2021 දී මහජන මත විමසුමක් ප්‍රකාශයට පත් කර අදාල සියලු පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගන්නා ලදී.
- ඉන් අනතුරුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලදී.
- NP සේවාවේ මෙහෙයුම් සහ පරිපාලනය සඳහා සියලුම ස්ථාවර සහ ජංගම දුරකතන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් Lanka Number Portability Services (Guarantee) Limited (LNPS) නමින් සමාගමක් පිහිටුවන ලදී.
- TRCSL විසින් LNPS ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන බලපත්‍රය මේ වන විටත් ලබා දී ඇත.
- TRCSL සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් පිලියෙල කර ඇති NP නීති සහ මාර්ගෝපදේශ (Rules and Guidelines) සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇත.
- LNPS සමගම විසින් තාක්ෂණික පද්ධතිය සපයන සුදුසු ආයතනයක් තෝරාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර, තාක්ෂණික ඇගයීම අවසන් කර ඇති බවත්, මුල්‍ය ඇගයීම සිදුකරමින් පවතින අතර, 2025 ජනවාරි මස වන විට එය අවසන් කළහැකි බව අප වෙත දන්වා ඇත.
- LNPS සමාගම විසින් සම්පුර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව, සුදුසු තාක්ෂණික පද්ධතිය සපයන ආයතනයක් තෝරාගෙන, එම පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව NP සේවාව ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු.
Source: www.trc.gov.lk
https://androidwedakarayo.com/sri-lanka-number-portability-from-2025

