O/L ලෝක වාර්තාවක්!

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    O/L ලෝක වාර්තාවක්!

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ පහළොස් දහසක් ඉදිරිපත් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

    විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අයදුම්පත් ලැබූ විභාගය ලෙස මෙම විභාගය ඉතිහාසගත වන බව ඔහු කියා සිටියේය.

    එමෙන්ම ජනගහන ප්‍රතිශතය අනුව රටක් ලෙස ලෝකයේ විශාලතම විභාගය පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය‍

    දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය නව සහ පැරණි නිර්දේශ යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන බවත්, මේ අනුව නව නිර්දේශය යටතේ තුන්ලක්ෂ තිස් හතරදහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක්දහස් එකසිය අසූ හතර දෙනෙකු ඉදිරිපත් වී සිටින බවත් ඒ මහතා කියා සිටියේය. ‍
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔව් බන් මාත් දැම්මා.
    avatar267406_290.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කව්ද බන් ඔය ගොන් කතා කියන්නේ ?

    එතකොට ලෝකේ විභාගයකට වැඩිම ලක්ෂ 7 ද ඉදල තියෙන්නේ ?:P

    චීනේ ඇමරිකාව රුසියාව ඉන්දියාව වගේ රටවල් වැල විභාග තියන්නේ නැද්ද ?:lol::lol::lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මරුසිරා;20711852 said:
    කව්ද බන් ඔය ගොන් කතා කියන්නේ ?

    එතකොට ලෝකේ විභාගයකට වැඩිම ලක්ෂ 7 ද ඉදල තියෙන්නේ ?:P

    චීනේ ඇමරිකාව රුසියාව ඉන්දියාව වගේ රටවල් වැල විභාග තියන්නේ නැද්ද ?:lol::lol::lol:

    population ekath ekka % ekak kiyala ne bng kiyala tiyenne
    Anee manda ubath :rolleyes::lol: