O.o Breaking News!-Curiosity rover රහස් නාසා ආයතනය හෙලිකරයි!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    o_O Breaking News!-Curiosity rover රහස් නාසා ආයතනය හෙලිකරයි!

    කියුරියෝසිටි රෝවරය

    Chamikawpblogspotcom8-22.jpg


    කියුරියෝසිටි රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩ බැස්සවීමෙන් පසුව යානය විසින් ගන්නා ලද ජායාරෑපයන් නිකුත් කිරීමත් සමඟම ජායාරූපයක වු පැල්ලමක් පිළිබඳව වඩ වඩාත් කතා බහ ඇති වු අතර බොහෝමත්ම දෙනා විශ්වාස කලේ එය පිටසක්වල යානයක්දෝ කියායි. :angry:

    මතකයි නේ.... :rolleyes:

    Chamikawpblogspotcom6-35.jpg
    මී‍ට පෙර අන්තර්ජාලය තුල අවධානයට පත්වු ජායාරෑප පෙළ
    එහෙත් එය ක්ෂිතිජයේ ඇතිවු යම් දෙයක් පමණක් බව පසුව ප්‍රකාශ වුනා. :P

    එහෙත් පසුගිය දින කිහිපයේ නාසා ආයතනය නිකුත් කල ජායාරෑප වල නැවතත් අඟහරු අහසේ දර්ශණය වන පැල්ලම් කිහිපයක් නිසා නැවතත් පෙර කතාවම නැවත මතුවී තිබෙනවා... :nerd:
    ඇත්තටම ඒ හදුනා නොගත් පියාඹන වස්තුන්ද?? :baffled:

    නැතිනම් කැමරාවේ ආබාධයක් ද??:rolleyes:
    Chamikawpblogspotcom5-41.jpg


    Alien Disclosure UK නැමැති කණ්ඩායමේ StaphenHannard ADGUK විසින් නාසා ආයතනය නිකුත් කළ එම ජායාරෑප විවිධ ෆිල්ටර භාවිතා කරමින් එම වස්තුන් පිළිබඳ සොයා බැලීමට උත්සහ කර ඇත. :D

    Chamikawpblogspotcom3-46.jpg

    එම විඩියෝව ඔහු යුටියුබ් වෙබ් අඩවියට එකතු කොට ඇත. :yes:
    ඔහුගේ ප්‍රශ්ණය මේවා පිටසක්වල යානාද, දුවිලි වලාවන්ද? :rolleyes:
    නැතිනම් මොනවාද යන්නයි... :P

    එහේත් විශේෂඥයින් පවසන්නේ ඒවා හුදෙක් ජායාරෑපයේ පික්සල් බිදී යාමෙන් හට ගත් පැල්ලම් කිහිපයක් බවයි.‍
    7.gif


    රෝද 06 කින් යුතු කාරයක ප්‍රමාණයකින් යුතු ටොන් එකක් බර කියුරියෝසිටි රෝවරය මාස 08ක් තිස්සේ සැතපුම් මිලියන 354ක දුර ගෙවමින් අගෝස්තු 5 වැනිදා අඟහරු මතට ගොඩ බසින ලදි. :yes:
    ඒ අගහරු මතට පෘතුවියෙන් ආ හතරවැනි යානය ලෙසයි. :D

    එය සතුව කැමරා, විදිනයක් (ඩ්‍රිල්), වගේම පස් හා ගල් ආදිය කුඩු කර ගැනීමට අවශ්‍ය යාන්ත්‍රික දේවල් හා අධි ප්‍රභල ලේසර් කිරණ විදිනයක් හා අඩි 07ක් දිග (2.1m) දිග රොබෝ අතකින්ද සමන්විතයි. :D
    Chamikawpblogspotcom1-53.jpg


    පසුගියදා ප්‍රථම වරට කියුරියෝසිටි රෝවරය අගෝස්තු 22 වැනිදා
    අඩි 15 ඉදිරියටත් අංශක 120 කින් කැරකී අඩි 08ක් පිටුපසට ගමන් කිරීම අරඹා ප්‍රථම වරට යානයේ ටයර් සලකුණු අඟහරු ග්‍රහයා මත ඇති කරනු ලැබුවා..
    11.gif



    විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්..... :yes:

    Chamikawpblogspotcom1-54.jpg

    නාසා ආයතනය එම ජායාරූප නිකුත් කල අතර ඔවුන් පවසන්නේ “එය විශිෂ්ඨ මොහොතක, විශිෂ්ඨම මොහොතක්” බවයි. :D

    යානය ගොඩ බැස්ස තැන සිට එය මේවන විට අඩි 20ක් ගමන් කර තිබෙනවා.. :D

    රෝවරය පදවන Matt Heverly පවසන්නේ ප්‍රථම ගමනට විනාඩි 16 ක් ගත වු බවයි. එතරම් වේලාවක් ගත වුයේ ජයාරූපයන්ද ගැනීම‍ට කාලය වැයකල නිසා බවයි. :yes:
    Chamikawpblogspotcom7-31.jpg

    අවුරුදු 65 කට පෙර පිටසක්වල යානයක් අනතුරට පත් වු “ රෝස්වෙල් හි සිද්ධිය“ ඇත්තක්ලු..! ඒ ගැන දන්නවද? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්...... :yes:

    එලෙසම රෝවරය මත වු රහස් කිහිපයක්ම මේ වන විට හෙලිකර ඇත.. ඒ ගැන ඔබ දැන සිටියාද මන්දා....... :rofl:

    රෝවරයේ ටයරයේ “මෝස් කෝඩ්“ අධාරයෙන් එය එකලස් කල Jet Propulsion Lab හි නම JPL ලෙස දක්වා ඇත. :baffled:

    අගෝස්තු 22 රෝවරයේ ප්‍රථම ගමන සමග එය අගහරු පොළවේ ලියවී ඇත.:P
    ටයරේ කට්ටයේ හැඩය — dot-dash-dash-dash, dot-dash-dash-dot, dot-dash-dot-dot ('.--- .--. .-..')

    එය මෝස්කෝඩ් ලෙස පරිවර්තනයේදී කියවනු ලබන්නේ J P L ලෙසයි. ඊට අමතරව එහි සිග්සැග් (zigzag) හැඩය ඇතුලත්ව ඇත.
    Chamikawpblogspotcom2-50.jpg


    එහි ඇති දුරකතන ඇප්ලිකේෂනයක කෝඩ් සටහනක් ඇතුලත් කර තියෙනවා.. :oo:

    ඒ ගැන කිසිවක් සඳහන් කරලා නම් නෑ...:no:
    සමහරක් විට අනාගතයේදී එය භාවිතා කිරීමේ හැකියාවක් අභ්‍යාවකාශ තොරතුරු රැස්කරන්නන්ට ලබා දේවි...:P
    Chamikawpblogspotcom7-33.jpg


    යානය මතුපිට ලියු ඇතුලත භාෂා 16 සමන්විත පණිවිඩය ඔබ දැක්කාද?? :nerd:
    'To Mars, To Explore,' :yes:
    Chamikawpblogspotcom556.jpg


    Chamikawpblogspotcom555.jpg


    නාසා, JPL හා කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන් හි වෙබ් අඩවි හරහා එකතු වුනු මිලියන 1.24 රසික පිරිසකගේ නම් ඇතුලත් කොට ඇති සිලිකන් චීපයක්ද රෝවරයේ රඳවා ඇත. :oo:
    Chamikawpblogspotcom444.jpg

    එය නාසා සමාගම හදුන්වා දුන්නේ
    'පෘතුවි වැසියන්ගේ බලාපොරොත්තුව හා උනන්දුව අගහරු වෙත' ලෙසයි. :D

    කියුරියෝසිටි යානය තුල මුදල් තැම්පත් කර ඇතැයි කිවහොත් ඔබ පුදුම වේවි... :nerd:

    ඔව්! එහි 1909 දි නිකුත් කරන ලද ඒබ්‍රහම් ලින්කන් ජනපතිගේ රුව ඇති කාසියක් ඇතුලත් කොට ඇත. :rofl:
    Chamikawpblogspotcom6-36.jpg

    රෝවරය අගහරු ග්‍රහයා මතට ගොඩ බස්සන අවසාන විනාඩි 7 තමන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය ගැන විස්තර සහිත විඩියෝවක් ඉදිරිපත් කර තිබෙනවා...බලන්න පහලින්.. :yes:
    එයට යොදා ගත් තාක්ෂණය හා ඔවුන්ගේ මහන්සිය,කැපවීම ඉතාමත් සිත් ගන්නා සුළුයි.
    11.gif




    දැන් කියුරියෝසිටි රෝවරය තිබෙන ස්ථානය 92 වයසැති විද්‍යා ප්‍රබන්ධ කතුවරයකු වු “The martian Chronicles” නැමැති පොත ලියු “Ray Bradbury” වෙනුවෙන් නම් කර තිබෙනවා..

    Chamikawpblogspotcom3-47.jpg


    2016 දිත් අඟහරු ගවේශෂණයට තවත් රෝවරය යැවීමට සුදානම් බව ඇමරිකානු නාසා ආයතනය කියනවා.. :D

    එය නම් කර ඇත්තේ “Insight” ලෙසයි. එමගින් අඟහරුගේ පොලොව අඩි 16 ක් හාරා බැලීමටද නියමිතයි...
    :baffled:


    කියුරියෝසිටි යානයේ අලුත්ම තොරතුරු ඔවුන්ගේ ටිවිටර් පිටුවෙන් බලන්න මෙතනින් යන්න..

    මේ යන විදිහට නම් ළඟදීම අඟහරු පැත්තෙත් යන්න බැරි වෙන එකක් නෑ..! :rolleyes:
    යමු නේද වීසා අරගෙනම ගිහිල්ලා එන්න..
    :D

    AREA 51 නැතිනම් 51 වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්.... :P
    ඒ ගැන වැඩියෙන් බලන්න මෙතනින් පුළුවන්.... ;)



    තොරතුරු,පින්තූර ටික නම් වෙනදා වගේම අන්තර්ජාලය තුලින් තමා!!
    අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා හොදද!!


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]

     
    Last edited: