O-sup bitches!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    _92352841_churan_zheng_profile.jpg

    වෘත්තියෙන් උත්සව සංවිධායකවරියකවන චුරාන් ෂෙන්

    ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

    වෘත්තියෙන් උත්සව සංවිධායකවරියකවන චුරාන් ෂෙන් මසකට වරක් නිවාඩු ලබා ගන්නේ ඔසප් වීම ආරම්භයත් සමග ඇතිවන දරාගත නොහැකි වේදනාව හේතුවෙනි.
    එම තත්වයට මුහුණ දෙන සෑම කාන්තාවකටම එසේ නිවාඩු ලබා ගැනීමට අනිවාර්යයෙන් අවස්ථාව හිමි විය යුතු බව ඇය අවධාරණය කරන්නීය.

    "මට ඔසප් වේදනාව දරුණු ලෙස දැනෙනවා. කුරුසයකට තබා බඳින ලද උදර පෙදෙසේ ඊතල ඇනුණු කාන්තාවකගේ රූපයක් සෑම මසකම මම, මගේ සමාජ ජාල ගිණුම් තුළ පළ කරනවා. ගොඩක් අය ඒ පින්තූරෙට 'ලයික්' කරනවා. මොකද ඔසප් කාලය තුළ බොහෝ කාන්තාවන්ට විඳීමට සිදුවන වේදනාව පිළිබඳ එම ඡායාරූපය ඉතාමත් පැහැදිලි චිත්‍රයක් ලබා දෙනවා." ඇය පවසන්නීය.

    "ඔසප් වීම ආරම්භ වීමට පෙර දින රාත්‍රියේ මගේ උදර ප්‍රදේශයේ මස් පිඬු පෙරළෙනවා. අවදි වූ විට ඔසප් වීමත් සමග දැනෙන වේදනාව දරා ගත නොහැකියි. බඩ කපා ගන්න හිතෙන තරම් වේදනාවක්. වමනේ යන්න වගෙත් දැනෙනවා." චුරාන් ෂෙන් වැඩිදුරටත් කියා සිටින්නීය.

    'දරාගත නොහැකි වේදනාවක්'

    _92809515_churan_cartoon.jpg

    ඔසප් වීම ආරම්භයත් සමග අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා චුරාන් ෂෙන් සිය සමාජ ජාල ගිණුම් තුළ පළ කරනු ලබන ඡායාරූපය

    පීඩාව සමනය කර ගැනීම සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට තමන් හුරු වූ බවත් ඇය සඳහන් කළාය.

    "විශ්ව විද්‍යාලයෙන් පිටවුණාට පස්සේ මම රැකියාවක් කරන්න පටන් ගත්තා. සෑම මාසෙකෙම වගේ මම වේදනා නාශක පෙති ගත්තා. නමුත් ඒ පෙතිවලට දැඩි තෙහෙට්ටුවක් නිදිමත ගතියක් දැනෙනවා. වේදනාව අඩු කර ගන්න මම උණුවතුර බෝතලයක් ළඟ තබා ගත්තා." යැයි පවසන චුරාන් ෂෙන්, ඔසප් වීම ආරම්භ වීමත් සමග එම දින කීපය තුළ සිය වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම තරමක් දුෂ්කරවන බව පවසන්නීය.

    එවැනි අවස්ථා වලදී ගැහැනියක් වීම පිළිබඳ 'තමා තමාටම ශාප කරගන්නා' බවත් චුරාන් ෂෙන් කියා සිටියාය.

    "වාසනාවකට මම රැකියාව කරන සමාගම කාර්ය මණ්ඩල සේවිකාවන්ට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දෙන්න කටයුතු කළා. ඒ සඳහා වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. ඒ වගේම පඩි කැපෙයි කියලා දුක් වෙන්න අවශ්‍යත් නැහැ. රැකියා කටයුත්තකට කාර්යාලයෙන් පිට යාමට නැතිනම් හෝ වැදගත් කටයුත්තක් නිම කිරීමට නොමැති අවස්ථාවකදී මම සාමාන්‍යයෙන් දවසක් හෝ දවසින් භාගයක් නිවාඩු ගන්නවා. ඒ දවස්වලට මම ගෙදරට වෙලා ඉන්නවා. වේදනා නාශක බෙහෙත් බීලා නිදා ගන්නවා," ඇය පවසනීය.

    චුරාන් ෂෙන් පවසන පරිදි ඔසප් දිනවලදී කාන්තාවන්ට නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් පුරුෂයෝ වැඩි කැමැත්තක් නොදක්වති.

    'සාධනීය වෙනසක්'

    _92809510_pain2_istock976.jpg

    ඔසප් වීම බොහෝ කාන්තාවන්ට දැඩි වේදනාවක් ගෙන දෙන අතරම කොඳු ප්‍රදේශය සහ කලවා ප්‍රදේශය දක්වා අසාමාන්‍ය ලෙස මස් පිඬු පෙරලීම ද ඒ සමග බොහෝ විට සිදු වන්නක්

    "ඔසප් දිනවල කාන්තාවන්ට නිවාඩු ලබා දීමෙන් ව්‍යාපාරයට පාඩු සිදුවන බව ඇතැම් පුද්ගලයන් සිතනවා. ඒ නිසා කාන්තාවන්ට රැකියා ලබා දීමට සමාගම් දක්වන උනන්දුව අඩු වේවිද කියලා සංවාදයක් මතු වී තිබෙනවා. කොහොම නමුත් ඔසප් වීමත් සමග සෑම සේවිකාවක්ම පාහේ මසකට දිනක් නිවාඩු ගැනීමෙන්, කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන අපේ සමාගමට සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් සිදු වී නැති බව මට කියන්න පුළුවන්." ඇය සඳහන් කරන්නීය.

    ඔසප් වීම බොහෝ කාන්තාවන්ට දැඩි වේදනාවක් ගෙන දෙන අතරම කොඳු ප්‍රදේශය සහ කලවා ප්‍රදේශය දක්වා අසාමාන්‍ය ලෙස මස් පිඬු පෙරලීම ද ඒ සමග බොහෝ විට සිදු වන්නක්.

    ඒ හේතුවෙන් ඔක්කාරය, හිසරදය සහ උදරාබාධ වැනි තත්වයන් වලට ද ඇතැම් කාන්තාවෝ මුහුණ දෙති.


    _92809509_pain_istock976.jpg


    ඔසප් සමයේ වේදනාවක් ඇති නොවන සේවිකාවන් නිවාඩු ලබා ගැනීමෙන් වැළකී සිටින බව කී චුරාන් ෂෙන් "ඔසප් වීමත් සමග දැනෙන වේදනාවෙන් කාන්තාවන් ගලවා ගැනීමට ස්වභාවධර්මයට පුළුවන් කමක් නැහැ. නමුත් කාන්තාවන් වෙනුවෙන් අපේ සමාජයට කළ හැකි යමක් නැද්ද? පිරිමින්ට ඕක වුනා නම් එවැනි දිනවලට ඔවුන්ට නිවාඩු ලබා දීම සඳහා ව්‍යවස්ථාවෙන්ම නීති සකස් කරලා හුඟක් කල් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා." යනුවෙන් සඳහන් කළාය.

    නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග සිය රැකියා ස්ථානය තුළ සාධනීය වෙනසක් සහ සුහදශීලිත්වය වර්ධනය වී ඇති බවත් චුරාන් ෂෙන් වැඩිදුරටත් කියා සිටියාය.


    Source
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මෙන්න මේකට සෑහෙන්න රිදුනා බන්...

    "පිරිමින්ට ඕක වුනා නම් එවැනි දිනවලට ඔවුන්ට නිවාඩු ලබා දීම සඳහා ව්‍යවස්ථාවෙන්ම නීති සකස් කරලා හුඟක් කල් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා."